යෙදුමෙන් කියවන්න

නෙව හොති න නහොති තථාගතසුත‍්තං

3. 1. 18.

3. 1. 18.

නෙව හොති න නහොති තථාගතසුත‍්තං

නේව හොති න න හොති තථාගත සූත්‍රය

223. සාවත්‍ථියං:

223. සැවැත්නුවර:

කිස‍්මිං නු ඛො භික‍්ඛවෙ, සති කිං උපාදාය කිං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති : “නෙව හොති න නහොති තථාගතො පරම‍්මරණා”ති?

මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස “සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වෙයි” යන මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි?

භගවම‍්මූලකා නො භන‍්තෙ, ධම‍්මා -පෙ-.

වහන්ස අපගේ දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ. …

රූපෙ ඛො භික‍්ඛවෙ, සති රූපං උපාදාය රූපං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති : නෙව හොති න නහොති තථාගතො පරම‍්මරණා”ති. වෙදනාය සති -පෙ- සඤ‍්ඤාය සති -පෙ- සඞ‍්ඛාරෙසු සති -පෙ- විඤ‍්ඤාණෙ සති විඤ‍්ඤාණං උපාදාය විඤ‍්ඤාණං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති : “නෙව හොති න නහොති තථාගතො පරම‍්මරණා”ති.

මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස “සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි, නො ම නො වෙයි” යන මෙ බඳු දෘෂ්ටියක් උපදියි. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස “සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි, නො ම නො වෙයි” යන මෙ බඳු දෘෂ්ටියක් උපදී.

තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ, රූපං නිච‍්චං වා අනිච‍්චං වාති?

මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ යි.

අනිච‍්චං භන‍්තෙ -පෙ-.

වහන්ස, අනිත්‍ය ය. ...

දුක‍්ඛං විපරිනාමධම‍්මං, අපි නු තං අනුපාදාය එවං දිට‍්ඨි උප‍්පජ‍්ජෙය්‍ය : “නෙව හොති න නහොති. තථාගතො පරම‍්මරණා”ති.

දුක් නම් වෙනස් වන සුලු නම් එය නො ඇසුරු කොට “සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි, නො ම නො වෙයි” යන මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?

නො හෙතං භන‍්තෙ.

වහන්ස, මෙය නො වේ මැ යැ.

වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං -පෙ- යම‍්පිදං දිට‍්ඨං සුතං මුතං විඤ‍්ඤාතං පත‍්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තම‍්පි නිච‍්චං වා අනිච‍්චං වාති?

වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය… මේ යමෙකුත් දක්නා ලද්දේ අසන ලද්දේ මුත විසින් ගන්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සොයන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේ නම් හෙ ද නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි?.

අනිච‍්චං භන‍්තෙ,

වහන්ස, අනිත්‍ය යැ.

යම‍්පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වා’ති?

යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද, සුව හෝ වේ දැ? යි.

දුක‍්ඛං භන‍්තෙ,

වහන්ස, දුක් යැ.

යම‍්පනානිච‍්චං දුක‍්ඛං විපරිනාමධම‍්මං අපි නු තං අනුපාදාය එවං දිට‍්ඨි උප‍්පජ‍්ජෙය්‍ය : “නෙව හොති, න නහොති තථාගතො පරම‍්මරණා”ති?

යමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වන සුලු නම් එය නො ඇසුරු කොට සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නොම නො වෙයි යන මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි?

නො හෙතං භන‍්තෙ,

වහන්ස, තෙල නො වේ මැ යි.

යතො ඛො භික‍්ඛවෙ, අරියසාවකස‍්ස ඉමෙසු ඡසු ඨානෙසු කඞ‍්ඛා පහීනා හොති, දුක‍්ඛෙ’පිස‍්ස කඞ‍්ඛා පහීනා හොති, දුක‍්ඛසමුදයෙ’පිස‍්ස කඞ‍්ඛා පහීනා හොති, දුක‍්ඛනිරොධෙ’පිස‍්ස කඞ‍්ඛා පහීනා හොති, දුක‍්ඛනිරොධගාමිනියා පටිපදාය’පිස‍්ස කඞ‍්ඛා පහීනා හොති. අයං වුච‍්චති භික‍්ඛවෙ, අරියසාවකො සොතාපන‍්නො අවිනිපාතධම‍්මො නියතො සම‍්බොධිපරායනොති.

මහණෙනි, යම් කලෙක මේ සතැන්හි අරීසවුහුගේ සැකය ප්‍රහීණ වූයේ වේ නම් දුකෙහිත් ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වෙයි. දුක හටගැන්මෙහිත් ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වෙයි, දුක නැවැත්මෙහිත් ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වෙයි, දුක නැවැත්මට පමුණුවන පිළිවෙතෙහිත් ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වේ, මහණෙනි, අපායෙහි නො වැටෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති මේ අරිසවු සෝතාපන්න ය යි කියනු ලැබේ.

සොතාපත‍්තිවග‍්ගො පඨමො.

පළමුවැනි සෝතාපත්ති වර්‍ග යි.

තත්‍රුද‍්දානං:

එහි සූත්‍රනාමාවලිය:

වාතං එතං මම සො අත‍්තා නො ච මෙ සියා නත්‍ථි කරොතො හෙතු ච මහාදිට‍්ඨෙන චා’ට‍්ඨමං. සස‍්සතො ලොකො අපරො අසස‍්සතො ච අන‍්තවා අනන‍්තවා ච තං වුත‍්තං තං ජීවං තං සරීරන‍්ති අඤ‍්ඤංජීවමඤ‍්ඤංසරීරං හොති තථාගතාදි ච න හොති තථාගතාදි පරම‍්මරණසුත‍්තෙන නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති.

වාත, එතං මම, සො අත්තා, නො ච මෙ සියා, නත්‍ථිදින්න, කරතො, නත්‍ථිහේතු යන සූත්‍රය, අටවැනි මහාදිට්ඨි සූත්‍රය, අනෙක් සස්සතලෝක, අස්සසතලොක, අන්තවා ලෝක, අනන්තවාලෝක, තත්ජීව තත්සරීර, අන්‍යත් ජීව අන්‍යත් සරීර, හොති තථාගත, න හොති තථාගත, හොති ච නච හොති තථාගත, නෙච හොති න නහොති තථාගත සූත්‍රයෝ යයි සූත්‍ර අටළොසකි.