වාත සුත‍්තං
3. 1. 1.
3. 1. 1.
වාත සුත‍්තං
වාත සූත්‍රය
206. සාවත්‍ථියං:
206. සැවැත්නුවර:
කිස‍්මිං නු ඛො භික‍්ඛවෙ, සති කිං උපාදාය කිං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති : “න වාතා වායන‍්ති, න නජ‍්ජො සන්‍දන‍්ති, න ගබ‍්භිනියො විජායන‍්ති, න චන්‍දිමසූරියා උදෙන‍්ති වා අපෙන‍්ති වා එසිකට‍්ඨායිට‍්ඨිතාති?
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා කුමකට පිවිස මෙබඳු දෘෂ්ටියක් උපදී ද: “වාතයෝ නො හමති, නදීහු ගලා නො බසිති, ගැබිනියෝ ප්‍රසව නො කෙරෙති, සඳහිරුහු උදා නො වෙති නො ද බැසයෙති (මෙ හැම) ඉන්‍ද්‍රකීල සෙයින් සිටියාහු” දැයි?
භගවම‍්මූලකා නො භන‍්තෙ, ධම‍්මා -පෙ- භගවතො සුත්‍වා භික‍්ඛූ ධාරෙස‍්සන‍්තීති.
වහන්ස, දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ … භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසා භික්‍ෂූහු ධරන්නාහ යි.
රූපෙ ඛො භික‍්ඛවෙ, සති රූපං උපාදාය, රූපං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති : ‘න වාතා වායන‍්ති, න නජ‍්ජො සන්‍දන‍්ති, න ගබ‍්භිනියො විජායන‍්ති, න චන්‍දිමසූරියා උදෙන‍්ති වා අපෙන‍්ති වා එසිකට‍්ඨායිට‍්ඨිතා’ති. වෙදනාය සති -පෙ- සඤ‍්ඤාය සති -පෙ- සඞ‍්ඛාරෙසු සති -පෙ- විඤ‍්ඤාණෙ සති විඤ‍්ඤාණං උපාදාය විඤ‍්ඤාණං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති : “න වාතා වායන‍්ති, න නජ‍්ජො සන්‍දන‍්ති, න ගබ‍්භිනියො විජායන‍්ති, න චන්‍දිමසූරියා උදෙන‍්ති වා අපෙන‍්ති වා එසිකට‍්ඨායිට‍්ඨිතා”ති.
මහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා රූපයට පිවිස “වාතයෝ නො හමති, නදීහු නො ගලාබසිති, ගැබිනීහු ප්‍රසව නො කෙරෙති, සඳහිරුහු නො ද උදාවෙති නො ද බැසයෙති, (මෙ හැම) ඉන්‍ද්‍රකීල සෙයින් සිටියාහු යි මෙබඳු දෘෂ්ටියක් උපදියි. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය නිසා විඥානයට පිවිස “වාතයෝ නො හමති, නදීහු ගලා නොබසිති, ගැබිනීහු ප්‍රසව නො කෙරෙති, සඳ හිරුහු නො ද උදාවෙති නො ද බැසයෙති, (මෙ හැම) ඉන්‍ද්‍රකීලයක් සෙයින් සිටියාහු” යි මෙ බඳු දෘෂ්ටියෙක් උපදී.
තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ, රූපං නිච‍්චං වා අනිච‍්චං වාති?
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද: රූපය නිත්‍ය හෝ වෙයි ද, අනිත්‍ය හෝ වේ ද?
අනිච‍්චං භන‍්තෙ.
වහන්ස, අනිත්‍ය යැ.
යම‍්පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති?
යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද සුව හෝ වේ ද?
දුක‍්ඛං භන‍්තෙ.
වහන්ස, දුක් යැ.
යම‍්පනානිච‍්චං දුක‍්ඛං විපරිනාමධම‍්මං අපි නු තං අනුපාදාය එවං දිට‍්ඨි උප‍්පජ‍්ජෙය්‍ය : “න වාතා වායන‍්ති, න නජ‍්ජො සන්‍දන‍්ති, න ගබ‍්භිනියො විජායන‍්ති, න චන්‍දිමසූරියා උදෙන‍්ති වා අපෙන‍්ති වා එසිකට‍්ඨායිට‍්ඨිතා”ති?
යමෙක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි නම් එය ඇසිරි නො කොට “වාතයෝ නො හමති, නදීහු නො ගලාබසිති, ගැබිනීහු ප්‍රසව නො කෙරෙති, සඳහිරුහු නො ද උදා වෙති, නො ද බැසයෙති, (මෙ හැම) ඉන්‍ද්‍රකීලයක් සෙයින් සිටියාහු “යි මේ බඳු දෘෂ්ටියක් උපදී ද?
නො හෙතං භන‍්තෙ.
වහන්ස, තෙල නො වේ ම යැ.
වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං නිච‍්චං වා අනිච‍්චං වාති.
වේදනාව… සංඥාව … සංස්කාර … විඥානය නිත්‍ය හෝ වෙ යි ද, අනිත්‍ය හෝ වේ ද?
අනිච‍්චං භන‍්තෙ,
වහන්ස, අනිත්‍ය යැ.
යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති?
යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද සුව හෝ වේ දැ යි?
දුක‍්ඛං භන‍්තෙ,
වහන්ස, දුක් යැ.
යං පනානිච‍්චං දුක‍්ඛං විපරිනාමධම‍්මං අපි නු තං අනුපාදාය එවං දිට‍්ඨි උප‍්පජ‍්ජෙය්‍ය : “න වාතා වායන‍්ති, න නජ‍්ජො සන්‍දන‍්ති, න ගබ‍්භිනියො විජායන‍්ති, න චන්‍දිමසූරියා උදෙන‍්ති වා අපෙන‍්ති වා එසිකට‍්ඨායිට‍්ඨිතා”’ති?
යමෙක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි නම් එය නො ඇසුරු කොට “වාතයෝ නො හමති, ගඞ්ගාවෝ නො ගලාබසිති, ගැබිනියෝ ප්‍රසව නො කෙරෙති, සඳහිරුහු නො ද උදාවෙති, නො ද පහ ව යෙත්, ඉන්‍ද්‍රකීලයන් මෙන් සිටියාහු “යි මේ බඳු දෘෂ්ටියෙක් උපදී ද?
නො හෙතං භන‍්තෙ.
වහන්ස, තෙල නො වේ මැ යි.
යම‍්පිදං දිට‍්ඨං, සුතං, මුතං, විඤ‍්ඤාතං, පත‍්තං, පරියෙසිතං, අනුවිචරිතං මනසා, තම‍්පි නිච‍්චං වා අනිච‍්චං වාති?
මේ යමෙකුත් දක්නා ලද්දේ, අසන ලද්දේ, සුඹුනා රසවිඳිනා පහස්නා ලද්දේ, දන්නා ලද්දේ, පැමිණෙන ලද්දේ, සොයන ලද්දේ, සිතින් හැසිරෙන ලද්දේ වේ නම් එයත් නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ ද?
අනිච‍්චං භන‍්තෙ,
වහන්ස, අනිත්‍ය යැ.
යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති?
යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද, සුව හෝ වේ ද?
දුක‍්ඛං භන‍්තෙ,
වහන්ස, දුක් යැ.
යං පනානිච‍්චං දුක‍්ඛං විපරිනාමධම‍්මං අපි නු තං අනුපාදාය එවං දිට‍්ඨි උප‍්පජ‍්ජෙය්‍ය : “න වාතා වායන‍්ති, න නජ‍්ජො සන්‍දන‍්ති, න ගබ‍්භිනියො විජායන‍්ති, න චන්‍දිමසූරියා උදෙන‍්ති වා අපෙන‍්ති වා එසිකට‍්ඨායිට‍්ඨිතා”ති?
යමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට වාතයෝ නො හමති, ගඞ්ගාවෝ නො ගලාබසිති, ගැබිනියෝ ප්‍රසව නො කෙරෙති, සඳහිරුහු නො ද උදාවෙති, නො ද පහවයෙති, ඉන්‍ද්‍රකීලයන් මෙන් නො සැලී සිටියාහු යි මේ බඳු දෘෂ්ටියක් උපදී ද?
නො හෙතං භන‍්තෙ,
වහන්ස, තෙල නො වේ මැ යි.
යතො ඛො භික‍්ඛවෙ, අරියසාවකස‍්ස ඉමෙසු ඡසු ඨානෙසු කඞ‍්ඛා පහීනා හොති, දුක‍්ඛෙ’පිස‍්ස කඞ‍්ඛා පහීනා හොති, දුක‍්ඛසමුදයෙ’පිස‍්ස කඞ‍්ඛා පහීනා හොති, දුක‍්ඛනිරොධෙ’පිස‍්ස කඞ‍්ඛා පහීනා හොති, අයං වුච‍්චති භික‍්ඛවෙ, අරියසාවකො සොතාපන‍්නො අවිනිපාතධම‍්මො නියතො සම‍්බොධිපරායනො”ති.
මහණෙනි,යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවකහට මේ (දිට්ඨ සුත මුත විඤ්ඤාත පත්තපරියේසිත අනුවිචරිත යන) සතැන්හි සැක ප්‍රහීණ වූයේ වේ නම් දුක්ඛයෙහි දු ඔහට සැකය ප්‍රහීණ වූයේ වෙයි. දුක්ඛසමුදයෙහි දු ඔහට සැකය ප්‍රහීණ වූයේ වෙයි, දුක්ඛනිරෝධයෙහි දු ඔහට සැකය ප්‍රහීණ වූයේ වෙයි, දුක්ඛනිරෝධගාමිනී පටිපදායෙහි දු ඔහට සැකය ප්‍රහීණ වූයේ වෙයි මහණෙනි, මේ ආර්‍ය්‍යශ්‍රාවක අපායෙහි නො වැටෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝතාපන්න ය යි කියනු ලැබේ යි.