එතංමම සුත‍්තං
3. 1. 2.
3. 1. 2.
එතංමම සුත‍්තං
එතං මම සූත්‍රය
207. සාවත්‍ථියං:
207. සැවැත්නුවර:
කිස‍්මිං නු ඛො භික‍්ඛවෙ, සති කිං උපාදාය කිං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති : “එතං මම, එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා”ති?
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස “මේ මාගේ ය, මේ මම වෙමි. මේ මාගේ ආත්මය“යි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ? යි.
භගවම‍්මූලකා නො භන‍්තෙ, ධම‍්මා -පෙ- භගවතො සුත්‍වා භික‍්ඛූ ධාරෙස‍්සන‍්තීති.
වහන්ස, දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ. භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසා භික්‍ෂූහු ධරන්නාහ යි.
රූපෙ ඛො භික‍්ඛවෙ, සති රූපං උපාදාය රූපං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති : “එතං මම එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා”ති. වෙදනාය සති -පෙ- සඤ‍්ඤාය සති -පෙ- සඞ‍්ඛාරෙසු සති -පෙ- විඤ‍්ඤාණෙ සති, විඤ‍්ඤාණං උපාදාය, විඤ‍්ඤාණං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති : “එතං මම, එසොහමස‍්මි, එසො මෙ අත‍්තා”ති.
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස “තෙල මාගේ යැ. තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම” යි මෙ බඳු දෘෂ්ටියක් උපදියි, වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම”යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ, රූපං නිච‍්චං වා අනිච‍්චං වාති?
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද,රූපය නිත්‍ය හෝ වේ දැ? අනිත්‍ය හෝ වේ දැ? යි.
අනිච‍්චං භන‍්තෙ,
වහන්ස අනිත්‍ය යැ.
යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති?
යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද? සුව හෝ වේ දැ? යි.
දුක‍්ඛං භන‍්තෙ,
වහන්ස, දුක් යැ.
යං පනානිච‍්චං දුක‍්ඛං විපරිනාමධම‍්මං අපි නු තං අනුපාදාය එවං දිට‍්ඨි උප‍්පජ‍්ජෙය්‍ය: “එතං මම, එසොහමස‍්මි, එසො මෙ අත‍්තා”ති?
යමෙක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙනසුලු නම් එය නො ඇසුරු කොට තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම” යි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි?
නො හෙතං භන‍්තෙ,
වහන්ස තෙල නො වේ මැ යි,
වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං නිච‍්චං වා අනිච‍්චං වාති?
වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ යි?
අනිච‍්චං භන‍්තෙ,
වහන්ස, අනිත්‍ය යැ.
යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති?
යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද? සුව හෝ වේ දැ යි?
දුක‍්ඛං භන‍්තෙ,
වහන්ස, දුක් යැ.
යං පනානිච‍්චං දුක‍්ඛං විපරිනාමධම‍්මං අපි නු තං අනුපාදාය එවං දිට‍්ඨි උප‍්පජ‍්ජෙය්‍ය: “එතං මම, එසොහමස‍්මි, එසො මෙ අත‍්තා”ති?
යමෙක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි නම් එය නො ඇසුරු කොට “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම” යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
නො හෙතං භන‍්තෙ,
වහන්ස, තෙල නො වේ මැ යි.
යම‍්පිදං දිට‍්ඨං, සුතං, මුතං, විඤ‍්ඤාතං, පත‍්තං, පරියෙසිතං, අනුවිචරිතං මනසා, තම‍්පි නිච‍්චං වා අනිච‍්චං වා’ති?
මේ යමකුත් දක්නා ලද්දේ අසන ලද්දේ සුඹුනා රස විඳුනා පහස්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සොයන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේ නම් එයත් නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි?
අනිච‍්චං භන‍්තෙ,
වහන්ස, අනිත්‍ය යැ.
යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති?
යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද, සුව හෝ වේ දැ යි?
දුක‍්ඛං භන‍්තෙ,
වහන්ස, දුක් යැ.
යං පනානිච‍්චං දුක‍්ඛං විපරිනාමධම‍්මං, අපි නු තං අනුපාදාය එවං දිට‍්ඨි උප‍්පජ‍්ජෙය්‍ය : “එතං මම, එසොහමස‍්මි, එසො මෙ අත‍්තා”ති?
යමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි?
නො හෙතං භන‍්තෙ,
වහන්ස, තෙල නො වේ මැ යි.
යතො ඛො භික‍්ඛවෙ, අරියසාවකස‍්ස ඉමෙසු ඡසු ඨානෙසු කඞ‍්ඛා පහීනා හොති. දුක‍්ඛෙ’පිස‍්ස කඞ‍්ඛා පහීනා හොති, දුක‍්ඛසමුදයෙ’පිස‍්ස කඞ‍්ඛා පහීනා හොති, දුක‍්ඛනිරොධෙ’පිස‍්ස කඞ‍්ඛා පහීනා හොති, දුක‍්ඛනිරොධගාමිනියා පටිපදායපිස‍්ස කඞ‍්ඛා පහීනා හොති. අයං වුච‍්චති භික‍්ඛවෙ, අරියසාවකො සොතාපන‍්නො අවිනිපාතධම‍්මො නියතො සම‍්බොධිපරායනොති.
මහණෙනි, යම් කලෙක මේ (දිට්ඨාදි) සතැන්හි අරිසවුහුගේ සැකය ප්‍රහීණ වූයේ නම් දුකෙහි දු ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වෙයි. දුක්ඛ සමුදයෙහි දු ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වෙයි, දුක්ඛ නිරෝධයෙහි දු ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වෙයි, දුක්ඛනිරෝධගාමිනීපටිපදායෙහි දු ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වෙයි. මහණෙනි, මේ ආර්‍ය්‍යශ්‍රාවක සෝතාපන්න යැ, අපායෙහි නො වැටෙනසුලු යැ, ගතිනියත යැ, සම්බෝධිය පිහිට කොට ඇත්තේ ය යි කියනු ලැබේ යි.