මාර සුත්තං
2. 4. 1.
2. 4. 1.
මාර සුත්තං
මාර සූත්‍රය
194. සාවත්ථියං:
194. සැවැත්නුවර:
අථ ඛො ආයස්මන්තං රාධො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං රාධං භගවා එතදවොච : යො ඛො රාධ, මාරො තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො.
එ කල්හි ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: රාධය, “යමෙක් මාර නම් එහි ලා තොපගේ ඡන්දය පහකට යුතුයැ. රාගය පහකට යුතුයැ, ඡන්දරාගය පහකට යුතුයි.
කො ච රාධ, මාරො: රූපං ඛො රාධ, මාරො, තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො. වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං මාරො, තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො, යො ඛො රාධ, මාරො, තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බොති.
රාධය, කිමෙක් මරු ද යත්: රාධය, රූපය මාර යැ. එහි ලා තොපගේ ඡන්දය පහකටයුතු ය. රාගය පහකටයුතු ය. ඡන්දරාගය පහකටයුතු යි. වේදනාව …සංඥාව … සංස්කාර … විඥානය මාර යැ. එහිලා තොපගේ ඡන්දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්දරාගය පහකටයුතු යි. රාධය යමෙක් මාර නම් එහිලා තොපගේ ඡන්දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්දරාගය පහකටයුතු ය”යි.
2. 4. 2.
2. 4. 2.
මාරධම්ම සුත්තං
මාරධම්ම සූත්‍රය
195. සාවත්ථියං:
195. සැවැත්නුවර:
එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං රාධං භගවා එතදවොච : යො ඛො රාධ, මාරොධම්මො, තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො.
එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: රාධය, යමෙක් මාරධම්ම (මරණ ස්වභාව) නම් එහි ලා තොපගේ ඡන්දය පහකට යුතු යැ, රාගය, පහකටයුතු යැ, ඡන්දරාගය පහකටයුතු යි.
කො ච රාධ, මාරධම්මො: රූපං ඛො රාධ, මාරධම්මො, තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො. වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං මාරධම්මො, තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො, යො ඛො රාධ, මාරධම්මො, තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බොති.
රාධ කිමෙක් මරණ ස්වභාව ද යත්: රාධය, රූපය මැරෙන සුලු යැ. එහි ලා තොපගේ ඡන්දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්දරාගය පහකටයුතු යි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය මැරෙනසුලු ය. එහි ලා තොපගේ ඡන්දය පහකට යුතු යැ, රාගය පහකට යුතු යැ, ඡන්දරාගය පහකට යුතු යි. රාධය යමෙක් මැරෙනසුලු නම් එහි ලා තොපගේ ඡන්දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්දරාගය පහකටයුතු යි.
2. 4. 3.
2. 4. 3.
අනිච්ච සුත්තං
අනිච්ච සූත්‍රය
196. සාවත්ථියං:
196. සැවැත්නුවර:
එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං රාධං භගවා එතදවොච : යං ඛො රාධ, අනිච්චං තත්ර -පෙ- ඡන්දරාගො පහාතබ්බො.
එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: රාධය, යමෙක් අනිත්‍ය නම් එහි … ඡන්දරාගය පහකට යුත්තේ යි.
2. 4. 4.
2. 4. 4.
අනිච්චධම්ම සුත්තං
අනිච්චධම්ම සූත්‍රය
197. සාවත්ථියං:
197. සැවැත්නුවර:
යො ඛො රාධ, අනිච්චධම්මො තත්ර -පෙ- ඡන්දරාගො පහාතබ්බොති.
රාධය යමෙක් අනිත්යධර්ම නම් එහි ... ඡන්දරාගය ප්‍රහාණ කටයුත්තේ යි.
2. 4. 5.
2. 4. 5.
දුක්ඛ සුත්තං
දුක්ඛ සූත්‍රය
198. සාවත්ථියං:
198. සැවැත්නුවර:
යො ඛො රාධ, දුක්ඛං තත්ර -පෙ- ඡන්දරාගො පහාතබ්බොති.
රාධය යමෙක් දුක් නම් එහි … ඡන්දරාගය පහකට යුතු යි.
2. 4. 6.
2. 4. 6.
දුක්ඛධම්ම සුත්තං
දුක්ඛධම්ම සූත්‍රය
199. සාවත්ථියං:
199. සැවැත්නුවර:
යො ඛො රාධ, දුක්ඛධම්මො තත්ර -පෙ- ඡන්දරාගො පහාතබ්බොති.
රාධය යමෙක් දුක්ඛධර්ම නම් එහි … ඡන්දරාගය පහකට යුතු යි.
2. 4. 7.
2. 4. 7.
අනත්ත සුත්තං
අනන්ත සූත්‍රය
200. සාවත්ථියං:
200. සැවැත්නුවර:
යො ඛො රාධ, අනත්තා තත්ර -පෙ- ඡන්දරාගො පහාතබ්බොති.
රාධය යමෙක් අනාත්ම නම් එහි … ඡන්දරාගය පහකට යුතු යි.
2. 4. 8.
2. 4. 8.
අනත්තධම්ම සුත්තං
අනත්තධම්ම සූත්‍රය
201. සාවත්ථියං:
201. සැවැත්නුවර:
යො ඛො රාධ, අනත්තධම්මො තත්ර -පෙ- ඡන්දරාගො පහාතබ්බොති.
රාධය, යමෙක් අනාත්මධර්‍ම නම් එහි … ඡන්දරාගය පහකට යුතු යි.
2. 4. 9.
2. 4. 9.
ඛයධම්ම සුත්තං
ඛයධම්ම සූත්‍රය
202. සාවත්ථියං:
202. සැවැත්නුවර:
යො ඛො රාධ, ඛයධම්මො තත්ර -පෙ- ඡන්දරාගො පහාතබ්බොති.
රාධය, යමෙක් ක්ෂයධර්ම නම් එහි ... ඡන්දරාගය පහකට යුතු යි.
2. 4. 10.
2. 4. 10.
වයධම්ම සුත්තං
වයධම්ම සූත්‍රය
203. සාවත්ථියං:
203. සැවැත්නුවර:
යො ඛො රාධ, වයධම්මො තත්ර -පෙ- ඡන්දරාගො පහාතබ්බොති.
රාධය, යමෙක් ව්‍යයධර්‍ම නම් එහි … ඡන්දරාගය පහකට යුතු යි.
2. 4. 11.
2. 4. 11.
සමුදයධම්ම සුත්තං
සමුදයධම්ම සූත්‍රය
204. සාවත්ථියං:
204. සැවැත්නුවර:
යො ඛො රාධ, සමුදයධම්මො තත්ර -පෙ- ඡන්දරාගො පහාතබ්බොති.
රාධය, යමෙක් සමුදයධර්‍ම නම් එහි … ඡන්දරාගය පහකට යුතු යි.