සස‍්සතලොක සුත‍්තං
3. 1. 9.
3. 1. 9.
සස‍්සතලොක සුත‍්තං
සස්සත සූත්‍රය
214. සාවත්‍ථියං:
214. සැවැත්නුවර:
කිස‍්මිං නු ඛො භික‍්ඛවෙ, සති කිං උපාදාය කිං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති සස‍්සතො ලොකොති?
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස ලෝකය ශාශ්වත යයි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි?
භගවම‍්මූලකා නො භන‍්තෙ, ධම‍්මා -පෙ-.
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ …
රූපෙ ඛො භික‍්ඛවෙ, සති රූපං උපාදාය රූපං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති, “සස‍්සතො ලොකො”ති. වෙදනාය සති -පෙ- සඤ‍්ඤාය සති -පෙ- සඞ‍්ඛාරෙසු සති -පෙ- විඤ‍්ඤාණෙ සති විඤ‍්ඤාණං උපාදාය විඤ‍්ඤාණං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති “සස‍්සතො ලොකො”ති.
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස ලෝකය ශාශ්වත ය යි මෙබඳු දෘෂ්ටියක් උපදී. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය, ඇසුරු කොට විඥානයට පිවිස ලෝකය ශාශ්වත ය යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ, රූපං නිච‍්චං වා අනිච‍්චං වාති?
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද, රූපය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි?
අනිච‍්චං භන‍්තෙ -පෙ-.
වහන්ස, අනිත්‍ය යැ. …
දුක‍්ඛං විපරිනාමධම‍්මං අපි නු තං අනුපාදාය එවං දිට‍්ඨි උප‍්පජ‍්ජෙය්‍ය : සස‍්සතො ලොකො’ති?
දුක්, නම් වෙනස් වනසුලු, නම් එය නො ඇසුරු කොට ලෝකය ශාශ්වත ය යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
නො හෙතං භන‍්තෙ.
වහන්ස, තෙල නො වේ මැ යැ.
වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං -පෙ- යම‍්පිදං දිට‍්ඨං සුතං මුතං විඤ‍්ඤාතං පත‍්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තම‍්පි නිච‍්චං වා අනිච‍්චං වාති?
වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය … මේ යමකුත් දක්නා ලද ද, අසන ලද ද, සුඹුනා-විඳුනා-පහස්නා ලද ද’ දන්නා ලද ද පැමිණෙන ලද ද, සොයන ලද ද, සිතින් හැසිරෙන ලද ද, හෙ ද නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි?
අනිච‍්චං භන‍්තෙ -පෙ-.
වහන්ස, අනිත්‍ය යැ …
යම‍්පනානිච‍්චං දුක‍්ඛං විපරිනාමධම‍්මං අපි නු තං අනුපාදාය එවං දිට‍්ඨි උප‍්පජ‍්ජෙය්‍ය “සස‍්සතො ලොකො’ති?
යමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට ‘ලෝකය ශාශ්වත ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි? “
නො හෙතං භන‍්තෙ.
වහන්ස, තෙල නො වේ මැ යි.
යතො ඛො භික‍්ඛවෙ, අරියසාවකස‍්ස ඉමෙසු ඡසු ඨානෙසු කඞ‍්ඛා පහීනා හොති, දුක‍්ඛෙ’පිස‍්ස කඞ‍්ඛා පහීනා හොති, දුක‍්ඛසමුදයෙ’පිස‍්ස කඞ‍්ඛා පහීනා හොති. දුක‍්ඛනිරොධෙ’පිස‍්ස කඞ‍්ඛා පහීනා හොති. දුක‍්ඛනිරොධගාමිනියා පටිපදායපිස‍්ස කඞ‍්ඛා පහීනා හොති. අයං වුච‍්චති භික‍්ඛවෙ, අරියසාවකො සොතාපන‍්නො අවිනිපාතධම‍්මො නියතො සම‍්බොධිපරායනොති.
මහණෙනි, යම් කලෙක මේ සතැන්හි අරිසවුහුගේ සැකය ප්‍රහීණ වූයේ නම් දුකෙහිත් ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වෙයි, දුක හටගැන්මෙහිත් ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වේ. දුක නැවැත්මෙහිත් ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වේ. දුක නැවැත්මට පමුණුවන පිළිවෙතෙහිත් ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වේ. මහණෙනි, අපායෙහි නො වැටෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති මේ අරීසවු තෙමේ සෝතාපන්න ය යි කියනු ලැබේ යි.