යෙදුමෙන් කියවන්න

අනන‍්තවා සුත‍්තං

3. 1. 12.

3. 1. 12.

අනන‍්තවා සුත‍්තං

අනන්තවත් සූත්‍රය

217. සාවත්‍ථියං:

217. සැවැත්නුවර:

කිස‍්මිං නු ඛො භික‍්ඛවෙ, සති කිං උපාදාය කිං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති “අනන‍්තවා ලොකො”ති?

මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස ‘ලෝකය අනන්තවත් (කෙළවර රහිත) ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?

භගවම‍්මූලකා නො භන‍්තෙ, ධම‍්මා -පෙ-

වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ …

රූපෙ ඛො භික‍්ඛවෙ, සති -පෙ- වෙදනාය සති -පෙ- සඤ‍්ඤාය සති -පෙ- සඞ‍්ඛාරෙසු සති -පෙ- විඤ‍්ඤාණෙ සති විඤ‍්ඤාණං උපාදාය විඤ‍්ඤාණං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති : “අනන‍්තවා ලොකො”ති.

මහණෙනි, රූපය ඇති කල්හි … වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස ‘ලෝකය අනන්තවත් ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී.

තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ, රූපං නිච‍්චං වා අනිච‍්චං වාති?

මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද? ‘අනිත්‍ය හෝ වේ දැ?” යි

අනිච‍්චං භන‍්තෙ, -පෙ-.

වහන්ස, අනිත්‍ය ය …

දුක‍්ඛං විපරිනාමධම‍්මං, අපි නු තං අනුපාදාය එවං දිට‍්ඨි උප‍්පජ‍්ජෙය්‍ය “අනන‍්තවා ලොකො”ති?

දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට ‘ලෝකය අනන්තවත් ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?

නො හෙතං භන‍්තෙ.

වහන්ස, තෙල නො වේ මැ යැ.

වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං -පෙ- යම‍්පිදං දිට‍්ඨං සුතං මුතං විඤ‍්ඤාතං පත‍්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තම‍්පි නිච‍්චං වා අනිච‍්චං වාති ? -පෙ- දුක‍්ඛං විපරිනාමධම‍්මං අපි නු තං අනුපාදාය එවං දිට‍්ඨි උප‍්පජ‍්ජෙය්‍ය : “අනන‍්තවා ලොකො”ති?

වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය … මේ යමෙකුත් දක්නා ලද්දේ අසන ලද්දේ මුත විසින් ගන්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සොයන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේ නම් හෙ ද නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ? යි … එය නො ඇසුරු කොට ලෝකය අනන්තවත් ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදනේ දැ යි?

නො හෙතං භන‍්තෙ.

වහන්ස, මෙය නො වේ මැ යි.

යතො ඛො භික‍්ඛවෙ, අරියසාවකස‍්ස -පෙ- නියතො සම‍්බොධිපරායනොති.

මහණෙනි, යම් කලෙක අරීසවුහුගේ … නියත වූයේ සම්බෝධිය පිහිට කොට ඇත්තේ ය යි.