නොචමෙසියා සුත‍්තං
3. 1. 4.
3. 1. 4.
නොචමෙසියා සුත‍්තං
නො ච මෙ සියා සූත්‍රය
209. සාවත්‍ථියං:
209. සැවැත්නුවර:
කිස‍්මිං නු ඛො භික‍්ඛවෙ, සති කිං උපාදාය කිං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති : නො චස‍්සං නො ච මෙ සියා න භවිස‍්සාමි න මෙ භවිස‍්සතී’ති.
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස ඉදින් (මම්) නො වන්නෙම් නම් මට (පස්කඳෙක්) නො ද වන්නේ යැ. (මතු ද මම්) නො වන්නෙම් නම් (මතු ද) මට (පස්කඳෙක්) නො වන්නේ ය”යි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි?
භගවම‍්මූලකා නො භන‍්තෙ ධම‍්මා -පෙ-
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. …
රූපෙ ඛො භික‍්ඛවෙ, සති රූපං උපාදාය රූපං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති : නො චස‍්සං නො ච මෙ සියා න භවිස‍්සාමි න මෙ භවිස‍්සතීති. වෙදනාය සති -පෙ- සඤ‍්ඤාය සති -පෙ- සඞ‍්ඛාරෙසු සති -පෙ- විඤ‍්ඤාණෙ සති විඤ‍්ඤාණං උපාදාය විඤ‍්ඤාණං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති : නො චස‍්සං නො ච මෙ සියා න භවිස‍්සාමි න මෙ භවිස‍්සතීති.
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස ඉදින් (මම්) නො වන්නෙම් නම් මට (පස්කඳෙක්) නො ද වන්නේ යැ. (මතු ද මම) නො වන්නෙම් නම් (මතු ද) මට (පස්කඳෙක්) නො වන්නේ ය යි මෙබඳු දෘෂ්ටියක් උපදියි. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස ඉදින් (මම්) නො වන්නෙම් නම් මට (පස්කඳෙක්) නො ද වන්නේ ය. (මතු ද මම්) නො වන්නෙම් නම් (මතු ද) මට (පස්කඳෙක්) නො වන්නේ ය යි මෙ බඳු දෘෂ්ටියක් උපදී.
තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ, රූපං නිච‍්චං වා අනිච‍්චං වාති?
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි?
අනිච‍්චං භන‍්තෙ,
වහන්ස, අනිත්‍ය යැ.
යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති?
යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද, සුව හෝ වේ දැ යි?
දුක‍්ඛං භන‍්තෙ,
වහන්ස, දුක් යැ.
යං පනානිච‍්චං දුක‍්ඛං විපරිනාමධම‍්මං අපි නු තං අනුපාදාය එවං දිට‍්ඨි උප‍්පජ‍්ජෙය්‍ය : නො චස‍්සං නො ච මෙ සියා න භවිස‍්සාමි, න මෙ භවිස‍්සතීති?
යමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට ඉදින් (මම්) නො වන්නෙම් නම් මට (පස්කඳෙක්) නො ද වන්නේ යැ. (මතු ද මම්) නො වන්නෙම් නම් (මතු ද) මට (පස්කඳෙක්) නො ද වන්නේ යයි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි?
නො හෙතං භන‍්තෙ.
වහන්ස, තෙල නො වේ මැ යි.
වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං -පෙ- යම‍්පිදං දිට‍්ඨං සුතං මුතං විඤ‍්ඤාතං පත‍්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තම‍්පි නිච‍්චං වා අනිච‍්චං වාති?
වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය… මේ යමෙකුත් දක්නා ලද්දේ අසන ලද්දේ සුඹුනා රස විඳුනා පහස්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සොයන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේ නම් එයත් නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි?
අනිච‍්චං භන‍්තෙ,
වහන්ස, අනිත්‍ය යැ.
යං පනානිච‍්චං තං දුක‍්ඛං වා සුඛං වාති?
යමෙක් වූ කලී අනිත්‍ය නම් එ දුක් හෝ වේ ද, සුව හෝ වේ දැ යි?
දුක‍්ඛං භන‍්තෙ,
වහන්ස, දුක් යැ.
යං පනානිච‍්චං දුක‍්ඛං විපරිනාමධම‍්මං අපි නු තං අනුපාදාය එවං දිට‍්ඨි උප‍්පජ‍්ජෙය්‍ය නො චස‍්සං නො ච මෙ සියා, න භවිස‍්සාමි න මෙ භවිස‍්සතීති?
යමෙක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි නම් එය ඇසිරි කොට: ඉදින් (මම්) නො වන්නෙම් නම් මට (පස්කඳෙක්) නො ද වන්නේ යැ, මතු නො වන්නෙම් නම් මතුදු (පස්කඳෙක්) නො ද වන්නේ යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
නො හෙතං භන‍්තෙ,
වහන්ස, තෙල නො වේ මැ යි.
යතො ඛො භික‍්ඛවෙ, අරියසාවකස‍්ස ඉමෙසු ඡසු ඨානෙසු කඞ‍්ඛා පහීනා හොති, දුක‍්ඛෙපිස‍්ස කඞ‍්ඛා පහීනා හොති. -පෙ- “දුක‍්ඛනිරොධගාමිනියා පටිපදායපිස‍්ස කඞ‍්ඛා පහීනා හොති. අයං වුච‍්චති භික‍්ඛවෙ, අරියසාවකො සොතාපන‍්නො අවිනිපාතධම‍්මො නියතො සම‍්බොධිපරායනොති.
මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවකහට මෙ සතැන්හි සැකය ප්‍රහීණ වූයේ වේ ද, ඔහුට දුකෙහි දු සැකය ප්‍රහීණ වූයේ වෙයි … දුක්ඛනිරෝධගාමිනීපටිපදායෙහි දු ඔහට සැකය ප්‍රහීණ වූයේ වෙයි. මහණෙනි, මේ ආර්‍ය්‍යශ්‍රාවක සෝතාපන්න යැ, අපායෙහි නො හෙනසුලු යැ, ගතිනියත යැ, සම්බෝධිය පරායණ කොට ඇත්තේ වේ ය යි කියනු ලැබේ යි.