යෙදුමෙන් කියවන්න

කරතො සුත‍්තං

3. 1. 6.

3. 1. 6.

කරතො සුත‍්තං

කරොතො සූත්‍රය

211. සාවත්‍ථියං:

211. සැවැත්නුවර:

කිස‍්මිං නු ඛො භික‍්ඛවෙ, සති කිං උපාදාය කිං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති : “කරතො කාරයතො ඡින්‍දතො ඡෙදාපයතො පචතො පාචයතො සොචතො සොචාපයතො කිලමතො කිලමාපයතො ඵන්‍දතො ඵන්‍දාපයතො පාණමතිපාතයතො අදින‍්නං ආදියතො සන්‍ධිං ඡින්‍දතො නිල‍්ලොපං හරතො එකාගාරිකං කරොතො පරිපන්‍ථෙ තිට‍්ඨතො. පරදාරං ගච‍්ඡතො මුසා භණතො කරොතො න කරීයති පාපං, ඛුරපරියන‍්තෙන චෙ’පි චක‍්කෙන යො ඉමිස‍්සා පඨවියා පාණෙ එකමංසඛලං එකමංසපුඤ‍්ජං කරෙය්‍ය, නත්‍ථි තතො නිදානං පාපං. නත්‍ථි පාපස‍්ස ආගමො. දක‍්ඛිණඤ‍්චෙ’පි ගඞ‍්ගාය තීරං ගච‍්ඡෙය්‍ය හනන‍්තො ඝාතෙන‍්තො ඡින්‍දන‍්තො ඡෙදාපෙන‍්තො පචන‍්තො, පාචෙන‍්තො, නත්‍ථි තතො නිදානං පාපං, නත්‍ථි පාපස‍්ස ආගමො. උත‍්තරඤ‍්චෙ’පි ගඞ‍්ගාය තීරං ගච‍්ඡෙය්‍ය දදන‍්තො දාපෙන‍්තො යජන‍්තො යාජෙන‍්තො, නත්‍ථි තතො නිදානං පුඤ‍්ඤං, නත්‍ථි පුඤ‍්ඤස‍්ස ආගමො. දානෙන දමෙන සංයමෙන සච‍්චවජ‍්ජෙන නත්‍ථි පුඤ‍්ඤං නත්‍ථි පුඤ‍්ඤස‍්ස ආගමො”ති.

ඍමහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා කුමකට පිවිස මෙබඳු දෘෂ්ටියක් උපදී ද? (එනම්:) තමා ම කරන්නහුට මෙරමා ලවා කරවන්නහුට අනුන්ගේ අත්පා ආදිය සිඳිනහුට සිඳුවන්නහුට දඬුමුගුරු ආදියෙන් පෙළන්නහුට පෙළවන්නහුට මෙරමා තවන්නහුට තවවන්නහුට අනුන් වෙහෙසන්නහුට මෙරමා ලවා වෙහෙස කරවන්නහුට අනුන් කම්පිත කරන්නහුට කම්පිත කරවන්නහුට පරපණ නස්නහුට නස්වන්නහුට නොදුන් දෑ ගන්නහුට ගන්වන්නහුට ගෙවල් බිඳින්නහුට බිදුවන්නහුට මහාවිලෝප (සියල්ල පැහැර ගැනීම්) කරන්නහුට එක්ගෙයක් වටා සිට බඩු පැහැර ගන්නහුට මඟ රැක සිට යනෙනුවන් බඩු පැහැර ගන්නහුට පරඹුන් කරා යන්නහුට මුසා බණන්නහුට (පවක් කරමි යන හැඟීමෙන්) කරන්නහුට පවා පවක් නො කෙරේ. (පවෙක් නැත.) ඉදින් යමෙක් කර වැනි නිම්වළලු ඇති නොහොත් කරමුවහත් වැනි කෙළෙවර ඇති සකෙකින් මේ පොළොවෙහි ප්‍රාණීන් එක්මස් රැසක් එක්මස් පිඬක් කරන්නේ නම් ඒ හේතුයෙන් වන පවෙක් නැත, පවෙහි ඊමෙක් නැති. ඉදින් නසමින් නස්වමින් සිඳිමින් සිඳුවමින් පෙළමින් පෙළවමින් දකුණු ගංඉවුරට ද යන්නේ නම් ඒ හේතුයෙන් පවෙක් නැත. පවෙහි ඊමෙක් නැති. ඉදින් දෙමින් දෙවමින් යාග කරමින් කරවමින් උතුරුගංතෙරට ද යන්නේ නම් ඒ හේතු යෙන් පිනෙක් නැත, පිනෙහි ඊමෙක් නැති. දානයෙන් ඉන්‍ද්‍රිය දමනයෙන් ශීලසංයමයෙන් සත්‍යවචනයෙන් පිනෙක් නැත. පිනෙහි ඊමෙක් නැති”යි කියා යි.

භගවම‍්මූලකා නො භන‍්තෙ, ධම‍්මා -පෙ-

වහන්ස, අපගේ දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ …

“රූපං ඛො භික‍්ඛවෙ, සති රූපං උපාදාය රූපං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති, “කරතො කාරයතො -පෙ- දානෙන දමෙන සංයමෙන සච‍්චවජ‍්ජෙන නත්‍ථි පුඤ‍්ඤං නත්‍ථි පුඤ‍්ඤස‍්ස ආගමො”ති. වෙදනාය සති -පෙ- සඤ‍්ඤාය සති -පෙ- සඞ‍්ඛාරෙසු සති -පෙ- විඤ‍්ඤාණෙ සති, විඤ‍්ඤාණං උපාදාය, විඤ‍්ඤාණං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති : “කරතො කාරයතො -පෙ- නත්‍ථි පුඤ‍්ඤං නත්‍ථි පුඤ‍්ඤස‍්ස ආගමො”ති.

මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස කරන්නහුට කරවන්න හුට … දානයෙන් ඉන්‍ද්‍රිය දමනයෙන් ශීලසංයමයෙන් සත්‍යවචනයෙන් පිනෙක් නැත. පිනෙහි ඊමෙක් නැති”යි මෙබඳු දිටුයෙක් උපදියි, වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස කරන්හුට කරවන්නහුට … සත්‍ය වචනයෙන් පිනෙක් නැත පිනෙහි ඊමෙක් නැති”යි මෙබඳු දෘෂ්ටියක් උපදී.

“තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ, රූපං නිච‍්චං වා අනිච‍්චං වාති?

මහණෙනි, ඒ කිමැ’යි හඟිවු ද, රූපය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි?

අනිච‍්චං භන‍්තෙ -පෙ-

වහන්ස, අනිත්‍ය යැ ….

අපි නු තං අනුපාදාය එවං දිට‍්ඨි උප‍්පජ‍්ජෙය්‍ය, ‘කරතො කාරයතො -පෙ- නත්‍ථි පුඤ‍්ඤං නත්‍ථි පුඤ‍්ඤස‍්ස ආගමො”ති.

එය නොඇසුරු කොට “කරන්නහුට කරවන්නහුට … පිනෙක් නැත. පිනෙහි ඊමෙක් නැතැ”යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?

නො හෙතං භන‍්තෙ.

වහන්ස, තෙල නො වේ ම යි.

වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං -පෙ- යම‍්පිදං දිට‍්ඨං සුතං මුතං විඤ‍්ඤාතං පත‍්තං පරියෙසිතං අනුවිචරිතං මනසා තම‍්පි නිච‍්චං වා අනිච‍්චං වා”ති?

වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය … මේ යමෙකුත් දක්නා ලද්දේ අසන ලද්දේ සුඹුනා රස විඳුනා පහස්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සොයන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේ නම් හෙ ද නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ යි?

අනිච‍්චං භන‍්තෙ -පෙ-

වහන්ස, අනිත්‍ය යැ…

යං පනානිච‍්චං දුක‍්ඛං විපරිනාමධම‍්මං අපි නු තං අනුපාදාය එවං දිට‍්ඨි උප‍්පජ‍්ජෙය්‍ය : “කරතො කාරයතො ඡින්‍දතො ඡෙදාපයතො පචතො පාචයතො සොචතො සොචයතො කිලමතො කිලමාපයතො ඵන්‍දතො ඵන්‍දාපයතො පාණමතිපාතයතො අදින‍්නං ආදියතො සන්‍ධිං ඡින්‍දතො නිල‍්ලොපං හරතො එකාගාරිකං කරොතො පරිපන්‍ථෙ තිට‍්ඨතො පරදාරං ගච‍්ඡතො මුසා භණතො. කරතො න කරීයති පාපං, ඛුරපරියන‍්තෙන චෙපි චක‍්කෙන යො ඉමිස‍්සා පඨවියා පාණෙ එකමංසඛලං එකමංසපුඤ‍්ජං කරෙය්‍ය නත්‍ථි තතො නිදානං පාපං නත්‍ථි පාපස‍්ස ආගමො, දක‍්ඛිණඤ‍්චෙපි ගඞ‍්ගාය තීරං ගච‍්ඡෙය්‍ය හනන‍්තො ඝාතෙන‍්තො ඡින්‍දන‍්තො ඡෙදාපෙන‍්තො පචන‍්තො පාචෙන‍්තො නත්‍ථි තතො නිදානං පාපං, නත්‍ථි පාපස‍්ස ආගමො. උත‍්තරඤ‍්චෙපි ගඞ‍්ගාය තීරං ගච‍්ඡෙය්‍ය දදන‍්තො දාපෙන‍්තො යජන‍්තො යාජෙන‍්තො. නත්‍ථි තතො නිදානං පුඤ‍්ඤං නත්‍ථි පුඤ‍්ඤස‍්ස ආගමො, දානෙන දමෙන සංයමෙන සච‍්චවජ‍්ජෙන නත්‍ථි පුඤ‍්ඤං නත්‍ථි පුඤ‍්ඤස‍්ස ආගමො”ති?

යමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නොඇසුරු කොට කරන්නහුට කරවන්නහුට සිඳින්නහුට සිඳුවන්නහුට පෙළන්නහුට පෙළවන්නහුට මෙරමා තවන්නහුට තවවන්නහුට ක්ලාන්ත වන්නහුට ක්ලාන්ත කරවන්නහුට කම්පිත කරන්නහුට කම්පිත කරවන්නහුට පරපණ නසන්නහුට නස්වන්නහුට නුදුන් දේ ගන්නහුට ගන්වන්නහුට ගෘහසන්‍ධි සිඳින්නහුට ගම් පහරන්නහුට එක්ගෙයක් පහරන්නහුට මං පැහැරීමෙහි යෙදී සිටින්නහුට පරඹුන් කරා යන්නහුට මුසා බණන්නහුට (පවක් කරමි හැඟීමෙන්) කරන්නහුට පවෙක් නො කෙරෙයි. (පවෙක් නැත). ඉදින් යමෙක් කරවැනි නිම්වළලු ඇති නොහොත් කරමුවහත් වැනි කෙළෙවර ඇති සකෙකින් මේ පොළොවෙහි ප්‍රාණීන් එක්මස් රැසක් එක්මස් පිඬක් කරන්නේ නම් ඒ හේතුයෙන් පවෙක් නැත. පවෙහි ඊමෙක් නැති. ඉදින් නසමින් නස්වමින් සිඳිමින් සිඳුවමින් පෙළමින් පෙළවමින් දකුණු ගංතෙරට ද යන්නේ නම් එ හේතුයෙන් පවෙක් නැත. පවෙහි ඊමෙක් නැති. ඉදින් දෙමින් දෙවමින් යාග කරමින් කරවමින් උතුරු ගං තෙරට ද යන්නේ නම් ඒ හේතුයෙන් පිනෙක් නැත. පිනෙහි ඊමෙක් නැති. දානයෙන් ඉන්‍ද්‍රියදමනයෙන් ශීලසංයමයෙන් සත්‍යවචනයෙන් පිනෙක් නැත. පිනෙහි ඊමෙක් නැති”යි මෙබඳු දෘෂ්ටියක් උපදනේ දැ? යි.

නො හෙතං භන‍්තෙ.

වහන්ස, තෙල නො වේ මැ යි.

යතො ඛො භික‍්ඛවෙ, අරියසාවකස‍්ස ඉමෙසු ඡසු ඨානෙසු කඞ‍්ඛා පහීනා හොති, දුක‍්ඛෙපිස‍්ස කඞ‍්ඛා පහීනා හොති, දුක‍්ඛසමුදයෙපිස‍්ස කඞ‍්ඛා පහීනා හොති, දුක‍්ඛනිරොධෙපිස‍්ස කඞ‍්ඛා පහීනා හොති, දුක‍්ඛනිරොධගාමිනියා පටිපදායපිස‍්ස කඞ‍්ඛා පහීනා හොති. අයං වුච‍්චති භික‍්ඛවෙ, අරියසාවකො සොතාපන‍්නො අවිනිපාතධම‍්මො නියතො සම‍්බොධිපරායනොති.

මහණෙනි, යම් කලෙක මේ සතැන්හි ආර්‍ය්‍යශ්‍රාවකගේ සැකය ප්‍රහීණ වූයේ නම් දුකෙහි ද ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වෙයි, දුක්හටගැන්මෙහි ද ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වෙයි, දුක්නැවැත්මෙහි ද ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වෙයි, දුක නැවැත්මට යන පිළිවෙතෙහි ද ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වේ. මහණෙනි මේ ආර්‍ය ශ්‍රාවක සෝතාපන්න යැ, අපායෙහි නො වැටෙන සැහැවි යැ, ගතිනියත යැ සම්බෝධිය පිහිට කොට ඇතැයි කියනු ලැබේ යි.