අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීර සුත‍්තං
3. 1. 14.
3. 1. 14.
අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීර සුත‍්තං
අන්‍යත් ජීව අන්‍යත් ශරීර සූත්‍රය
219. සාවත්‍ථියං:
219. සැවැත්නුවර:
කිස‍්මිං නු ඛො භික‍්ඛවෙ, සති කිං උපාදාය කිං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති : “අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීර”’න‍්ති?
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස ජීවය අනෙකක, ශරීරය අනෙකෙකැ’යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ? යි.
භගවම‍්මූලකා නො භන‍්තෙ, ධම‍්මා -පෙ-
වහන්ස, අපගේ දහම්හු භාග්‍යවත්හු මුල් කොට ඇතියහ …
රූපෙ ඛො භික‍්ඛවෙ, සති -පෙ- වෙදනාය සති -පෙ- සඤ‍්ඤාය සති -පෙ- සඞ‍්ඛාරෙසු සති -පෙ- විඤ‍්ඤාණෙ සති විඤ‍්ඤාණං උපාදාය විඤ‍්ඤාණං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති : “අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීර”න‍්ති.
මහණෙනි, රූපය ඇති කල්හි … වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාරයන් ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස ජීවය අනෙකක, ශරීරය අනෙකෙකැ’යි මෙ බඳු දෘෂ්ටියක් උපදී.
තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ, රූපං නිච‍්චං වා අනිච‍්චං වාති? -පෙ- අපි නු තං අනුපාදාය එවං දිට‍්ඨි උප‍්පජ‍්ජෙය්‍ය : “අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීර”න‍්ති?
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ යි? ... එය නොඇසුරු කොට ‘ජීවය අනෙකක, ශරීරය අනෙකෙකැ’යි මෙබඳු දෘෂ්ටියෙක් උපදී දැ යි?
නො හෙතං භන‍්තෙ.
වහන්ස, තෙල නො වේ මැ යැ.
වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං -පෙ- යම‍්පිදං දිට‍්ඨං සුතං මුතං විඤ‍්ඤාතං පත‍්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තම‍්පි නිච‍්චං වා අනිච‍්චං වාති. -පෙ- අපි නු තං අනුපාදාය එවං දිට‍්ඨි උප‍්පජ‍්ජෙය්‍ය : “අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීර”න‍්ති?
වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය … මේ යමෙකුත් දක්නා ලද්දේ අසනලද්දේ මුත විසින් ගන්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සොයන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේ නම් හෙ ද නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ? යි. … එය නොඇසුරු කොට ජීවය අනෙකක, ශරීරය අනෙකෙකැ’යි මෙබඳු දෘෂ්ටියෙක් උපදී දැ යි?
නො හෙතං භන‍්තෙ.
වහන්ස, මෙය නො වේ මැයි.
යතො ඛො භික‍්ඛවෙ, අරියසාවකස‍්ස -පෙ- නියතො සම‍්බොධිපරායනොති.
මහණෙනි, යම් කලෙක අරීසවුහුගේ … නියත වූයේ සම්බෝධිය පිහිට කොට ඇත්තේ යි.