යෙදුමෙන් කියවන්න

නිරොධධම‍්ම සුත‍්තං

2. 4. 12.

2. 4. 12.

නිරොධධම‍්ම සුත‍්තං

නිරෝධධම්ම සූත්‍රය

205. සාවත්‍ථියං:

205. සැවැත්නුවර:

යො ඛො රාධ, නිරොධධම‍්මො තත්‍ර -පෙ- ඡන්‍දරාගො පහාතබ‍්බොති.

රාධය, යමෙක් නිරුද්ධ වනසුලු නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකට යුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකට යුතු යි.

කො ච රාධ, නිරොධධම‍්මො: රූපං ඛො රාධ, නිරොධධම‍්මො, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බො. වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං නිරොධධම‍්මො, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බො, යො ඛො රාධ, නිරොධධම‍්මො, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බොති.

රාධය, කිමෙක් නිරුද්ධ වනසුලු ද යත්: රාධය, රූපය නිරුද්ධ වනසුලු යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකට යුතු යැ, රාගය පහකට යුතු යැ, ඡන්‍දරාගය පහකට යුතු යි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය නිරුද්ධ වනසුලු ය. එහි ලා තොපගේ ඡන්‍දය පහකට යුතු යැ, රාගය පහකට යුතු යැ, ඡන්‍දරාගය පහකට යුතු යි. රාධය යමක් නිරුද්ධ වනසුලු නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකට යුතු යැ රාගය පහකට යුතු යැ ඡන්‍දරාගය පහකට යුතු ය යි.

උපනිසින‍්නවග‍්ගො චතුත්‍ථො.

සිව්වැනි උපනිසින්න වර්‍ග යි.

තත්‍රුද‍්දානං:

එහි සූත්‍ර නාමාවලිය:

මාරො ච මාරධම‍්මො ච අනිච‍්චෙන’පරෙ දුවෙ දුක‍්ඛෙන ච දුවෙ වුත‍්තා අනත‍්තෙන තථෙව ච, ඛයවයසමුදයධම‍්මා නිරොධධම‍්මෙන ද‍්වාදසාති.

මාර සූත්‍රය ද, මාරධම්ම සූත්‍රය ද, අනිච්ච, අනිච්චධම්ම ය යි අනෙක් සූත්‍ර දෙකෙක් ද, දුක්ඛ, දුක්ඛධම්ම ය යි සූත්‍ර දෙකෙක් ද වදාරන ලදහ. එසේ ම අනත්ත, අනත්තධම්මය යි සූත්‍ර දෙකෙකි. ඛයධම්ම, වයධම්ම, සමුදය ධම්ම සූත්‍රයෝ ද වෙත්. (මෙසේ) නිරෝධධම්ම සූත්‍රයෙන් සූත්‍ර දොළසක් වේ.

(එවං මාරසුත‍්තානි විත්‍ථාරෙතබ‍්බානි, එවං නිරොධධම‍්මෙන ඡත‍්තිංසවෙය්‍යාකරණානි. විත්‍ථාරෙතබ‍්බානි. එවං රාධසුයුත‍්තෙ පිණ‍්ඩිතෙ චතුනවුති වෙය්‍යාකරණානි හොන‍්ති.)

(මෙසේ මාර සූත්‍ර විස්තර කටයුතු යි. මෙසේ නිරෝධධම්ම සූත්‍රයෙන් සතිස් සූත්‍ර කෙනෙක් විස්තර කටයුත්තාහ. මෙසේ රාධ සංයුත්තය පිඬු කළ කල්හි සුඅනු සූත්‍ර කෙනෙක් වෙත්.)

රාධසංයුත‍්තං නිට‍්ඨිතං.

රාධසංයුත්තය නිමි.