යෙදුමෙන් කියවන්න

තං ජීවං තං සරීර සුත‍්තං

3. 1. 13.

3. 1. 13.

තං ජීවං තං සරීර සුත‍්තං

තත් ජීව තත් ශරීර සූත්‍රය

218. සාවත්‍ථියං:

218. සැවැත්නුවර:

කිස‍්මිං නු ඛො භික‍්ඛවෙ, සති කිං උපාදාය කිං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති “තං ජීවං තං සරීර”න‍්ති?

මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස ‘එමැ ජීව යැ, එමැ ශරීරය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?

භගවම‍්මූලකා නො භන‍්තෙ, ධම‍්මා -පෙ-.

වහන්ස, අපගේ දහම්හු භාග්‍යවත්හු මුල් කොට ඇතියහ. …

රූපෙ ඛො භික‍්ඛවෙ, සති රූපං උපාදාය රූපං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති : “තං ජීවං තං සරීර”න‍්ති. වෙදනාය සති -පෙ- සඤ‍්ඤාය සති -පෙ- සඞ‍්ඛාරෙසු සති -පෙ- විඤ‍්ඤාණෙ සති විඤ‍්ඤාණං උපාදාය විඤ‍්ඤාණං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති : “තං ජීවං තං සරීර”න‍්ති.

මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස ‘එමැ ජීවය ය, එමැ ශරීරය’යි මෙ බඳු දෘෂ්ටියක් උපදී. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස ‘එමැ ජීව යැ, එමැ ශරීරය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී.

තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ, රූපං නිච‍්චං වා අනිච‍්චං වාති. -පෙ- අපි නු තං අනුපාදාය එවං දිට‍්ඨි උප‍්පජ‍්ජෙය්‍ය “තං ජීවං තං සරීර”න‍්ති?

මහණෙනි, ඒ කිමැ යි හඟිවු දැ? රූපය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ යි?... එය නො ඇසුරු කොට එමැ ජීව යැ, එමැ ශරීරය යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැයි?

නො හෙතං භන‍්තෙ.

වහන්ස, තෙල නො වේ ම ය.

වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං -පෙ- යම‍්පිදං දිට‍්ඨං සුතං මුතං විඤ‍්ඤාතං පත‍්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තම‍්පි නිච‍්චං වා අනිච‍්චං වාති? -පෙ- අපි නු තං අනුපාදාය එවං දිට‍්ඨි උප‍්පජ‍්ජෙය්‍ය : “තං ජීවං තං සරීර”න‍්ති?

වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය … ඒ යමකුත් දක්නා ලද්දේ අසන ලද්දේ මුත විසින් ගන්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සොයන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේ නම් එ ද නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ? යි … එය, නොඇසුරු කොට ‘එමැ ජීව යැ, එමැ ශරීරය යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?

නො හෙතං භන‍්තෙ.

වහන්ස, තෙල නො වේ මැ යි.

යතො ඛො භික‍්ඛවෙ, අරියසාවකස‍්ස -පෙ- නියතො සම‍්බොධිපරායනොති.

මහණෙනි, යම් කලෙක පටන් අරරීසවුහුගේ … නියත වූයේ සම්බෝධිය පිහිට කොට ඇත්තේ යි.