3-4. ආයාචනවග්ගො අට්ඨකථා
3-4. ආයාචන වර්ගය
1-11. මාර සුත්තාදිවණ්ණනා
1-11. මාර ආදි සූත්‍ර වර්ණනා
තතො පරං උත්තානත්ථමෙව. අයඤ්හි රාධත්ථෙරො පටිභානියත්ථෙරො නාම. තථාගතස්ස ඉමං ථෙරං දිස්වා සුඛුමං කාරණං උපට්ඨාති. තෙනස්ස භගවා නානානයෙහි ධම්මං දෙසෙති. එවං ඉමස්මිං රාධසංයුත්තෙ ආදිතො ද්වෙ වග්ගා පුච්ඡාවසෙන දෙසිතා, තතියො ආයාචනෙන, චතුත්ථො උපනිසින්නකකථාවසෙන. සකලම්පි පනෙතං රාධසංයුත්තං ථෙරස්ස විමුත්තිපරිපාචනීයධම්මවසෙනෙව ගහිතන්ති වෙදිතබ්බං.
ඉන් අනතුරුව එන සූත්‍රයන්හි අර්ථ පහසුය. මැනවින් වැටහේ. මේ රාධ තෙරුන් වහන්සේ ප්රතිභාණී නම් තෙරනමකි. තථාගතයන් වහන්සේට මේ තෙරුන් දැක සූක්ෂම වූ කරුණු වැටහේ. එනිසා භාග්‍යවතුන් වහන්සේ, උන්වහන්සේ නානාවිධ ක්‍රමවලින් ධර්මය දේශනා කරන සේක. මෙසේ මේ රාධ සංයුත්තයේ මුල පටන් ඇති වර්ග දෙකෙහිම ප්‍රශ්නෝත්තර වශයෙන් ධර්මය දේශනා කර ඇත. තෙවැනි වර්ගය ආයාචනා-ඉල්ලීම් අනුව දේශිතය. සිවුවන වර්ගය සමීපයේ හිඳගැනීම් වශයෙන් කරන ලද සුහද කථා වශයෙන් දේශිත සූත්‍රයන්ගෙන් යුක්තය. මේ රාධ සංයුත්තයේ එන සෑම සූත්රයකින්ම තෙරුන්ගේ විමුක්තිය මුහුකුරා යන ධර්ම වශයෙන්ම දේශනා කරන ලදැයි දතයුතුයි.
රාධසංයුත්තවණ්ණනා නිට්ඨිතා.
රාධ සංයුත්තය නිමියේය.