යෙදුමෙන් කියවන්න

මහාදිට‍්ඨි සුත‍්තං

3. 1. 8.

3. 1. 8.

මහාදිට‍්ඨි සුත‍්තං

මහාදිට්ඨි සූත්‍රය

213. සාවත්‍ථියං:

213. සැවැත්නුවර:

කිස‍්මිං නු ඛො භික‍්ඛවෙ, සති කිං උපාදාය කිං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති? සත‍්තිමෙ කායා අකටා අකටවිධා අනිම‍්මිතා අනිම‍්මාතා වඤ‍්ඣා කූටට‍්ඨා එසිකට‍්ඨායිට‍්ඨිතා, තෙ න ඉඤ‍්ජන‍්ති න විපරිනමන‍්ති න අඤ‍්ඤමඤ‍්ඤං බ්‍යාබාධෙන‍්ති, නාලං අඤ‍්ඤමඤ‍්ඤස‍්ස සුඛාය වා දුක‍්ඛාය වා, සුඛදුක‍්ඛාය වා:

මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා මෙබඳු දෘෂ්ටියක් උපදී ද? කිසිවකු විසින් නො කරන ලද, නො කළ විධාන ඇති, ඉදු බෙලෙනුදු නො මැවුණු, අන් කිසි ලෙසෙකිනිදු නො මවන ලද, වඳ වූ (කිසිවක් නො උපදවන), පර්‍වත කූටයක් සේ ස්ථිර (පරිනාම රහිත) ඉන්‍ද්‍රකීලයක් සෙයින් නො සැලී සිටුනා, මේ සත්කාය (සමූහ) කෙනෙක් වෙති. ඔහු නො සැලෙති, නො පෙරළෙති, උනුනට බාධක නො වෙති, උනුනට සුව පිණිස හෝ දුක් පිණිස හෝ සුව දුක් දෙක ම පිණිස හෝ නො වෙත්.

කතමෙ සත‍්ත : පඨවීකායො, ආපොකායො, තෙජොකායො, වායොකායො, සුඛෙ, දුක‍්ඛෙ, ජීවෙ. සත‍්තිමෙ කායා අකටා අකටවිධා අනිම‍්මිතා අනිම‍්මාතා වඤ‍්ඣා කූටට‍්ඨා එසිකට‍්ඨායිට‍්ඨිතා, තෙ න ඉඤ‍්ජන‍්ති න විපරිනමන‍්ති න අඤ‍්ඤමඤ‍්ඤං බ්‍යාබාධෙන‍්ති නාලං අඤ‍්ඤමඤ‍්ඤස‍්ස සුඛාය වා දුක‍්ඛාය වා සුඛදුක‍්ඛාය වා. යො’පි තිණ‍්හෙන සත්‍ථෙන සීසං ඡින්‍දති න කොචි කඤ‍්චි ජීවිතා වොරොපෙති, සත‍්තන‍්නං ත්‍වෙව කායානමන‍්තරෙන සත්‍ථං විවරමනුපවිසති.

කවර සතෙකැ යත්: පඨවිකාය, ආපෝකාය, තේජෝකාය, වායෝකාය, සුඛ, දුක්ඛ හා සත්වන ජීව යන සත යි. මේ සප්තකායයෝ නො කරන ලදහ, නො කළ විධාන ඇතියහ. නො මැවුණාහ නො මවන ලදහ, පර්‍වත කූටයක් සෙයින් සිටියහ, ඉන්‍ද්‍රකීලයක් සෙයින් තිරව සිටුනාහ. උහු තුමූ නො සැලෙති, නොම පෙරැළෙති, ඔවුනොවුන් නො පෙළෙති, උනුනට සුව පිණිස වේවයි දුක් පිණිස වේවයි සුව-දුක් පිණිස වේව යි නො ද පොහොසත් වෙත්. යමෙක් තියුණු සැතින් (යමකුගේ) හිස සිඳුනේ නමුදු කිසිවෙක් කිසිවකු දිවියෙන් තොර නො කරයි. වැළිදු සප්තකාය අතරින් සැත විවරයට වැදගනී.

චුද‍්දස ඛො පන ඉමානි යොනිප‍්පමුඛසතසහස‍්සානි සට‍්ඨි ච සතානි ඡ ච සතානි පඤ‍්ච ච කම‍්මුනො සතානි ච පඤ‍්ච ච කම‍්මානි, තීණි ච කම‍්මානි, කම‍්මෙ ච අඩ‍්ඪකම‍්මෙ ච ද‍්වට‍්ඨිපටිපදා ද‍්වට‍්ඨන‍්තරකප‍්පා ඡළභිජාතියො අට‍්ඨ පුරිසභූමියො එකූනපඤ‍්ඤාස ආජීවකසතෙ එකූනපඤ‍්ඤාස පරිබ‍්බාජකසතෙ එකූනපඤ‍්ඤාස නාගාවාසසතෙ වීසෙ ඉන්‍ද්‍රියසතෙ තිංසෙ නිරයසතෙ ඡත‍්තිංස රජොධාතුයො සත‍්ත සඤ‍්ඤීගබ‍්භා සත‍්ත අසඤ‍්ඤීගබ‍්භා සත‍්ත නිගණ‍්ඨිගබ‍්භා සත‍්ත දිබ‍්බා සත‍්ත මානුසා සත‍්ත පිසාචා සත‍්ත සරා සත‍්ත පවුධා සත‍්ත ච පවුධසතානි සත‍්ත පපාතා සත‍්ත ච පපාතසතානි සත‍්ත සුපිනා සත‍්ත ච සුපිනසතානි චුල‍්ලාසීති මහාකප‍්පුනො සතසහස‍්සානි යානි බාලෙ ච පණ‍්ඩිතෙ ච සන්‍ධාවිත්‍වා සංසරිත්‍වා දුක‍්ඛස‍්සන‍්තං කරිස‍්සන‍්ති.

මේ ප්‍රමුඛ යෝනි තුදුස් සිය දහසෙක් වෙයි, අන්‍ය වූ ද යෝනි සදහසෙක් ද සසියෙක් ද වේ. කර්‍ම පන්සියයෙක් ද (අන්සැටියකින්) කර්‍මපසෙක් ද (කාය-වාග් නම් වූ) පූර්‍ණ කර්‍ම ද (මනඃකර්‍ම නම් වූ) අර්‍ධකර්‍ම ද වේ. ප්‍රතිපත් දෙසැටෙකැ, අතුරුකප් දෙසැටෙකැ, (කණ්හාභිජාති ආදි) අභිජාති සයෙකැ, (මන්‍දභූමි ආදී) පුරුෂ භූමි අටෙකැ, ආජීවවෘත්ති එකුන්පනස් සියයෙකැ, පිරිවැජි පැවිදි එකුන්පනස් සියයෙකැ, නාමඬුලු එකුන්පනස් සියයෙකැ, ඉන්‍ද්‍රියයෝ එක්සිය විස්සෙකැ, නිරය එක්සිය තිසෙකැ, රජෝධාතු සතිසෙකැ, සංඥීගර්‍භ සතෙකැ, අසංඥීගර්‍භ සතෙකැ, නිර්ග්‍රන්‍ථගර්භ සතෙකැ, දේවගර්‍භ සතෙකැ, මනුෂ්‍යගර්භ සතෙකැ, පිසාචජාති සතෙකැ මහවිල් සතෙකැ, මහගැට සතෙකැ, කුඩාගැට සත්සියයෙකැ, ප්‍රපාත සතෙකැ, කුඩා ප්‍රපාත සත්සියයෙකැ, මහසිහින සතෙකැ, කුඩා සිහින සත්සියයෙකැ, බාලයෝ ද පණ්ඩිතයෝ ද (සසර) දුව හැවිද දුක් කෙළවර කෙරෙත් නම් එබඳු කල්ප සුවාසූ ලක්‍ෂයෙකි.

තත්‍ථ නත්‍ථි: “ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්‍රහ‍්මචරියෙන වා අපරිපක‍්කං වා කම‍්මං පරිපාචෙස‍්සාමි පරිපක‍්කං වා කම‍්මං ඵුස‍්ස ඵුස‍්ස බ්‍යන‍්තීකරිස‍්සාමී”ති හෙවං නත්‍ථි දොණමිතෙ සුඛදුක‍්ඛෙ පරියන‍්තකටෙ සංසාරෙ. නත්‍ථි හායනවඩ‍්ඪනෙ. නත්‍ථි උක‍්කංසාවකංසෙ. සෙය්‍යථාපි නාම සුත‍්තගුළෙ ඛිත‍්තෙ නිබ‍්බෙඨියමානමෙව පලෙති, එවමෙව බාලෙ ච පණ‍්ඩිතෙ ච නිබ‍්බෙඨියමානා සුඛදුක‍්ඛං පලෙන‍්තීති?

එහි “මම් මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බඹසරින් හෝ නො මුහුකළ කර්‍මය මුහුකුරු වන්නෙමි යි කියා හෝ මුහුකළ කර්‍මය විඳ විඳ කෙළවර කරන්නෙමි යි කියා හෝ මෙසේ කළයුත්තෙක් නැති. ද්‍රෝණයෙන් මැන ප්‍රමාණ කරන ලද සෙයින් සුව දුක් (කියන ලද කාලය තුළ) කෙළවර කරන ලද වෙයි. සසර පිරිහීමෙක් වැඩීමෙක් නැත, නැගීමෙක් බැසීමෙක් නැති. යම් සේ දමා ලූ හූ වටෙක් ලිහෙමින් දිග ඇති පමණක් ම යේ ද, එසෙයින් ම බාලයෝ ද පණ්ඩිතයෝ ද (කාල වශයෙන් යෙමින්) සුවදුක් විඳුනාහ” යි. (මෙබඳු දෘෂ්ටියක් උපදී ද?)

භගවංමූලකා නො භන‍්තෙ, ධම‍්මා -පෙ-.

වහන්ස, අපගේ දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ. …

රූපෙ ඛො භික‍්ඛවෙ, සති රූපං උපාදාය රූපං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති : “සත‍්තිමෙ කායා අකටා අකටවිධා -පෙ- සුඛදුක‍්ඛං පලෙන‍්තී”ති. වෙදනාය සති -පෙ- සඤ‍්ඤාය සති -පෙ- සඞ‍්ඛාරෙසු සති -පෙ- විඤ‍්ඤාණෙ සති විඤ‍්ඤාණං උපාදාය විඤ‍්ඤාණං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති : “සත‍්තිමෙ කායා අකටා අකටවිධා -පෙ- සුඛදුක‍්ඛං පලෙන‍්තී”ති.

මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස නොකළ නොකරන ලද නොකළ විධාන ඇති මේ සප්තකායයෝ වෙති … සුවදුක් විඳුනාහ”යි. මෙබඳු දෘෂ්ටියක් උපදියි. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස නොකළ, නොකළ විධාන ඇති මේ සත් කයෙක් වෙයි … සුවදුක් විඳුනාහ”යි මෙබඳු දෘෂ්ටියෙක් උපදී.

තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ, රූපං නිච‍්චං වා අනිච‍්චං වාති?

මහණෙනි, ඒ කිමැයි හඟිවු ද, රූපය නිත්‍ය ද හෝ අනිත්‍ය ද හෝ යි?

අනිච‍්චං භන‍්තෙ, -පෙ-

වහන්ස, අනිත්‍ය යැ. …

යං පනානිච‍්චං දුක‍්ඛං විපරිනාමධම‍්මං අපි නු තං අනුපාදාය එවං දිට‍්ඨි උප‍්පජ‍්ජෙය්‍ය : “සත‍්තිමෙ කායා අකටා අකටවිධා අනිම‍්මිතා අනිම‍්මාතා වඤ‍්ඣා කූටට‍්ඨා එසිකට‍්ඨායිට‍්ඨිතා, තෙ න ඉඤ‍්ජන‍්ති න විපරිනමන‍්ති න අඤ‍්ඤමඤ‍්ඤං බ්‍යාබාධෙන‍්ති, නාලං අඤ‍්ඤමඤ‍්ඤස‍්ස සුඛාය වා දුක‍්ඛාය වා, සුඛදුක‍්ඛාය වා, කතමෙ සත‍්ත : පඨවීකායො, ආපොකායො, තෙජොකායො, වායොකායො, සුඛෙ, දුක‍්ඛෙ, ජීවෙ. සත‍්තිමෙ කායා අකටා අකටවිධා අනිම‍්මිතා අනිම‍්මාතා වඤ‍්ඣා කූටට‍්ඨා එසිකට‍්ඨායිට‍්ඨිතා, තෙ න ඉඤ‍්ජන‍්ති, න විපරිනමන‍්ති, න අඤ‍්ඤමඤ‍්ඤං බ්‍යාබාධෙන‍්ති, නාලං අඤ‍්ඤමඤ‍්ඤස‍්ස සුඛාය වා දුක‍්ඛාය වා සුඛදුක‍්ඛාය වා. යොපි තිණ‍්හෙන සත්‍ථෙන සීසං ඡින්‍දති, න කොචි කඤ‍්චි ජීවිතා වොරොපෙති, සත‍්තන‍්නංත්‍වෙව කායානමන‍්තරෙන සත්‍ථං විවරමනුපවිසති.

යමෙක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි නම් එය නො ඇසුරු කොට මෙබඳු දෘෂ්ටියක් උපදී ද? “නොකරන ලද නොකළ විධාන ඇති නොමැවුණ නොමවන ලද වඳ වූ පර්‍වත කූටයක් මෙන් සිටි ඉන්‍ද්‍රකීලයන් සේ නොසැලී තිර වැ සිටි මේ සප්ත කාය කෙනෙක් වෙති. ඔහු නො සැලෙති, නො පෙරැළෙති, ඔවුනොවුන් නො පෙළති. ඔවුනොවුන්ට සුව පිණිස හෝ දුක් පිණිස හෝ සුවදුක් පිණිස හෝ නො වැටෙත්. කවර සතෙකැ යත්: පඨවීකාය යැ, ආපෝ කාය යැ, තේජෝකාය යැ, වායෝකාය යැ සුඛ යැ, දුක්ඛ යැ, ජීවය”යි. මේ සත්තකායයෝ නො කරන ලදහ, නො කළ විධාන ඇතියහ, නොමැවුණහ, නොමවන ලදහ, වඳයහ, පර්‍වතකූටයක් සෙයින් සිටියහ. ඉන්‍ද්‍රකීලයන් මෙන් නො සැලී සිටියාහ. ඔහු නො සැලෙති, නො පෙරැළෙති, ඔවුනොවුන් නො පෙළෙත්, ඔවුනොවුන්ට සුව පිණිස හෝ දුක් පිණිස හෝ සුවදුක් පිණිස හෝ නො වැටෙත්. යමෙක් තියුණු සැතෙකින් හිස සිඳුනේ නමුදු කිසිවෙක් කිසිවකු දිවියෙන් නො තොර කෙරෙයි, වැලි සත් කය අතරින් ම සැත විවරයට පිවිසේ.

චුද‍්දස ඛො පනිමානි යොනිප‍්පමුඛසතසහස‍්සානි සට‍්ඨි ච සතානි ඡ ච සතානි පඤ‍්ච ච කම‍්මුනො සතානි ච පඤ‍්ච ච කම‍්මානි, තීණි ච කම‍්මානි, කම‍්මෙ ච අඩ‍්ඪකම‍්මෙ ච, ද‍්වට‍්ඨිපටිපදා ද‍්වට‍්ඨන‍්තරකප‍්පා ඡළභිජාතියො. අට‍්ඨපුරිසභූමියො, එකූනපඤ‍්ඤාස ආජීවසතෙ, පරිබ‍්බාජකසතෙ, එකූනපඤ‍්ඤාස නාගාවාසසතෙ, වීසෙ ඉන්‍ද්‍රිය සතෙ, තිංසෙ නිරයසතෙ, ඡත‍්තිංස රජොධාතුයො, සත‍්තසඤ‍්ඤීගබ‍්භා, සත‍්ත අසඤ‍්ඤීගබ‍්භා, සත‍්ත නිගණ‍්ඨිගබ‍්භා, සත‍්ත දිබ‍්බා, සත‍්ත මානුසා, සත‍්ත පිසාචා, සත‍්ත සරා, සත‍්ත පවුධා, සත‍්ත ච පවුධසතානි, සත‍්ත පපාතා, සත‍්ත ච පපාතසතානි සත‍්ත සුපිනා, සත‍්ත ච සුපිනසතානි චුල‍්ලාසීති මහාකප‍්පුනො සතසහස‍්සානි යානි බාලෙ ච පණ‍්ඩිතෙ ච සන්‍ධාවිත්‍වා දුක‍්ඛස‍්සන‍්තං කරිස‍්සන‍්ති. තත්‍ථ නත්‍ථි: “ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්‍රහ‍්මචරියෙන වා අපරිපක‍්කං වා කම‍්මං පරිපාචෙස‍්සාමි පරිපක‍්කං වා කම‍්මං ඵුස‍්ස ඵුස‍්ස බ්‍යන‍්තීකරිස‍්සාමී”ති හෙවං නත්‍ථි: දොණමිතෙ සුඛදුක‍්ඛෙ පරියන‍්තකටෙ සංසාරෙ. නත්‍ථි හායනවඩ‍්ඪනෙ. නත්‍ථි උක‍්කංසාවකංසෙ. සෙය්‍යථා’පි නාම සුත‍්තගුළෙ ඛිත‍්තෙ නිබ‍්බෙඨියමානමෙව පලෙති, එවමෙව බාලෙ ච පණ‍්ඩිතෙ ච නිබ‍්බෙඨියමානා සුඛදුක‍්ඛං පලෙන‍්තී”ති?

බාලයෝත් පණ්ඩිතයෝත් යමක් කරා දිව සැරිසරා දුක් කෙළවර කරන්නාහු නම් (එබඳු) මේ උතුම් යෝනි තුදුස්ලක්‍ෂ සදහස්සසියයෙක් ද කර්‍ම පන්සියයෙක් ද, කර්‍ම පසෙක් ද කර්‍ම තුනෙක් ද, කර්‍මයෙක් ද, අර්‍ධකර්‍මයෙක් ද වෙයි. ප්‍රතිපදා දෙසැටෙකැ. අතුරුකප් දෙසැටෙකැ, අභිජාති සයෙකැ, පුරුෂභූමි අටෙකැ, ආජීවකවෘත්ති එක්සියඑකුන් පනසෙකැ, පිරිවැජි පැවිදි එක්සිය එකුන්පනසෙකැ, නාමඬුලු එක්සිය එකුන්පනසෙකැ, ඉන්‍ද්‍රිය එක්සියවිස්සෙකැ, නිරය එක්සිය තිසෙකැ, රජෝධාතු සතිසෙකැ, සංඥීගර්‍භ සතෙකැ, අසංඥීගර්‍භ සතෙකැ, නිගණ්ඨගර්‍භ සතෙකැ, දෙවියෝ සත්දෙනෙකැ, මිනිස්සු සත්දෙනෙකැ, පිසාචයෝ සත්දෙනෙකැ, මහවිල් සතෙකැ, මහගැට සතෙකැ, කුඩාගැට සත්සියයෙකැ, මහාප්‍රපාත සතෙකැ, කුඩාප්‍රපාත සත්සියයෙකැ, මහසිහින සතෙකැ කුඩාසිහින සත්සියයෙකැ මහාකල්ප සුවාසුලක්‍ෂයෙකි. මම මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බඹසරින් හෝ නුමුහුකුරා ගිය කර්‍මයක් මූකුරු වන්නෙමි යි හෝ එහි නැත. මුහුකුරා ගිය කර්‍මයක් විඳිමින් ගෙවන්නෙමි යි හෝ මෙසේත් නැති. සුවදුක් ද්‍රෝණයෙන් මනින ලද මෙනි. සසර කරන ලද කෙළවර ඇත්තේ යැ. පිරිහීම් වැඩුම් නැත. උස්පහත් වීම් නැති. (පර්‍වතයෙක හෝ රුක් මුදුනෙක හෝ සිට) හූගුලක් දමා ගැසූ කල්හි යම් සේ (හුයේ පමණට) ලිහෙමින් යේ ද, එසෙයින් ම බාලයෝත් පණ්ඩිතයෝත් (කාල වශයෙන්) ලිහෙමින් සුවදුක් දෙකට යෙති යි?

නො හෙතං භන‍්තෙ,

වහන්ස, තෙල නො වේ මැ යැ.

වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං -පෙ- යම‍්පිදං දිට‍්ඨං සුතං මුතං විඤ‍්ඤාතං පත‍්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තම‍්පි නිච‍්චං වා අනිච‍්චං වාති?

වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය … මේ යමකුත් දක්නා ලද නම් අසන ලද නම් සුඹුනා විඳුනා පහස්නා ලද නම් දන්නා ලද නම් පැමිණෙන ලද නම් සොයන ලද නම් සිතින් හැසිරෙන ලද නම් හෙ ද නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ? යි

අනිච‍්චං භන‍්තෙ -පෙ-.

වහන්ස, අනිත්‍ය යැ …

දුක‍්ඛං විපරිනාමධම‍්මං අපි නු තං අනුපාදාය එවං දිට‍්ඨි උප‍්පජ‍්ජෙය්‍ය : “සත‍්ති’මෙ කායා අකටා අකටවිධා අනිම‍්මිතා අනිම‍්මාතා වඤ‍්ඣා කූටට‍්ඨා එසිකට‍්ඨායිට‍්ඨිතා, තෙ න ඉඤ‍්ජන‍්ති න විපරිනමන‍්ති, න අඤ‍්ඤමඤ‍්ඤං බ්‍යාබාධෙන‍්ති, නාලං අඤ‍්ඤමඤ‍්ඤස‍්ස සුඛාය වා දුක‍්ඛාය වා, සුඛදුක‍්ඛාය වා, කතමෙ සත‍්ත : පඨවීකායො, ආපොකායො, තෙජොකායො, වායොකායො, සුඛෙ, දුක‍්ඛෙ, ජීවෙ. සත‍්ති’මෙ කායා අකටා අකටවිධා අනිම‍්මිතා අනිම‍්මාතා වඤ‍්ඣා

යමෙක් දුක් නම් පෙරැළෙන සැහැවි නම් එය නො ඇසුරු කොට මෙබඳු දෘෂ්ටියක් උපදී ද? “නො කරන ලද, නො කළ විධාන ඇති නො මැවුණු නොමවන ලද වඳ වූ පවුකුළක් මෙන් සිටී, ඉන්‍ද්‍රකීලයන් මෙන් නො සැලී සිටි මේ සත්කයෙකි. ඔහු නො සැලෙති, නො වෙනස් වෙති. ඔවුනොවුන් නො පෙළත්. ඔවුනොවුන්ට සුව පිණිස හෝ දුක් පිණිස හෝ සුවදුක් පිණිස හෝ නො වැටෙත්. කවර සතෙකැ යත්: පඨවිකාය යැ, ආපෝකාය යැ, තේජෝකාය යැ, වායෝකාය යැ, සුඛ යැ දුක්ඛ යැ, ජීව ය යි. මේ සත්කායයෝ නො කරන ලදහ. නොකළ විධාන ඇතියහ. නො මැවුණහ, නො මවන ලදහ, වඳයහ,

කූටට‍්ඨා එසිකට‍්ඨායිට‍්ඨිතා, තෙ න ඉඤ‍්ජන‍්ති, න විපරිනමන‍්ති, න අඤ‍්ඤමඤ‍්ඤං බ්‍යාබාධෙන‍්ති, නාලං අඤ‍්ඤමඤ‍්ඤස‍්ස සුඛාය වා දුක‍්ඛාය වා සුඛදුක‍්ඛාය වා. යො’පි තිණ‍්හෙන සත්‍ථෙන සීසං ඡින්‍දති, න කොචි කඤ‍්චි ජීවිතා වොරොපෙති, සත‍්තන‍්නංත්‍වෙව කායානමන‍්තරෙන සත්‍ථං විවරමනුපවිසති.

පවුකුළක් සේ සිටියහ. ඉන්‍ද්‍රකීලයක් මෙන් නො සැලී සිටියහ. ඔහු නො සැලෙති, නො වෙනස් වෙති. ඔවුනොවුන් නො පෙළති, ඔවුනොවුන්ට සුව පිණිස හෝ දුක් පිණිස හෝ සුවදුක් පිණිස හෝ නො වැටෙත්. යමෙක් තියුණු සැතෙකින් හිස සිඳුනේ නමුදු කිසිවෙක් කිසිවකු දිවියෙන් නො තොර කෙරෙයි. හුදෙක් සත්කාය අතරින් මැ සැත විවරයට පිවිසේ.

චුද‍්දස ඛො පන ඉමානි යොනිප‍්පමුඛසතසහස‍්සානි සට‍්ඨි ච සතානි ඡ ච සතානි, පඤ‍්ච ච කම‍්මුනො සතානි ච පඤ‍්ච ච කම‍්මානි, තීණි ච කම‍්මානි, කම‍්මෙ ච අඩ‍්ඪකම‍්මෙ ච, ද‍්වට‍්ඨිපටිපදා ද‍්වට‍්ඨන‍්තරකප‍්පා ඡළභිජාතියො. අට‍්ඨපුරිසභූමියො, එකූනපඤ‍්ඤාස ආජීවසතෙ, එකූනපඤ‍්ඤාස පරිබ‍්බාජකසතෙ, එකූනපඤ‍්ඤාස නාගාවාසසතෙ, වීසෙ ඉන්‍ද්‍රිය සතෙ, තිංසෙ නිරයසතෙ, ඡත‍්තිංස රජොධාතුයො, සත‍්ත සඤ‍්ඤීගබ‍්භා, සත‍්ත අසඤ‍්ඤීගබ‍්භා, සත‍්ත නිගණ‍්ඨිගබ‍්භා, සත‍්ත දිබ‍්බා, සත‍්ත මානුසා, සත‍්ත පිසාචා, සත‍්ත සරා, සත‍්ත පවුධා, සත‍්ත ච පවුධසතානි, සත‍්ත පපාතා, සත‍්ත ච පපාතසතානි සත‍්ත සුපිනා, සත‍්ත ච සුපිනසතානි චුල‍්ලාසීති මහාකප‍්පුනො සතසහස‍්සානි යානි බාලෙ ච පණ‍්ඩිතෙ ච සන්‍ධාවිත්‍වා දුක‍්ඛස‍්සන‍්තං කරිස‍්සන‍්ති.

බාලයෝත්, පණ්ඩිතයෝත් යමෙක දිව සැරිසරා දුක් කෙළවර කරන්නාහු නම් (එබඳු) මේ උතුම් යෝනි තුදුස් ලක්‍ෂ සදහස් සසියයෙක් වෙයි, කර්‍ම පන්සියයෙක් ද, කර්‍ම පසෙක් ද, කර්‍ම තුනෙක් ද කර්‍මයෙක් ද, අර්‍ධ කර්‍මයෙක් ද, වේ. ප්‍රතිපදා දෙසැටෙකැ. අතුරුකප් දෙසැටෙකැ, අභිජාති සයෙකැ, පුරුෂභූමි අටෙකැ, ආජීවක වෘත්ති එක්සිය එකුන්පනසෙකැ, පිරිවැජි පැවිදි එක්සිය එකුන්පනසෙකැ, නාමඬුලු එක්සිය එකුන්පනසෙකැ, ඉන්‍ද්‍රිය එක්සියවිස්සෙකැ, නිරය එක්සියතිසෙකැ, රජෝධාතු සතිසෙකැ, සංඥීගර්‍භ සතෙකැ, අසංඥීගර්‍භ සතෙකැ, නිගණ්ඨගර්‍භ සතෙකැ, දෙවියෝ සත්දෙනෙකැ, මිනිස්සු සත්දෙනෙකැ, පිසාචයෝ සත්දෙනෙකැ, මහවිල් සතෙකැ, මහගැට සතෙකැ, කුඩාගැට සත්සියයෙකැ, මහාප්‍රපාත සතෙකැ, කුඩාප්‍රපාත සත්සියයෙකැ මහසිහින සතෙකැ, කුඩාසිහින සත්සියයෙකැ, මහාකල්ප සුවාසූ ලක්‍ෂයෙකි.

තත්‍ථ නත්‍ථි: “ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්‍රහ‍්මචරියෙන වා අපරිපක‍්කං වා කම‍්මං පරිපාචෙස‍්සාමි පරිපක‍්කං වා කම‍්මං ඵුස‍්ස ඵුස‍්ස බ්‍යන‍්තීකරිස‍්සාමී”ති හෙවං නත්‍ථි: දොණමිතෙ සුඛදුක‍්ඛෙ පරියන‍්තකටෙ සංසාරෙ. නත්‍ථි හායනවඩ‍්ඪනෙ. නත්‍ථි උක‍්කංසාවකංසෙ. සෙය්‍යථා’පි නාම සුත‍්තගුළෙ ඛිත‍්තෙ නිබ‍්බෙඨියමානමෙව පලෙති, එවමෙව බාලෙ ච පණ‍්ඩිතෙ ච නිබ‍්බෙඨියමානා සුඛදුක‍්ඛං පලෙන‍්තී?

“මම මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බඹසරින් හෝ නුමුහුකුරා ගිය කර්‍මය මුහුකුර වන්නෙමි යි හෝ එහි නැතැ, මුහුකුරා ගිය කර්‍මය විඳිමින් ගෙවන්නෙමි’යි මෙසේත් නැති. සුවදුක් ද්‍රෝණයෙන් මනින ලද මෙනි. සසර කරන ලද කෙළවර ඇත්තේ ය. පිරිහීම් වැඩීම් නැත. උස්පහත් බැව් නැති. හූගුලක් (පර්‍වතයෙක හෝ රුක් මුදුනෙක හෝ සිට) දමා ගැසූ කල යම්සේ (හුයේ පමණට) ලිහෙමින් යේ ද, එසෙයින් ම බාලයෝත් පණ්ඩිතයෝත් (කාල වශයෙන්) ලිහෙමින් සුවදුකට යෙත් දැ”යි?

නො හෙතං භන‍්තෙ,

වහන්ස, තෙල නො වේ මැ යි.

යතො ඛො භික‍්ඛවෙ, අරියසාවකස‍්ස ඉමෙසු ඡසු ඨානෙසු කඞ‍්ඛා පහීනා හොති, දුක‍්ඛෙ’පිස‍්ස කඞ‍්ඛා පහීනා හොති -පෙ- දුක‍්ඛනිරොධගාමිනියා පටිපදායපිස‍්ස කඞ‍්ඛා පහීනා හොති. අයං වුච‍්චති භික‍්ඛවෙ, අරියසාවකො සොතාපන‍්නො අවිනිපාතධම‍්මො නියතො සම‍්බොධිපරායනොති.

මහණෙනි, යම්කලෙක මේ සතැන්හි අරීසවුහුගේ සැකය ප්‍රහීණ වූයේ වේ නම් දුකෙහි ද ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වෙයි … දුක නැවැත්මට පමුණුවන පිළිවෙතෙහි ද ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වේ. මහණෙනි, අපායෙහි නො වැටෙන නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති මේ අරීසවු තෙමේ සෝතාපන්න යයි කියනු ලැබේ යි.