හෙතු සුත‍්තං
3. 1. 7.
3. 1. 7.
හෙතු සුත‍්තං
හේතු සූත්‍රය
212. සාවත්‍ථියං:
212. සැවැත්නුවර:
කිස‍්මිං නු ඛො භික‍්ඛවෙ, සති කිං උපාදාය කිං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති? “නත්‍ථි හෙතු නත්‍ථි පච‍්චයො සත‍්තානං සඞ‍්කිලෙසාය, අහෙතූ අප‍්පච‍්චයා සත‍්තා සඞ‍්කිලිස‍්සන‍්ති. නත්‍ථි හෙතු නත්‍ථි පච‍්චයො සත‍්තානං විසුද‍්ධියා. අහෙතූ අප‍්පච‍්චයා සත‍්තා විසුජ‍්ඣන‍්ති. නත්‍ථි බලං නත්‍ථි විරියං නත්‍ථි පුරිසථාමො නත්‍ථි පුරිසපරක‍්කමො සබ‍්බෙ සත‍්තා සබ‍්බෙ පාණා සබ‍්බෙ භූතා සබ‍්බෙ ජීවා අවසා අබලා අවිරියා, නියති සඞ‍්ගතිභාවපරිනතා ඡස‍්වෙවාභිජාතීසු සුඛදුක‍්ඛං පටිසංවෙදෙන‍්තී”ති?
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා කුමක් ඇසුරු කොට කුමකට පිවිස “සත්ත්‍වයන්ගේ කෙලෙසීමට හේතුවෙක් නැත. ප්‍රත්‍යයෙක් නැති. හේතු රහිත ව ප්‍රත්‍යය රහිත ව සත්ත්‍වයෝ කෙලෙසෙත්. සත්ත්‍වයන්ගේ විශුද්ධියට හේතුවක් නැත, ප්‍රත්‍යයෙක් නැති. හේතු රහිත ව ප්‍රත්‍යය රහිත ව සත්ත්‍වයෝ විශුද්ධි වෙත්. (තමා සුවපත් කරනුවට) බලයෙක් නැත, වීර්‍ය්‍යයෙක් නැත, පුරුෂ ශක්තියෙක් නැත, පුරුෂ පරාක්‍රමයෙක් නැති. සියලු සත්ත්‍වයෝ සියලු ප්‍රාණීහු සියලු භූතයෝ සියලු ජීවයෝ වශයෙහි නො පවත්නාහු බල නැත්තාහු වීර්‍ය්‍ය රහිත වූවාහු නියත වශයෙන් සංක්‍රමණ වශයෙන් හා ස්වභාව වශයෙන් නන්වැදෑරුම් බවට පැමිණියාහු සවැදෑරුම් (කෘෂ්ණ නීලාදී) අභිජාතීන්හි ම සුවදුක් විඳිති”යි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි?
භගවම‍්මූලකා නො භන‍්තෙ, ධම‍්මා -පෙ-.
වහන්ස, අපගේ දහම්හු භග්‍වත්හු මුල් කොට ඇතියහ …
රූපෙ ඛො භික‍්ඛවෙ, සති රූපං උපාදාය රූපං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති : “නත්‍ථි හෙතු නත්‍ථි පච‍්චයො සත‍්තානං සඞ‍්කිලෙසාය -පෙ- ඡස‍්වෙවාභිජාතිසු සුඛදුක‍්ඛං පටිසංවෙදෙන‍්තී”ති. වෙදනාය සති -පෙ- සඤ‍්ඤාය සති -පෙ- සඞ‍්ඛාරෙසු සති -පෙ- විඤ‍්ඤාණෙ සති විඤ‍්ඤාණං උපාදාය, විඤ‍්ඤාණං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති : “නත්‍ථි හෙතු නත්‍ථි පච‍්චයො සත‍්තානං සඞ‍්කිලෙසාය -පෙ- ඡස‍්වෙවාභිජාතිසු සුඛදුක‍්ඛං පටිසංවෙදෙන‍්තී”ති.
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස “සත්ත්‍වයන් ගේ කෙලෙසීමට හේතුයෙක් නැත. ප්‍රත්‍යයෙක් නැති … සවැදෑරුම් අභිජාතීන්හි ම සුවදුක් විඳිති”යි මෙබඳු දෘෂ්ටියක් උපදියි, වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස “සත්ත්‍වයන්ගේ කෙලෙසීමට හේතුවෙක් නැත, ප්‍රත්‍යයෙක් නැත. … සවැදෑරුම් අභිජාතීන්හි ම සුවදුක් විඳිති”යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ, රූපං නිච‍්චං වා අනිච‍්චං වාති?
මහණෙනි, ඒ කිමැ’යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද අනිත්‍ය හෝ වේ දැ? යි
අනිච‍්චං භන‍්තෙ, -පෙ-
වහන්ස, අනිත්‍ය යැ ….
යං පනානිච‍්චං දුක‍්ඛං විපරිනාමධම‍්මං අපි නු තං අනුපාදාය එවං දිට‍්ඨි උප‍්පජ‍්ජෙය්‍ය : “නත්‍ථි හෙතු, නත්‍ථි පච‍්චයො සත‍්තානං සංකිලෙසාය -පෙ- ඡස‍්වෙවාභිජාතිසු සුඛදුක‍්ඛං පටිසංවෙදෙන‍්තී”ති.
යමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නොඇසුරු කොට සත්ත්‍වයන්ගේ කෙලෙසීමට “හේතුවෙක් නැත, ප්‍රත්‍යයෙක් නැත. … ෂඩ් භිජාතීන්හි ම සුවදුක් විඳිති”යි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි?”
නො හෙතං භන‍්තෙ.
වහන්ස, තෙල නො වේ මැ යි.
“වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං -පෙ- “යම‍්පිදං දිට‍්ඨං සුතං මුතං විඤ‍්ඤාතං පත‍්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තම‍්පි නිච‍්චං වා අනිච‍්චං වා”ති?
වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය … මේ යමෙකුත් දක්නා ලද්දේ අසන ලද්දේ සුඹුනා රස විඳුනා පහස්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සොයන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේ නම් හෙ ද නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි?
අනිච‍්චං භන‍්තෙ -පෙ-
වහන්ස, අනිත්‍ය යැ…
යං පනානිච‍්චං දුක‍්ඛං විපරිනාමධම‍්මං අපි නු තං අනුපාදාය එවං දිට‍්ඨි උප‍්පජ‍්ජෙය්‍ය? “නත්‍ථි හෙතු නත්‍ථි පච‍්චයො සත‍්තානං සඞ‍්කිලෙසාය, අහෙතු අප‍්පච‍්චයා සත‍්තා සඞ‍්කිලිස‍්සන‍්ති, නත්‍ථි හෙතු නත්‍ථි පච‍්චයො සත‍්තානං විසුද‍්ධියා, අහෙතු අප‍්පච‍්චයා සත‍්තා විසුජ‍්ඣන‍්ති, නත්‍ථි බලං නත්‍ථි විරියං නත්‍ථි පුරිසථාමො නත්‍ථි පුරිස පරක‍්කමො, සබ‍්බෙ සත‍්තා සබ‍්බෙ පාණා සබ‍්බෙ භූතා සබ‍්බෙ ජීවා අවසා අබලා අවිරියා, නියතිසඞ‍්ගතිභාවපරිනතා ඡස‍්වෙවාභිජාතිසු සුඛදුක‍්ඛං පටිසංවෙදෙන‍්තී”ති?
යමෙක් දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට සත්ත්‍වයන්ගේ කෙලෙසීමට හේතුවෙක් නැත. ප්‍රත්‍යයෙක් නැති. හේතු රහිත ව, ප්‍රත්‍යය රහිත ව සත්ත්‍වයෝ කෙලෙසෙති. සත්ත්‍වයන්ගේ විශුද්ධියට හේතුවෙක් නැත, ප්‍රත්‍යයෙක් නැති, හේතුරහිත ව ප්‍රත්‍යය රහිත ව සත්ත්‍වයෝ විශුද්ධ වෙත්. බලයෙක් නැත, වීර්‍ය්‍යයෙක් නැත, පුරුෂශක්තියෙක් නැත, පුරුෂපරාක්‍රමයෙක් නැති. සියලු සත්ත්‍වයෝ සියලු ප්‍රාණීහු සියලු භූතයෝ සියලු ජීවයෝ වශයෙහි නො පවත්නාහු බලරහිත වූවාහු වීර්‍ය්‍ය නැත්තාහු නියත වශයෙන් සංක්‍රමණ වශයෙන් හා ස්වභාව වශයෙන් නන්වැදෑරුම් බවට පැමිණියාහු ෂඩභිජාතීන්හි ම සුවදුක් විඳිති”යි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි?
නො හෙතං භන‍්තෙ.
වහන්ස, තෙල නො වේ මැ යි.
යතො ඛො භික‍්ඛවෙ, අරියසාවකස‍්ස ඉමෙසු ඡසු ඨානෙසු කඞ‍්ඛා පහීනා හොති, දුක‍්ඛෙ’පිස‍්ස කඞ‍්ඛා පහීනා හොති -පෙ- දුක‍්ඛනිරොධගාමිනියා පටිපදාය’පිස‍්ස කඞ‍්ඛා පහීනා හොති. අයං වුච‍්චති භික‍්ඛවෙ, අරියසාවකො සොතාපන‍්නො අවිනිපාතධම‍්මො නියතො සම‍්බොධිපරායනො”ති.
මහණෙනි, යම් කලෙක මේ සතැන්හි අරිසවුහුගේ සැකය ප්‍රහීණ වූයේ වේ නම් දුක්ඛ යෙහි දු ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වෙයි … දුක්ඛනිරෝධගාමිනීපටිපදායෙහි දු ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වෙයි. මහණෙනි, අපායෙහි නො වැටෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති මේ අරීසවු තෙමේ සෝතාපන්න යි කියනු ලැබේ යි.