යෙදුමෙන් කියවන්න

නිරොධ ධම‍්ම සුත‍්තං

2. 3. 12.

2. 3. 12.

නිරොධ ධම‍්ම සුත‍්තං.

නිරෝධධම්ම සූත්‍රය

193. සාවත්‍ථියං:

193. සැවැත්නුවර:

එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා රාධො භගවන‍්තං එතදවොච : සාධු මෙ භන‍්තෙ, භගවා සඞ‍්ඛිත‍්තෙන ධම‍්මං දෙසෙතු -පෙ- පහිතත‍්තො විහරෙය්‍යන‍්ති.

එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, …: “නිවන් කරා යොමුකළ සිත් ඇති වැ වෙසෙම් ද, භාග්‍යවතුන් වහන්සේ එ බඳු දහමක් සැකෙවින් මට දේශනා කරන සේක්, නම් මැනවැ”යි.

යො ඛො රාධ, නිරොධධම‍්මො තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බො. කො ච රාධ, නිරොධධම‍්මො: රූපං ඛො රාධ, නිරොධධම‍්මො, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බො. වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං නිරොධධම‍්මො තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බො. යො ඛො රාධ, නිරොධධම‍්මො, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බොති.

රාධය, යමෙක් නිරුද්ධ වනසුලු නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. රාධ, කිමෙක් නිරුද්ධ වනසුලු ද යත්: රාධය, රූපය නිරුද්ධ වනසුලු ය. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය නිරුද්ධ වනසුලු යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය, යමෙක් නිරුද්ධ වනසුලු නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකට යුතු යි.

ආයාචනවග‍්ගො තතියො.

තෙවෙනි ආයාචනා වර්‍ග යි

තත්‍රුද‍්දානං:

එහි උද්දානය:

මාරො ච මාරධම‍්මො ච අනිච‍්චෙන’පරෙ දුවෙ ක‍්ඛෙන ච දුවෙ වුත‍්තා අනත‍්තෙන තථෙව ච, ඛයවයසමුදයධම‍්මා නිරොධධම‍්මෙන ද‍්වාදසාති.

මාර-මාරධම්ම, අනිච්ච-අනිච්චධම්ම, දුක්ඛ-දුක්ඛධම්ම, අනත්ත-අනත්තධම්ම, ඛයධම්ම, වයධම්ම, සමුදය ධම්ම හා නිරෝධධම්ම යි සූත්‍ර දොළොසෙකි.