1. සොතාපත්තිවග්ගො අට්ඨකථා
1. සොතාපත්ති වර්ගය
1. වාත සුත්තවණ්ණනා
1. වාත සූත්‍ර වර්ණනාව
දිට්ඨිසංයුත්තෙ න වාතා වායන්තීතිආදීසු එවං කිර තෙසං දිට්ඨි – “යෙපි එතෙ රුක්ඛසාඛාදීනි භඤ්ජන්තා වාතා වායන්ති, න එතෙ වාතා, වාතලෙසො නාමෙසො, වාතො පන එසිකත්ථම්භො විය පබ්බතකූටං විය ච ඨිතො. තථා යාපි එතා තිණකට්ඨාදීනි වහන්තියො නදියො සන්දන්ති, න එත්ථ උදකං සන්දකි, උදකලෙසො නාමෙස, උදකං පන එසිකත්ථම්භො විය පබ්බතකූටං විය ච ඨිතං. යාපිමා ගබ්භිනියො විජායන්තීති ච වුච්චන්ති, කිඤ්චාපි තා මිලාතුදරා හොන්ති, ගබ්භො පන න නික්ඛමති, ගබ්භලෙසො නාමෙසො, ගබ්භො පන එසිකත්ථම්භො විය පබ්බතකූටං විය ච ඨිතො. යෙපි එතෙ චන්දිමසූරියා උදෙන්ති වා අපෙන්ති වා, නෙව තෙ උදෙන්ති න අපෙන්ති, චන්දිමසූරියලෙසො නාමෙස, චන්දිමසූරියා පන එසිකත්ථම්භො විය පබ්බතකූටං විය ච ඨිතා”ති.
දිට්ඨි සංයුත්තයේ - “න වාතා වායන්ති” යනාදියේ මෙසේ ඔවුන්ගේ දෘෂ්ටියක් වේ. යම් ඒ ගස් අතු ආදිය කඩාබිඳ දමමින් සුළඟ හමත් ද එය වාතය නොවේ. ඒ සුළං ස්වල්පයක් (වාතලේෂයක්) පමණි. වාතය වනාහී නුවර දොරටුව මැද කණුව මෙන් (ඉන්ද්‍රඛීලය) පර්වත කූටයක් මෙන් ස්ථිරව සිටියේය. එසේම තණපත් ආදිය ගෙනයමින් නදීහු ගලාබසිති. මෙහි ජලය ගලා නොබසියි. ජල ස්වල්පයක් පමණක් මෙහි ඇත. ජලය වනාහී ඉන්ද්‍රඛීලය මෙන් මහා පර්වත කූටයක් මෙන් ස්ථිරව පවතින්නකි. යම් ඒ “ගැබිණියෝ වඳයි, දරුවන් බිහිකරයි” යැයි කියත් ද එනමුත් මැලවුණු උදර දරති. ගර්භය වනාහී ඉන්ද්‍රඛීලය මෙන් ද පර්වත කූටයක් මෙන් ද සිටියේය. යමෙක් මේ “ඉර උදාවේ”. “සඳ උදාවේ”. “ඉර-හඳ බැස යයි” ආදී වශයෙන් කියත්ද සඳහිරු දෙදෙන උදා නොවේ. බැස නොයයි. මේ සඳහිරු දෙදෙනාගේ ස්වල්පයකි. (පෙනීම් මාත්‍රයකි.) සඳහිරු දෙදෙන ඉන්ද්‍රඛීලයක් මෙන් ද පර්වත කූටයක් මෙන් ද ස්ථිරව සිටියේය යනුයි.
2-4. එතංමම සුත්තාදිවණ්ණනා
2-4. එතං මම ආදි සූත්‍ර වර්ණනා
දිට්ඨන්තිආදීසු දිට්ඨං රූපායතනං. සුතං සද්දායතනං. මුතං ගන්ධායතනං රසායතනං ඵොට්ඨබ්බායතනං. තඤ්හි පත්වා ගහෙතබ්බතො මුතන්ති ච වුත්තං. අවසෙසානි සත්තායතනානි විඤ්ඤාතං නාම. පත්තන්ති පරියෙසිත්වා වා අපරියෙසිත්වා වා පත්තං. පරියෙසිතන්ති පත්තං වා අපත්තං වා පරියෙසිතං. අනුවිචරිතං මනසාති චිත්තෙන අනුසඤ්චරිතං. ලොකස්මිඤ්හි පරියෙසිත්වා පත්තම්පි අත්ථි, පරියෙසිත්වා නොපත්තම්පි, අපරියෙසිත්වා පත්තම්පි, අපරියෙසිත්වා නොපත්තම්පි. තත්ථ පරියෙසිත්වා පත්තං පත්තං නාම, පරියෙසිත්වා නොපත්තං පරියෙසිතං නාම. අපරියෙසිත්වා පත්තඤ්ච අපරියෙසිත්වා නොපත්තඤ්ච මනසානුවිචරිතං නාම. අථ වා පරියෙසිත්වා පත්තම්පි අපරියෙසිත්වා පත්තම්පි පත්තට්ඨෙන පත්තං නාම, පරියෙසිත්වා නොපත්තමෙව පරියෙසිතං නාම, අපරියෙසිත්වා නොපත්තං මනසානුවිචරිතං නාම. සබ්බං වා එතං මනසා අනුවිචරිතමෙව.
දෘෂ්ටි යනාදියෙහි “දිට්ඨං” යනු රූපායතනයයි. “සුතං” යනු ශබ්දයතනයයි. “මුතං” යනු ගන්ධායතනය ද රසායතනය ද ස්පර්‍ශායතනය ද වේ. මේවාට පැමිණීම අරමුණ ගතයුතු බැවින් “මුතං” (දැනගත්) යනුවෙන් කියන ලදී. අවශේෂ වූ සප්ත ආයතන “විඤ්ඤාතං” නම් වේ. “පත්තං” යනු සොයා හෝ නොසොයා පැමිණි යනුයි. “පරියෙසිතං” යනු පැමිණි හෝ නොපැමිණි සෙවීමයි. “අනුවිචරිතං මනසා” සිතින් අනුව හැසිරෙන ලද්දේ යනුයි. ලෝකයෙහි සොයා බලා පැමිණීමකුත් ඇත. සොයාබලා නොපැමිණීමකුත් ඇත. සොයා නොබලා පැමිණීමකු, සොයා නොබලා නොපැමිණීමකුත් ඇත. එහි සොයා බලා පැමිණීම “පත්තං” නම් වේ. සොයාබලා නොපැමිණිම “පරියෙසිතං” නම් වේ. සොයා නොබලා පැමිණීමත් සොයා නොබලා නොපැමිණීමත් “මනසානුවිචරිතං” නම් වේ. නැතහොත් සොයාබලා පැමිණීමත්, සොයා නොබලා පැමිණීමත්, පැමිණීම් අර්ථයෙන් “පත්තං” (පැමිණීම) නම් වේ. සොයා බලා නොපැමිණීම “පරියෙසිතං” (සෙවීම) නම් වේ. සොයා නොබලා නොපැමිණීම “මනසානුවිචරිතං” (සිතින් හැසිරීම) නම් වේ. මේ සියල්ලෙහිම සිතින් හැසිරුණේමය.
5. නත්ථිදින්නසුත්තවණ්ණනා
5. නත්ථි දින්න සූත්‍ර වර්ණනාව
නත්ථි දින්නන්තිආදීසු නත්ථි දින්නන්ති දින්නස්ස ඵලාභාවං සන්ධාය වදන්ති. යිට්ඨං වුච්චති මහායාගො. හුතන්ති පහෙණකසක්කාරො අධිප්පෙතො. තම්පි උභයං ඵලාභාවමෙව සන්ධාය පටික්ඛිපන්ති. සුකතදුක්කටානන්ති සුකතදුක්කතානං, කුසලාකුසලානන්ති අත්ථො. ඵලං විපාකොති යං ඵලන්ති වා විපාකොති වා වුච්චති, තං නත්ථීති වදන්ති. නත්ථි අයං ලොකොති පරලොකෙ ඨිතස්ස අයං ලොකො නත්ථි. නත්ථි පරො ලොකොති ඉධ ලොකෙ ඨිතස්සපි පරො ලොකො නත්ථි, සබ්බෙ තත්ථ තත්ථෙව උච්ඡිජ්ජන්තීති දස්සෙන්ති. නත්ථි මාතා නත්ථි පිතාති තෙසු සම්මාපටිපත්තිමිච්ඡාපටිපත්තීනං ඵලාභාවවසෙන වදන්ති. නත්ථි සත්තා ඔපපාතිකාති චවිත්වා උප්පජ්ජනකසත්තා නාම නත්ථීති වදන්ති. නත්ථි ලොකෙ සමණබ්රාහ්මණාති ලොකෙ සම්මාපටිපන්නා සමණබ්රාහ්මණා නාම නත්ථීති වදන්ති.
“නත්ථි දින්තං” යනාදියේ “නත්ථි දින්නං” යනු දුන් දෙයෙහි විපාකයක් නැත යන්න සඳහා කියත්. “යිට්ඨං” යනු මහායාන යයි. “හුතං” යනු යැවිය යුතු ත්‍යාගමය සත්කාරය අදහස් වේ. මේ දෙකෙහිම ප්‍රතිඵලයක්-විපාකයක් නැතැයි ප්‍රතික්ෂේප කරන ලදී. “සුකටදුක්කටානං” යනු හොඳ-නරක ක්රියාවන්ය. කුශලාකුශල යන අර්ථයයි. “ඵලං විපාකො” යනු යමක් ඵලයක් හෝ විපාකයක් හෝ වේ යැයි කියත්ද එය නැතැයි කියති යනුයි. “නත්ථි අයං ලොකො” යනු පරලොව සිටියවුන්ට පරලොවක් නැත. සියල්ලෝම ඒ ඒ ලෝකයෙහිදීම විනාශ වෙති-නැසී යති.” යන්න දක්වති. “නත්ථි මාතා නත්ථි පිතා” යනු මාපියන් කෙරෙහි යහපත් හැසිරීම් වැරදි හැසිරීම්වල ප්‍රතිඵලයක් විපාකයක් නැති බව කියති. “නත්ථි සත්තා ඔපපාතිකා” යනු චුතවී උපදින සත්ත්වයෝ නම් නැතැයි කියති. “නත්ථි ලොකෙ සමණ බ්රාහ්මණා” යනු ලෝකයේ යහපත් පිළිවෙත් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නම් නැතැයි කියති.
චාතුමහාභූතිකොති චතුමහාභූතමයො. පථවී පථවීකායන්ති අජ්ඣත්තිකා පථවීධාතු බාහිරං පථවීධාතුං. අනුපෙතීති අනුයාති. අනුපගච්ඡතීති තස්සෙව වෙවචනං, අනුගච්ඡතීතිපි අත්ථො. උභයෙනාපි උපෙති උපගච්ඡතීති දස්සෙන්ති. ආපාදීසුපි එසෙව නයො. ඉන්ද්රියානීති මනච්ඡට්ඨානි ඉන්ද්රියානි. සඞ්කමන්තීති ආකාසං පක්ඛන්දන්ති. ආසන්දිපඤ්චමාති නිපන්නමඤ්චෙන පඤ්චමා, මඤ්චො චෙව, චත්තාරො මඤ්චපාදෙ ගහෙත්වා ඨිතා චත්තාරො පුරිසා චාති අත්ථො. යාව ආළාහනාති යාව සුසානා. පදානීති “අයං එවං සීලවා අහොසි, එවං දුස්සීලො”තිආදිනා නයෙන පවත්තානි ගුණාගුණපදානි. සරීරමෙව වා එත්ථ පදානීති අධිප්පෙතං. කාපොතකානීති කපොතකවණ්ණානි, පාරාවතපක්ඛවණ්ණානීති අත්ථො. භස්සන්තාති භස්මන්තා. අයමෙව වා පාළි. ආහුතියොති යං පහෙණකසක්කාරාදිභෙදං දින්නදානං, සබ්බං තං ඡාරිකාවසානමෙව හොති, න තතො පරං ඵලදායකං හුත්වා ගච්ඡතීති අත්ථො. දත්තුපඤ්ඤත්තන්ති දත්තූහි බාලමනුස්සෙහි පඤ්ඤත්තං. ඉදං වුත්තං හොති – බාලෙහි අබුද්ධීහි පඤ්ඤත්තමිදං දානං, න පණ්ඩිතෙහි. බාලා දෙන්ති, පණ්ඩිතා ගණ්හන්තීති දස්සෙන්ති.
“චතුම්මහා භූතිකො” යනු චාතුර්මහා භූතමය වූ-සිවුමහා භූතයන්ගෙන් නිර්මිත යනුයි. “පඨවී පඨවිකායං” යනු අධ්‍යාත්මික පඨවිධාතුව හා බාහිර පඨවිධාතුවයි. “අනුපෙතී” යනු අනුව යයි. “අනුපගච්ඡති” යනු ඊටම සමාන වදනකි. කරායයි. පැමිණෙයි යන අර්ථයි. මේ දෙපදයෙන්ම සමීපයට යයි. ළඟට යයි යන්න දක්වයි. පැමිණියේය යන්නෙහිද මේ ක්‍රමයයි. “ඉන්ද්රියානි” යනු මනස සයවැනි වූ ඉන්ද්රියයෝ. “සංකමන්ති” යනු අහසේ පැන දුවයි යනුයි. “අසන්දි පඤ්චමා” යනු හොත්තා වූ ඇඳ පස්වැනි කොට ඇති යනුයි. ඇඳේ මැරුණු පුද්ගලයා හා ඇඳ ඔසවාගෙන යන පුරුෂයන් සිවුදෙනා යන පස්දෙන. “යාව ආළාහතා” සොහොන දක්වා යනුයි. “පදානී” යනු මොහු මෙසේ සිල්වත් විය. මෙසේ දුසිල්විය ආදී වශයෙන් පැවති ගුණාගුණ පදයන්. ශරිරයම මෙහිදී පදයැයි කියන ලදී. “කාපොතකානි” පරවිපාට වූ, පරවියන්ගේ පියාපත් පාට වූ යන අර්ථයි. “භස්සන්තා” අළු වූ “භස්මන්තා” යන්නද සුදුසුය. “ආහුතියො” යනු යම් යැවිය යුතු සත්කාර ආදී ප්‍රභේද ඇති දෙන ලද දානාදිය ඇතුළු සියල්ල අළුවීමෙන් අවසන් වේ. ඉන්පසුව විපාක දෙන්නක් වී නොයන්නේය යන අර්ථයි. “දත්තු පඤ්ඤත්තං” යනු ආඥානයන්, බාල මිනිසුන් (මෝඩයන්) පැනවූවකි. “බාල අඥානයන්ගේ පැනවීමක් වන දානය පණ්ඩිතයන් පිළිගන්නා දෙයක් නොවේ” යන්න මෙහිදී කියන ලදී. “බාලයෝ-මෝඩයෝ දෙති. පණ්ඩිතයෝ-නුවණැත්තෝ ගනිති” යන්න දක්වති.
6. කරතො සුත්තවණ්ණනා
6. කරොතො සූත්‍ර වර්ණනාව
කරොතොති සහත්ථා කරොන්තස්ස. කාරයතොති ආණත්තියා කාරෙන්තස්ස. ඡින්දතොති පරෙසං හත්ථාදීනි ඡින්දන්තස්ස. ඡෙදාපයතොති පරෙහි ඡෙදාපෙන්තස්ස. පචතොති දණ්ඩෙන පීළෙන්තස්ස. පචාපයතොති පරෙහි දණ්ඩාදිනා පීළාපෙන්තස්ස. සොචතො සොචාපයතොති පරස්ස භණ්ඩහරණාදීහි සොකං සයං කරොන්තස්සාපි පරෙහි කාරෙන්තස්සාපි. කිලමතො කිලමාපයතොති ආහාරුපච්ඡෙදබන්ධනාගාරපවෙසනාදීහි සයං කිලමෙන්තස්සපි පරෙහි කිලමාපෙන්තස්සපි. ඵන්දතො ඵන්දාපයතොති පරං ඵන්දන්තං ඵන්දනකාලෙ සයම්පි ඵන්දතො පරෙම්පි ඵන්දාපයතො. පාණමතිපාතයතොති පාණං හනන්තස්සපි හනාපෙන්තස්සපි. එවං සබ්බත්ථ කරණකාරාපනවසෙනෙව අත්ථො වෙදිතබ්බො.
“කරතො” යනු සියතින් කරන්නාටය. “කාරයතො” යනු අණකිරීමෙන් කරවන්නාට යනුයි. “ජින්දතො” යනු අනුන්ගේ අත් ආදිය සිඳින්නාටය. “ඡෙදාපයතො” යනු අනුන් ලවා සිඳවන්නාටය. “පචයතො” අනුන් දඬුමුගුරු ආදියෙන් පෙළන්නහුටය. “පචාපයතො” යනු අනුන් ලවා පෙළවන්නහුටය. “සොචතො සොචාපයතො” අනුන්ගේ බඩු පැහැරගැනීම් ආදියෙන් ශෝක ඇතිකිරීම තමාම කිරීම ද අනුන් ලවා කරවීමද යනුයි. “කිලමතො කිලමාපයතො” යනු ආහාර, සිඳීම්, බන්ධනාගාරගත කිරීම් ආදියෙන් අනුන් වෙහෙසන්නහුටද අනුන් ලවා එසේ අන්‍යයන් වෙහෙස කරවන්නහුටද වේ. “එන්දතො එන්දාපයතො” යනු අනුන් බන්ධනවලින් කම්පා කරවයි යනුයි. “පාණමතිපාතයතො” යනු ප්‍රාණය නසන්නාටද අනුන් ලවා නස්වන්නාටද වේ. මෙසේ මේ සෑමදෙය කරන කරවන වශයෙන් අර්ථය අවබෝධ කරගත යුතුයි.
සන්ධින්ති ඝරසන්ධිං. නිල්ලොපන්ති මහාවිලොපං. එකාගාරිකන්ති එකමෙව ඝරං පරිවාරෙත්වා විලුම්පනං. පරිපන්ථෙ තිට්ඨතොති ආගතාගතානං අච්ඡින්දනත්ථං මග්ගෙ තිට්ඨතො. කරොතො න කරීයති පාපන්ති යංකිඤ්චි පාපං කරොමීති සඤ්ඤාය කරොතොපි පාපං න කරීයති, නත්ථි පාපං. සත්තා පන කරොමාති එවංසඤ්ඤිනො හොන්තීති දීපෙන්ති. ඛුරපරියන්තෙනාති ඛුරනෙමිනා, ඛුරධාරසදිසපරියන්තෙන වා. එකමංසඛලන්ති එකමංසරාසිං. පුඤ්ජන්ති තස්සෙව වෙවචනං. තතොනිදානන්ති එකමංසඛලකරණනිදානං.
“සන්ධිං” යනු ගෙවල් සිඳීමයි. “නිල්ලොපං” යනු කොල්ලකෑමයි. “එකාගාරිකං” යනු එකම ගෙයක් පිරිවරාගෙන කොල්ලකෑමයි. “පරිපන්ථෙ තිට්ඨතො” යනු යන එනවුන්ගේ ඇඳිවත පවා බලෙන් පැහැරගැනීමට මගරැක සිටින්නහුගේ යනුයි. “කරොතො න කරීයති පාපං” යනු යම්කිසි පවක් කරමියි යන සංඥාවෙන් යමක් කළත් එය පවක් නොවේ නම් ඔහුට පාපයක් සිදුනොවේ. සත්ත්වයෝ “පවු කරමු” යනුවෙන් මෙබඳු පිළිගැනීම් ඇතිව වෙසේ යැයි දක්වයි. “ඛුරපරියන්තෙන” යනු දැලිපිහිය මෙන් කැපෙන නිම්වළලු ඇති. දැලිපිහිය වැනි දාරයක් වටේට පිහිටි යනුයි. “එකමංසඛලං” යු එකම මස් ගොඩකි. “පුඤ්ජං” යනු ඊටම සමාන වදනකි. “තතො නිදානං” යනු එක්මස් ගොඩක් කිරීමේ හේතුවෙන් යනුයි.
දක්ඛිණන්ති දක්ඛිණතීරෙ මනුස්සා කක්ඛළා දාරුණා, තෙ සන්ධාය හනන්තොතිආදි වුත්තං. උත්තරන්ති උත්තරතීරෙ සද්ධා හොන්ති පසන්නා බුද්ධමාමකා ධම්මමාමකා සඞ්ඝමාමකා, තෙ සන්ධාය දදන්තොතිආදි වුත්තං. තත්ථ යජන්තොති මහායාගං කරොන්තො. දමෙනාති ඉන්ද්රියදමෙන උපොසථකම්මෙන. සංයමෙනාති සීලසංයමෙන. සච්චවජ්ජෙනාති සච්චවචනෙන. ආගමොති ආගමනං, පවත්තීති අත්ථො. සබ්බථාපි පාපපුඤ්ඤානං කිරියමෙව පටික්ඛිපන්ති.
“දක්ඛිණං” යනු දකුණු ගංතීරයේ මිනිස්සු කර්කශය. දරුණුය ඔවුන් සඳහා “ගනන්තො” යනාදිය කියන ලදී. “උත්තරං” උතුරුගං ඉවුරේ ශ්රද්ධාවන්ත, ප්‍රසන්න වූ සිතැති, බුද්ධමාමක වූ, ධර්මමාමක වූ, සංඝමාමක වූ (තෙරුවනට මමත්වය ඇති) ජනයා සඳහා “දදන්තො” යනාදිය කියන ලදී. එහි “යජන්තො” යනු මහායාගයක් කරන්නා වූ යනුයි. “දමෙන” යනු ඉන්ද්රිය දමනයෙන්. පොහොය කිරීමෙන්. “සංයමෙන” යනු සීල සංයමයෙන් - සංවරයෙන් යුතු. “සච්චවජ්ජෙන” යනු සත්‍ය වචනයෙන්. “ආගමො” යනු “පැමීණීම වේ. පවතියි” යන අර්ථයයි. සියලුම ආකාරයෙන් පාප හා පුණ්‍යක්‍රියා ප්‍රතික්ෂේප කරන ලදී.
සයවන සූත්‍රයයි.
7. හෙතු සුත්තවණ්ණනා
7. හේතු සූත්‍ර වර්ණනාව
නත්ථි හෙතු නත්ථි පච්චයොති එත්ථ පච්චයොති හෙතුවෙවචනමෙව. උභයෙනාපි විජ්ජමානමෙව කායදුච්චරිතාදීනං සංකිලෙසපච්චයං, කායසුචරිතාදීනඤ්ච විසුද්ධිපච්චයං පටික්ඛිපන්ති. නත්ථි බලන්ති යම්හි අත්තනො බලෙ පතිට්ඨිතා ඉමෙ සත්තා දෙවත්තම්පි මාරත්තම්පි බ්රහ්මත්තම්පි සාවකබොධිම්පි පච්චෙකබොධිම්පි සබ්බඤ්ඤුතම්පි පාපුණන්ති, තං බලං පටික්ඛිපන්ති. නත්ථි වීරියන්තිආදීනි සබ්බානි අඤ්ඤමඤ්ඤවෙවචනානෙව. “ඉදං නො වීරියෙන, ඉදං පුරිසථාමෙන, ඉදං පුරිසපරක්කමෙන පත්ත”න්ති, එවං පවත්තවචනපටික්ඛෙපකරණවසෙන පනෙතානි විසුං ආදියන්ති.
සත්වන සූත්‍රයේ “නත්ථිහේතු නත්ථි පච්චයා” යනු මෙහි ප්‍රත්‍යය, හේතුව යනු සමාන වදන්ය. මේ පද දෙකින්ම විද්‍යමාන වන්නක්ම කියැවේ. කායදුශ්චරිතාදියෙන් කිලිටි වන හේතුවත්, කාය සුචරිතාදියෙන් පිරිසිදුවන හේතුවත් ප්‍රතික්ෂේප කරන ලදී. “නත්ථිබලං” යනු යම්බඳු තමාගේ බලයෙහි-වීර්යයෙහි පිහිටි මේ සත්ත්වයෝ දේවත්වයට, මාරත්වයට, බ්රහ්මත්වයට, ශ්‍රාවක බෝධියට, පසේ බුද්ධත්වයට, සර්වඥත්වයට පැමිණෙත්ද ඒ බලය-වීර්යය ප්‍රතික්ෂේප කරන ලදී. “නත්ථි විරියං” ආදී පද සියල්ල අන්‍යොන්‍ය වශයෙන් සමාන වූ වචන වේ. මෙය අපගේ වීර්යයෙන්, මෙය පුරුෂ වීර්යයෙන්, මෙය පුරුෂ පරාක්‍රමයෙන් පැමිණි දෙයකැයි මෙසේ පවතින වචනයත්-ව්‍යවහාරයත් ප්‍රතික්ෂේප කිරීම් වශයෙන් මේ පද වෙන වෙනම යොදන ලදී.
සබ්බෙ සත්තාති ඔට්ඨගොණගද්රභාදයො අනවසෙසෙ පරිග්ගණ්හන්ති. සබ්බෙ පාණාති එකින්ද්රියො පාණො, ද්වින්ද්රියො පාණොතිආදිවසෙන වදන්ති. සබ්බෙ භූතාති අණ්ඩකොසවත්ථිකොසෙසු භූතෙ සන්ධාය වදන්ති. සබ්බෙ ජීවාති සාලියවගොධුමාදයො සන්ධාය වදන්ති. තෙසු හි තෙ විරුහනභාවෙන ජීවසඤ්ඤිනො. අවසා අබලා අවීරියාති තෙසං අත්තනො වසො වා බලං වා වීරියං වා නත්ථි. නියතිසඞ්ගතිභාවපරිණතාති එත්ථ නියතීති නියතතා. සඞ්ගතීති ඡන්නං අභිජාතීනං තත්ථ තත්ථ ගමනං. භාවොති සභාවොයෙව. එවං නියතියා ච සඞ්ගතියා ච භාවෙන ච පරිණතා නානප්පකාරතං පත්තා. යෙන හි යථා භවිතබ්බං, සො තථෙව භවති. යෙන න භවිතබ්බං, සො න භවතීති දස්සෙන්ති. ඡස්වෙවාභිජාතීසූති ඡසු එව අභිජාතීසු ඨත්වා සුඛඤ්ච දුක්ඛඤ්ච පටිසංවෙදෙන්ති, අඤ්ඤා සුඛදුක්ඛභූමි නත්ථීති දස්සෙන්ති.
“සබ්බෙ සත්තා” යනුවෙන් ඔටු, ගොන්, කොටළු ආදී සියලු සත්ත්වයෝ ඉතිරි නොකොට සම්පූර්ණයෙන්ම අදහස් කරයි. “සබ්බෙපාණා” යනු ඒකීන්ද්‍රිය ප්‍රාණීහු - ද්විතීන්ද්රිය ප්‍රාණීහු ආදී වශයෙන් පවසති. “සබ්බෙජීවා” යනු හැල්, යව, තිරිඟු ආදිය සඳහා කියන ලදී. ඒවායෙහි වර්ධනය වීම් අර්ථයෙන් “ජීවී” සංඥාව ඇති ජීවීහුය. “අවසා අබලා අවිරියා” යනු ඔවුන්ට තමාගේ වශයෙන් හෝ බලයක් හෝ වීර්යයක් හෝ නැත යනුයි. “නියති සංගති භාවපරිණතා” යන මෙහි “නියති” යනු නියත වශයෙනි. “සංගති” යනු සවැදෑරුම් නැවත ඉපදීම් ඇත්තවුන්ගේ (අභිජාතීන්ගේ) ඒ ඒ තැන යෑමයි. “භාවො” යනු ස්වභාවයමයි. මෙසේ නියත වශයෙන්ද සංක්‍රමණ වශයෙන්ද ස්වභාව වශයෙන්ද නන්වැදෑරුම් බවට, පරිණතියට පැමිණි. යමකින් යම්සේ විය යුතුනම් එය එසේ වෙයි. යමක් නොවිය යුතුනම් එය නොවෙයි” යනුවෙන් දක්වති. “ඡව්සෙවාභිජාතීසු” යනු සවැදෑරුම් වූම අභිජාතීන්හි සිට සැප ද දුක ද විඳිනු ලැබෙති. අනික් සුව-දුක් භූමියක් නැතැයි දක්වති.
8-10. මහාදිට්ඨි සුත්තාදිවණ්ණනා
8-10. මහාදිට්ඨි ආදි සූත්‍ර වර්ණනා
අකටාති අකතා. අකටවිධාති අකතවිධානා, “එවං කරොහී”ති කෙනචි කාරිතාපි න හොන්තීති අත්ථො. අනිම්මිතාති ඉද්ධියාපි න නිම්මිතා. අනිම්මාතාති අනිම්මාපිතා. “අනිම්මිතබ්බා”තිපි පාඨො, න නිම්මිතබ්බාති අත්ථො. වඤ්ඣාති වඤ්ඣපසුවඤ්ඣතාලාදයො විය අඵලා කස්සචි අජනකා. පබ්බතකූටං විය ඨිතාති කූටට්ඨා. එසිකට්ඨායිනො විය හුත්වා ඨිතාති එසිකට්ඨායිට්ඨිතා, යථා සුනිඛාතො එසිකත්ථම්භො නිච්චලො තිට්ඨති, එවං ඨිතාති අත්ථො. න ඉඤ්ජන්තීති එසිකත්ථම්භො විය ඨිතත්තා න චලන්ති. න විපරිණමන්තීති පකතිං න විජහන්ති. න අඤ්ඤමඤ්ඤං බ්යාබාධෙන්තීති අඤ්ඤමඤ්ඤං න උපහනන්ති. නාලන්ති න සමත්ථා. පථවීකායොතිආදීසු පථවීයෙව පථවීකායො, පථවීසමූහො වා. සත්තන්නංත්වෙව කායානන්ති යථා මුග්ගරාසිආදීසු පහටං සත්ථං මුග්ගරාසිආදීනං අන්තරෙනෙව පවිසති, එවං සත්තන්නං කායානං අන්තරෙන ඡිද්දෙන විවරෙන සත්ථං පවිසති. තත්ථ “අහං ඉමං ජීවිතා වොරොපෙමී”ති කෙවලං සඤ්ඤාමත්තමෙව හොතීති දස්සෙන්ති.
“අකටා” යනු නොකරන ලද යනුයි. “අකටවිධා” යනු නොකළ විධාන ඇති. “මෙසේ කරව”යි, “කිසිවකු විසින් කරවන්නෙකු නැත” යන අර්ථයි. “අනිච්චිතා” යනු ඍද්ධියෙන් නොමවන ලදී යනුයි. “අනිම්මාතා” යනු අන් අයුරකින්ද නිර්මාණය නොවූ යනුයි. “අනිම්මිතබ්බා” යන පාඨයද සුදුසුය. නොමවන ලද යන අර්ථයි. “වඤ්ඣා” යනු වඳ තිරිසන් - වඳ කල් ආදිය මෙන් ඵල නැති කිසිවක් නූපදවන යනුයි. පර්වත කූටයක් මෙන් සිටි බැවින් “කූටට්ඨා” නම් වේ. ඉන්ද්‍රඛීලයක් මෙන් නොසෙල්වී සිටින “ඵසිකට්ඨායීට්ඨිතා”. යම්සේ මනාව පිහිටවූ ඉන්ද්‍රඛීලය නිශ්චලව සිටියිද එසේ නොසෙල්වී සිටි යන අර්ථයි. “න ඉඤ්ජන්ති” යනු ඉන්ද්රඛීල ස්තම්භය මෙන් සිටි බැවින් නොසෙල්වෙති යනුයි. “න විපරිණමන්ති” යනු ප්‍රකෘති ස්වභාවය අත්නොහරිති යනුයි. “න අඤ්ඤමඤ්ඤං ව්යාබාධෙන්ති” යනු ඔවුනොවුන්ට බාධා නොවෙති යනුයි. “නාලං” යනු අසමත් වූ යනුයි. “පඨවී කායො” යනාදියේ පඨවි ධාතුවම, පඨවිකාය හෝ පඨවි සමූහය වේ. “සත්තන්නං ත්වෙවකායානං” යනු යම්සේ මුංඇට ගොඩකට ගැසූ සැක ඒ මුංඇට සමූහය අතුරින්ම පිවිසේද එලෙසින්ම සත්වැදෑරුම් කය අතරින් සිදුරකින්, විවරයකින් සැත පිවිසෙයි. එහි “මම මේ දිවිය තොර කරන්නෙමි”යි හුදෙක් එසේ හැඟීම් මාත්‍රයම වේයැයි දක්වති.
යොනිපමුඛසතසහස්සානීති පමුඛයොනීනං උත්තමයොනීනං චුද්දසසතසහස්සානි අඤ්ඤානි ච සට්ඨිසතානි අඤ්ඤානි ච ඡසතානි පඤ්ච ච කම්මුනො සතානීති පඤ්චකම්මසතානි චාති කෙවලං තක්කමත්තකෙන නිරත්ථකදිට්ඨිං දීපෙන්ති. පඤ්ච ච කම්මානි තීණි ච කම්මානීතිආදීසුපි එසෙව නයො. කෙචි පනාහු “පඤ්ච කම්මානීති පඤ්චින්ද්රියවසෙන ගණ්හන්ති, තීණීති කායකම්මාදිවසෙනා”ති. කම්මෙ ච අඩ්ඪකම්මෙ චාති එත්ථ පනස්ස කායකම්මවචීකම්මානි කම්මන්ති ලද්ධි, මනොකම්මං උපඩ්ඪකම්මන්ති. ද්වට්ඨිපටිපදාති ද්වාසට්ඨිපටිපදාති වදන්ති. ද්වට්ඨන්තරකප්පාති එකස්මිං කප්පෙ චතුසට්ඨි අන්තරකප්පා නාම හොන්ති, අයං පන අඤ්ඤෙ ද්වෙ අජානන්තො එවමාහ.
“යොනි පමුඛසතසහස්සානී” යනු උතුම් යෝනි, ප්රමුඛ යෝනි තුදුස් ලක්ෂයකි. “අන්‍ය වූ යෝනි සයදාහක් ද හයසීයක් ද වේ. කර්ම පන්සීයකි.”යි හුදෙක් තර්ක මාත්‍ර වූ නිරර්ථක දෘෂ්ටිය දක්වයි. “පඤ්ච කම්මානි තීණිච කම්මානී” යනාදියෙහි ද මේ ක්රමයම වේ. ඇතැම්හු (අභයගිරිකාදී) මෙසේ කියති. පඤ්ච ඉන්ද්රිය වශයෙන් පඤ්ච කර්මයන් ද කර්මාදිය වශයෙන් ත්‍රිවිධ කාය කර්ම ද ගනිති. “කම්මෙ ච අඩ්ඪකම්මෙ ච” යන මෙහි කාය-වාග් කර්මයෝ පූර්ණ කර්ම යැයි ද මනෝ කර්මය අර්ධ කර්මයකැයිද යන පිළිගැනීම (ලබ්ධිය). “ද්වට්ඨිපටිපදා” යනු දෙසැටක් ප්‍රතිපදාවෝ යැයි කියති. “ද්වට්ඨන්තරකප්පා” යනු එක් කල්පයක අතුරුකල්ප සැටසතරක් වෙති. මෙය වනාහී අනික් දෙක නොදක්නා බැවින් කියන ලද්දකි.
ඡළාභිජාතියොති කණ්හාභිජාති නීලාභිජාති ලොහිතාභිජාති හලිද්දාභිජාති සුක්කාභිජාති පරමසුක්කාභිජාතීති ඉමා ඡ අභිජාතියො වදන්ති.
“ඡළාභිජාතියො” යනු කණ්හාභිජාතිය, නීලාභිජාතිය, ලොහිතාභිජාතිය, භළිද්දාභිජාතිය, සුක්කාභිජාතිය හා පරමසුක්කාභිජාතිය (කළු-නිල්-රතු-කහ-සුදු හා පරම සුදුසු උසස් ජාතීහු) යන මේ සයක් වූ උසස් ඉපදීම් යැයි කියති.
තත්ථ ඔරබ්භිකා සූකරිකා සාකුණිකා මාගවිකා ලුද්දා මච්ඡඝාතකා චොරා චොරඝාතකා බන්ධනාගාරිකා, යෙ වා පනඤ්ඤෙපි කෙචි කුරූරකම්මන්තා, අයං කණ්හාභිජාතීති වදන්ති. භික්ඛූ නීලාභිජාතීති වදන්ති. තෙ කිර චතූසු පච්චයෙසු කණ්ටකෙ පක්ඛිපිත්වා ඛාදන්ති, “භික්ඛූ ච කණ්ටකවුත්තිකා”ති (අ· නි· 6.57) අයං හිස්ස පාළි එව. අථ වා කණ්ටකවුත්තිකා එව නාම එකෙ පබ්බජිතාති වදන්ති. ලොහිතාභිජාති නාම නිගණ්ඨා එකසාටකාති වදන්ති. ඉමෙ කිර පුරිමෙහි ද්වීහි පණ්ඩරතරා. ගිහී ඔදාතවසනා අචෙලකසාවකා හලිද්දාභිජාතීති වදන්ති. එවං අත්තනො පච්චයදායකෙ නිගණ්ඨෙහිපි ජෙට්ඨකතරෙ කරොන්ති. ආජීවකා ආජීවිනියො අයං සුක්කාභිජාතීති වදන්ති. තෙ කිර පුරිමෙහි චතූහි පණ්ඩරතරා. නන්දො වච්ඡො, කිසො සංකිච්චො, මක්ඛලි ගොසාලො පරමසුක්කාභිජාතීති වදන්ති. තෙ කිර සබ්බෙහි පණ්ඩරතරා.
එහි බැටළුවන් මරන්නෝ, ඌරන් මරන්නෝ, කුරුල්ලන් මරන්නෝ, මුව වැද්දෝ, වැද්දෝ, මාළු මරන්නෝ, සොරු, චෝර ඝාතකයෝ, බන්ධනාගාරිකයෝ ආදී යම්කිසි දරුණු ක්‍රියා කරන සැමදෙන කණ්හාභිජාති නම් වෙති. භික්ෂූහු නීලාභිජාති වේ යැයි කියති. ඔවුහු වනාහි සිවුපසය කටුවක දමා කති, භික්ෂූන්ද කණ්ටක පැවැතුම් ඇතැයි පාළියේ කියැවේ. නැතිනම් කණ්ටක පැවතුම් ඇත්තෝම පැවිද්දෝ යැයි කියති. ඒකසාටික නිගණ්ඨයෝ ලෝහිතාභිජාතීහු නම් වෙති. මේ මුලින් කී දෙපිරිසට වඩා සුදුම සුදු වූ, ගිහි සුදුවත් හැඳගත් අචේලක ශ්‍රාවකයෝ භළිද්දාභිජාතීහු නම් වෙති. මෙසේ තමාට ප්රත්යදායක වූ නිගණ්ඨයන්ට ද වඩා ජ්‍යෙෂ්ඨ වූවෝත් කරති. ආජීවකයෝ හා ආජීවිකාවෝ මේ සුක්කාභිජාතීහු යැයි කියති. ඔවුහු වනාහි මුලින් පැවසූ සිවු පිරිසට වඩා සුදුම සුදු වේ. නන්ද, වච්ඡ, කිස, සංකිච්ච හා මක්ඛලී ගෝසාල යන සැමදෙන පරම සුක්කාභිජාතීහු වෙත් යැයි කියති. මොවුහු වනාහි සියල්ලන්ට ම වඩා සුදු වූවෝය.
අට්ඨ පුරිසභූමියොති මන්දභූමි ඛිඩ්ඩාභූමි වීමංසකභූමි උජුගතභූමි සෙඛභූමි සමණභූමි ජානනභූමි පන්නභූමීති ඉමා අට්ඨ පුරිසභූමියොති වදන්ති.
“අට්ඨපුරිස භූමියො” යනු මන්දභූමි, චිඩ්ඩා භූමි, වීමංසක භූමි, උජුගත භූමි, සෙඛ භූමි, ශ්‍රමණ භූමි, ජානන භූමි හා පන්න භූමි යන මේ අටවැදෑරුම් වූ පුරුෂ භූමියෝ යැයි කියති.
තත්ථ ජාතදිවසතො පට්ඨාය සත්ත දිවසෙ සම්බාධට්ඨානතො නික්ඛන්තත්තා සත්තා මන්දා හොන්ති මොමූහා, අයං මන්දභූමීති වදන්ති. යෙ පන දුග්ගතිතො ආගතා හොන්ති, තෙ අභිණ්හං රොදන්ති චෙව විරවන්ති ච, සුගතිතො ආගතා තං අනුස්සරිත්වා අනුස්සරිත්වා හසන්ති, අයං ඛිඩ්ඩාභූමි නාම. මාතාපිතූනං හත්ථං වා පාදං වා මඤ්චං වා පීඨං වා ගහෙත්වා භූමියං පදනික්ඛිපනං වීමංසකභූමි නාම. පදසා ගන්තුං සමත්ථකාලො උජුගතභූමි නාම. සිප්පානි සික්ඛනකාලො සෙඛභූමි නාම. ඝරා නික්ඛම්ම පබ්බජනකාලො සමණභූමි නාම. ආචරියං සෙවිත්වා ජානනකාලො ජානනභූමි නාම. “භික්ඛු ච පන්නකො ජිනො න කිඤ්චි ආහා”ති එවං අලාභිං සමණං පන්නභූමීති වදන්ති.
එහි උපන්දිනයේ පටන් සත්දිනක් තුල සම්බාධ-කරදර සහිත තැනින් නික්ම යන සත්ත්වයෝ ‘මන්ද’ නම් වෙති. මේ මුළාවූවෝ “මන්ද භූමි” යැයි කියති. යමෙක් දුගතියෙන් පැමිණියෝ වෙත්ද ඔවුහු නිතර හඬති. එමෙන්ම කෑගසති. සුගතියෙන් පැමිණියෝ එය සිහිකර සිනාසෙති. මේ “විඩ්ඩා භූමි” නම් වේ. මවුපියන්ගේ අත හෝ පය හෝ ඇඳ හෝ පුටු හෝ ගෙන බිම පා තැබීම “වීමංසක භූමි” නම් වේ. පියවර තබා යෑමට සමත් වූ අවස්ථාව උජුගත භූමි නම් වේ. ශිල්ප උගන්නා කාලය සේඛභූමි නම් වේ. ගෙදරින් නික්ම පැවිදිවන අවස්ථාව සමණ භූමි නම් වේ. ගුරුවරු සොයමින් කරුණු දැනගන්නා අවස්ථාව ජානන භූමි නම් වේ. භික්ෂුවද පහතට වැටුනේ, දිරාගියේ කිසිවක් නොලබයි. මෙසේ නොලබන ශ්‍රමණයා පන්නභූමි නම් වේ.
එකූනපඤ්ඤාස ආජීවකසතෙති එකූනපඤ්ඤාස ආජීවවුත්තිසතානි. පරිබ්බාජකසතෙති පරිබ්බාජකපබ්බජ්ජාසතානි. නාගවාසසතෙති නාගමණ්ඩලසතානි. වීසෙ ඉන්ද්රියසතෙති වීස ඉන්ද්රියසතානි. තිංසෙ නිරයසතෙති තිංස නිරයසතානි. රජොධාතුයොති රජඔකිරණට්ඨානානි. හත්ථපිට්ඨිපාදපිට්ඨාදීනි සන්ධාය වදති. සත්ත සඤ්ඤීගබ්භාති ඔට්ඨගොණගද්රභඅජපසුමිගමහිංසෙ සන්ධාය වදති. සත්ත අසඤ්ඤීගබ්භාති සාලියවගොධුමමුග්ගකඞ්ගුවරකකුද්රූසකෙ සන්ධාය වදති. නිගණ්ඨිගබ්භාති ගණ්ඨිම්හි ජාතගබ්භා, උච්ඡුවෙළුනළාදයො සන්ධාය වදති. සත්ත දෙවාති බහූ දෙවා, සො පන සත්තාති වදති. මනුස්සාපි අනන්තා, සො සත්තාති වදති. සත්ත පෙසාචාති පිසාචා මහන්තමහන්තා, සත්තාති වදති. සරාති මහාසරා. කණ්ණමුණ්ඩ-රථකාර-අනොතත්ත-සීහප්පපාත-ඡද්දන්ත-මුචලින්ද-කුණාලදහෙ ගහෙත්වා වදති.
“එතූනපඤ්ඤාස ආජීවසතෙ” යනු ආජීව වෘර්ති හාරදහස් නවසීයකි. “පරිබ්බාජක සතෙ” යනු පරිබ්‍රාජක පැවිද්දෝ හාරදහස් නවසීයකි. “නාගාවස්සතෙ” යනු නාගමණ්ඩල ද එබඳු සංඛ්‍යාවකි. “වීසෙ ඉන්ද්රියසතෙ” යනු ඉන්ද්රිය එකසිය විස්සකි. “තිංසෙ නිරය සතෙ” යනු නිරය එකසිය තිහකි. “රජොධාතුයො” යනු දූවිලි වැගිරෙන ස්ථාන. අත් පිට, පා පිට ආදිය සඳහා කියන ලදී. “සත්ත සඤ්ඤී ගබ්භා” යනු ඔටු ගොන්-කොටළු-එළු-ගව-මුව-මී ආදීන් සඳහා කියන ලදී. “සත්ත අසඤ්ඤී ගබ්භා” යනු හැල්, යව, තිරිඟු, මුං, තණහාල්, වරක, කුරක්කන් සඳහා කියන ලදී. “සත්ත නිගණ්ඨි ගබ්භා” යනු පුරුකෙහි හටගත් ගැබ් ඇති උණ, උක්, බට ආදිය සඳහා කිය ලදී. “සත්ත දිබ්බා” යනු බොහෝ දෙවියෝ. “දේව ගර්භ සතකි”යි කියයි. “සත්ත පෙසාච” (පිසාචා) “මහත් මහත් වූ පිසාච ගර්භ සතකි”යි කියයි. “සරා” යනු මහවිල්ය. කණ්ණ, මුණ්ඩ, රථකාර, අනෝතත්ත, සීහප්පපාත, ඡද්දන්ත, මුචලින්ද, කුණාලාදී වැව්-මහවිල් සඳහා කියන ලදී.
පවුටාති ගණ්ඨිකා. පපාතාති මහාපපාතා. පපාතසතානීති ඛුද්දකපපාතසතානි. සුපිනාති මහාසුපිනා. සුපිනසතානීති ඛුද්දකසුපිනසතානි. මහාකප්පිනොති මහාකප්පානං. එත්ථ එකම්හා මහාසරා වස්සසතෙ වස්සසතෙ කුසග්ගෙන එකං උදකබින්දුං නීහරිත්වා සත්තක්ඛත්තුං තම්හි සරෙ නිරුදකෙ කතෙ එකො මහාකප්පොති වදති. එවරූපානං මහාකප්පානං චතුරාසීතිසතසහස්සානි ඛෙපෙත්වා බාලෙ ච පණ්ඩිතෙ ච දුක්ඛස්සන්තං කරොන්තීති අයමස්ස ලද්ධි. පණ්ඩිතොපි කිර අන්තරාවිසුජ්ඣිතුං න සක්කොති, බාලොපි තතො උද්ධං න ගච්ඡති.
“පවුධ” යනු මහගැටය. “පපාතා” යනු මහා ප්රපාතයෝය. “පපාත සතානි” කුඩා ප්‍රපාත සීයකි. “සුපිතා” මහසිහින්ය. “සුපිනසතානී” යනු කුඩා සිහින සීයකි. “මහාකප්පුනො” යනු මහාකල්පයන්ය. මෙහි එක් මහවිලකින් වසර සීයක් පාසා, කුසතණ අගකින් එක් දියබිඳුවක් බැහැර කර, සත්වරක් ඒ මහා විල්වල දිය සිඳුවයිද එම කාලය එක් මහා කල්පයකි. මෙබඳු මහා කල්ප අසූහතර ලක්ෂයක් ගෙවීමෙන් බාලයෝ ද පඬිවරුද දුක් කෙළවර කරති. මෙය ඔහුගේ පිළිගැනීමයි. පඬිවරුද වුවත් මේ කල්ප ගෙවීමට පෙර, අතරමගදී පිරිසිදු වීමට නොහැකි වෙති. මෝඩයෝ වුවත් මේ කල්ප ඉක්මවා නූපදිති.
සීලෙන වාති අචෙලකසීලෙන වා අඤ්ඤෙන වා යෙන කෙනචි. වතෙනාති තාදිසෙනෙව වතෙන. තපෙනාති තපොකම්මෙන. අපරිපක්කං පරිපාචෙති නාම යො “අහං පණ්ඩිතො”ති අන්තරා විසුජ්ඣති. පරිපක්කං ඵුස්ස ඵුස්ස බ්යන්තීකරොති නාම යො “අහං බාලො”ති වුත්තපරිමාණකාලං අතික්කමිත්වා යාති. හෙවං නත්ථීති එවං නත්ථි. තඤ්හි උභයම්පි න සක්කා කාතුන්ති දීපෙති. දොණමිතෙති දොණෙන මිතං විය. සුඛදුක්ඛෙති සුඛදුක්ඛං. පරියන්තකතෙති වුත්තපරිමාණෙන කාලෙන කතපරියන්තො. නත්ථි හායනවඩ්ඪනෙති නත්ථි හායනවඩ්ඪනානි, න සංසාරො පණ්ඩිතස්ස හායති, න බාලස්ස වඩ්ඪතීති අත්ථො. උක්කංසාවකංසෙති උක්කංසාවකංසා. හායනවඩ්ඪනානමෙවෙතං වෙවචනං.
“සීලෙන වා” යනු අචේලකයාගේ සීලයෙන් හෝ අනික් කිසිවකින් හෝ ය. “වතෙන වා” යනු එබඳුම ව්රතයකින්ය. “තපෙන” යනු තපසින්ය. “අපරිපක්කං පරිපාචෙති” යනු ‘යමෙක් මම පණ්ඩිතයෙකි’යි අතරතුරදී පිරිසිදු වේ. (මුහුකුරා නොගිය කර්ම මුහුකුරා යවයි. “පරිපක්කං ඵුස්ස ඵුස්ස බ්යන්තී කරොති” යනු (මුහුකුරා ගිය කර්මය විඳ විඳ කෙළවර කරන්නෙමි.) යමෙක් “මම බාලයෙකැ”යි කියූ ප්‍රමාණාත්මක කාලය ඉක්මවා යයි. “හෙවං නත්ථි” යනු එසේ එබඳු දෙයක් නැත යනුයි. මේ දෙකම කිරීමට නොහැකැයි දක්වයි. “දොණමිතෙ” යනු ද්‍රෝණයෙන් මැන්නාක් මෙන් යනුයි. “සුඛදුක්ඛෙ” යනු සැප හා දුකයි. “පරියන්තකටෙ” යනු කියන ලද ප්‍රමාණාත්මක කාලය අවසන් කල කල්හිය. “නත්ථි හායන වඩ්ඪනෙ” යනු සසර පිරිහීමක්, වැඩීමක් නැත. සංසාරය පඬිවරයාට පිරිහේ. ගෙවීයයි. මෝඩයාට වැඩේ. වර්ධනය වේ යන මෙකරුණු සිදු නොවේ යන අර්ථයයි. “උක්කුං සාවකංසෙ” යනු සසර නැගීමක්-බැසීමක් නැත යනුයි. පිරිහීම්-වැඩීම් දෙකටම මෙය සමාන වදන් වේ.
ඉදානි තමත්ථං උපමාය සාධෙන්තො සෙය්යථාපි නාමාතිආදිමාහ. තත්ථ සුත්තගුළෙති වෙඨෙත්වා කතසුත්තගුළෙ. නිබ්බෙඨියමානමෙව පලෙතීති පබ්බතෙ වා රුක්‍ඛග්ගෙ වා ඨත්වා ඛිත්තං සුත්තප්පමාණෙන නිබ්බෙඨියමානමෙව ගච්ඡති, සුත්තෙ ඛීණෙ තත්ථෙව තිට්ඨති, න ගච්ඡති එවමෙව බාලා ච පණ්ඩිතා ච කාලවසෙන නිබ්බෙඨියමානා සුඛදුක්ඛං පලෙන්ති, යථාවුත්තෙන කාලෙන අතික්කමන්තීති දස්සෙති.
දැන් මේ අර්ථය උපමාවකින් දක්වනුයේ “සෙය්යථාපි නාම” යනාදිය දෙසන ලදී. එහි “සුත්තගුළෙ” යනු වෙළා කරන ලද නූල් බෝලයක්ය. “නිබ්බෙඨීයමානමෙව පලෙතී” යනු පර්වතයේ හෝ ගසක අග හෝ සිට දමන ලදුයේ නූලේ ප්‍රමාණය දක්වාම ගොස් නැවතී ඒවාම යයි. නූල නිමවූ විට එතැනම නූල නැවතීමට යයි. ඉදිරියට නොයයි. මෙලෙසින්ම බාලයන්ද පණ්ඩිතයන්ද කාල වශයෙන් ගෙනයනු ලබනුයේ සුවදුක් විඳිති. කියන ලද කාල ප්‍රමාණය නො ඉක්මවයි යනුවෙන් දක්වයි.
11-18. අන්තවා සුත්තාදිවණ්ණනා
11-18. අන්තවත් ආදි සූත්‍ර වර්ණනා
අන්තවා ලොකොති එකතො වඩ්ඪිතනිමිත්තං ලොකොති ගාහෙන වා තක්කෙන වා උප්පන්නදිට්ඨි. අනන්තවාති සබ්බතො වඩ්ඪිතං අප්පමාණනිමිත්තං ලොකොති ගාහෙන වා තක්කෙන වා උප්පන්නදිට්ඨි. තං ජීවං තං සරීරන්ති ජීවඤ්ච සරීරඤ්ච එකමෙවාති උප්පන්නදිට්ඨි. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති. ඉමානි තාව සොතාපත්තිමග්ගවසෙන අට්ඨාරස වෙය්යාකරණානි එකං ගමනං.
“අන්තවා ලොකො” යනු ඇතැමුන් වඩන ලද නිමිත්තකි. ලෝකය යැයි ගැනීමෙන් හෝ තර්කයෙන් උපන් දෘෂ්ටියකි. “අනන්තවා” යනු සෑම අතින්ම වඩන ලද අප්‍රමාණ වූ නිමිත්තකි. “ලෝකය” යැයි ගැනීමෙන් හෝ තර්කයෙන් හෝ උපන් දෘෂ්ටියයි. “තං ජීවං තං සරීරං” යනු ජීවයද ශරීරයද එකක්මයැයි උපන් දෘෂ්ටියයි. සෙසු පදාර්ථ ප්‍රකටමය. මේ දක්වා සෝතාපත්ති මාර්ග වශයෙන් අටළොස් ව්‍යාකරණයන්ගේ එක් ගමනකි.