සොඅත‍්තා සුත‍්තං
3. 1. 3.
3. 1. 3.
සොඅත‍්තා සුත‍්තං
සො අත්තා සූත්‍රය
208. සාවත්‍ථියං:
208. සැවැත්නුවර:
කිස‍්මිං නු ඛො භික‍්ඛවෙ, සති කිං උපාදාය කිං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති. “සො අත‍්තා, සො ලොකො, සො පෙච‍්ච භවිස‍්සාමි නිච‍්චො ධුවො සස‍්සතො අවිපරිනාමධම‍්මො”ති.
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා කුමකට පිවිස මෙබඳු දෘෂ්ටියක් පහළ වේ ද: “ඒ මම් ආත්මයෙමි, ඒ මම් ලෝක වෙමි, ඒ මම් පරලොව වන්නෙමි, නිත්‍යයෙමි, ධ්‍රැවයෙමි, ශාශ්වතයෙමි, නො පෙරළෙන සැහැවියෙමි යි?
භගවම‍්මූලකා නො, භන‍්තෙ, ධම‍්මා -පෙ- භගවතො සුත්‍වා භික‍්ඛු ධාරෙස‍්සන‍්තීති.
වහන්ස, දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ. … භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසා භික්‍ෂූහු ධරන්නාහ යි.
රූපෙ ඛො භික‍්ඛවෙ, සති රූපං උපාදාය රූපං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති : “සො අත‍්තා සො ලොකො සො පෙච‍්ච භවිස‍්සාමි, නිච‍්චො ධුවො සස‍්සතො අවිපරිනාමධම‍්මො”ති. වෙදනාය සති -පෙ- සඤ‍්ඤාය සති -පෙ- සඞ‍්ඛාරෙසු සති -පෙ- විඤ‍්ඤාණෙ සති විඤ‍්ඤාණං උපාදාය විඤ‍්ඤාණං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති : සො අත‍්තා සො ලොකො සො පෙච‍්ච භවිස‍්සාමි, නිච‍්චො ධුවො සස‍්සතො අවිපරිනාමධම‍්මො”ති.
මහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා රූපයට පිවිස මෙබඳු දෘෂ්ටියක් පහළ වෙයි: “ඒ මම් ආත්මයෙමි, ඒ මම් ලෝක වෙමි, ඒ මම් පරලොව වන්නෙමි, නිත්‍යයෙමි ධ්‍රැවයෙමි, ශාශ්වතයෙමි, නො පෙරළෙන සැහැවි, ඇත්තෙමි’යි වේදනාව ඇති කල … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය නිසා විඥානයට පිවිස මෙබඳු දෘෂ්ටියක් පහළ වෙයි: “ඒ මම් ආත්මයෙමි, ඒ මම් ලෝක වෙමි, ඒ මම් පරලොව වන්නෙමි, නිත්‍යයෙමි, ධ්‍රැවයෙමි, ශාශ්වතයෙමි, නො පෙරළෙන සැහැවි ඇත්තෙමි”යි.
තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ, රූපං නිච‍්චං වා අනිච‍්චං වාති?
මහණෙනි, එ කුමැයි හඟිවු ද,රූපය නිත්‍ය හෝ වෙයි ද, අනිත්‍ය හෝ වේ ද?
අනිච‍්චං භන‍්තෙ,
වහන්ස, අනිත්‍ය යැ.
යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති?
යමෙක් වූ කලී අනිත්‍ය ද එ දුක් හෝ වෙයි ද, සුව හෝ වේ ද?
දුක‍්ඛං භන‍්තෙ,
වහන්ස, දුක් යැ.
යං පනානිච‍්චං දුක‍්ඛං විපරිනාමධම‍්මං අපි නු තං අනුපාදාය එවං දිට‍්ඨි උප‍්පජ‍්ජෙය්‍ය : “සො අත‍්තා සො ලොකො සො පෙච‍්ච භවිස‍්සාමි, නිච‍්චො ධුවො සස‍්සතො අවිපරිනාමධම‍්මො”ති?
යමෙක් වූ කලී අනිත්‍ය ද, දුක් ද, පෙරළෙන සැහැවි ද, එ ඇසිරි කොට මෙබඳු දෘෂ්ටියක් පහළ වේ ද: එ මම් ආත්මයෙමි, එ මම් ලෝකය වෙමි, එ මම් පරලොව වන්නෙමි, නිත්‍යයෙමි, ධ්‍රැවයෙමි, ශාශ්වතයෙමි, නො පෙරළෙන සැහැවි ඇතියෙමි” යි?
නො හෙතං භන‍්තෙ,
වහන්ස, තෙල නො වේ මැ යි.
වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං නිච‍්චං වා අනිච‍්චං වා’ති?
වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි?
අනිච‍්චං භන‍්තෙ,
වහන්ස, අනිත්‍ය යැ.
යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති?
යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද සුව හෝ වේ දැ යි?
දුක‍්ඛං භන‍්තෙ,
වහන්ස, දුක් යැ.
යං පනානිච‍්චං දුක‍්ඛං විපරිනාමධම‍්මං අපි නු තං අනුපාදාය එවං දිට‍්ඨි උප‍්පජ‍්ජෙය්‍ය : “සො අත‍්තා සො ලොකො සො පෙච‍්ච භවිස‍්සාමි, නිච‍්චො ධුවො සස‍්සතො අවිපරිනාමධම‍්මො”ති?
යමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට “ඒ මම් ආත්ම වෙමි, ඒ මම් ලෝක වෙමි, ඒ මම් පරලොව වන්නෙමි, නිත්‍යයෙමි, ධ්‍රැවයෙමි, ශාශ්වතයෙමි, නොවෙනස් වනසුල්ලෙමි” යි මෙ බඳු දෘෂ්ටියෙක් උපදී දැ යි?
නො හෙතං භන‍්තෙ,
වහන්ස, තෙල නො වේ මැ යි.
යම‍්පිදං දිට‍්ඨං සුතං මුතං විඤ‍්ඤාතං පත‍්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තම‍්පි නිච‍්චං වා අනිච‍්චං වාති?
මේ යමෙකුත් දක්නා ලද්දේ අසන ලද්දේ සුඹුනා රස විඳුනා පහස්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සොයන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේ නම් එ ද නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ? යි.
අනිච‍්චං භන‍්තෙ,
වහන්ස, අනිත්‍ය යැ.
යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති?
යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද, සුව හෝ වේ දැ යි?
දුක‍්ඛං භන‍්තෙ,
වහන්ස, දුක් යැ.
යං පනානිච‍්චං දුක‍්ඛං විපරිනාමධම‍්මං අපි නු තං අනුපාදාය එවං දිට‍්ඨි උප‍්පජ‍්ජෙය්‍ය : “සො අත‍්තා සො ලොකො සො පෙච‍්ච භවිස‍්සාමි, නිච‍්චො ධුවො සස‍්සතො අවිපරිනාමධම‍්මො”ති.
යමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට “ඒ මම ආත්ම වෙමි, ඒ මම ලෝක වෙමි, ඒ මම පරලොව වන්නෙමි නිත්‍යයෙමි, ධ්‍රැවයෙමි, ශාශ්වතයෙමි, නො වෙනස් වනසුල්ලෙමි” යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි,
නො හෙතං භන‍්තෙ,
වහන්ස, තෙල නො වේ මැ යි.
යතො ඛො භික‍්ඛවෙ, අරියසාවකස‍්ස ඉමෙසු ඡසු ඨානෙසු කඞ‍්ඛා පහීනා හොති -පෙ- දුක‍්ඛනිරොධගාමිනියා පටිපදාය’පිස‍්ස කඞ‍්ඛා පහීනා හොති අයං වුච‍්චති භික‍්ඛවෙ, අරියසාවකො සොතාපන‍්නො අවිනිපාතධම‍්මො නියතො සම‍්බොධිපරායනොති.
මහණෙනි, යම් කලෙක මේ සතැන්හි අරිසවුහුගේ සැකය ප්‍රහීණ වූයේ නම් … දුක නැවැත්මට යන පිළිවෙතෙහි ද ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වේ. මහණෙනි, මේ අරිසවු තෙමේ සෝතාපන්න යැ, අපායෙහි නො වැටෙනසුලු යැ, නියත යැ, සම්බෝධිය පිහිට කොට ඇතැ යි කියනු ලැබේ යි.