යෙදුමෙන් කියවන්න

හොති ච න ච හොති තථාගතසුත‍්තං

3. 1. 17.

3. 1. 17.

හොති ච න ච හොති තථාගතසුත‍්තං

හොති ච නච හොති තථාගත සූත්‍රය

222. සාවත්‍ථියං:

222. සැවැත්නුවර:

කිස‍්මිං නු ඛො භික‍්ඛවෙ, සති කිං උපාදාය කිං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති : “හොති ච න ච හොති තථාගතො පරම‍්මරණා”ති?

මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස සත්ත්‍වයා මරණින් මතු වෙයි, නො ද වෙයි යන මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ? යි.

භගවම‍්මූලකා නො භන‍්තෙ, ධම‍්මා -පෙ-.

වහන්ස, අපගේ දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ. …

රූපෙ ඛො භික‍්ඛවෙ, සති -පෙ- වෙදනාය සති -පෙ- සඤ‍්ඤාය සති -පෙ- සඞ‍්ඛාරෙසු සති -පෙ- විඤ‍්ඤාණෙ සති විඤ‍්ඤාණං උපාදාය විඤ‍්ඤාණං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති : “හොති ච න ච හොති තථාගතො පරම‍්මරණා”ති.

මහණෙනි, රූපය ඇති කල්හි ... වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස සත්ත්‍වයා මරණින් මතු වෙයි, නො ද වෙයි’ යන මෙබඳු දෘෂ්ටියක් උපදී.

තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ, රූපං නිච‍්චං වා අනිච‍්චං වාති?

මහණෙනි, ඒ කිමැ’යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ? යි

අනිච‍්චං භන‍්තෙ -පෙ-

වහන්ස, අනිත්‍ය ය. ...

දුක‍්ඛං විපරිනාමධම‍්මං, අපි නු තං අනුපාදාය එවං දිට‍්ඨි උප‍්පජ‍්ජෙය්‍ය: “හොති ච න ච හොති තථාගතො පරම‍්මරණා”ති?

දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට සත්ත්‍වයා මරණින් මතු වෙයි නො ද වෙයි ’ යන මෙබඳු දෘෂ්ටියෙක් උපදී දැ යි?

නො හෙතං භන‍්තෙ.

වහන්ස, තෙල නො වේ මැ යැ.

වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං -පෙ- යම‍්පිදං දිට‍්ඨං සුතං මුතං විඤ‍්ඤාතං පත‍්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තම‍්පි නිච‍්චං වා අනිච‍්චං වාති -පෙ- දුක‍්ඛං විපරිනාමධම‍්මං අපි නු තං අනුපාදාය එවං දිට‍්ඨි උප‍්පජ‍්ජෙය්‍ය : “හොති ච න ච හොති තථාගතො පරම‍්මරණා”ති.

වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය … මේ යමෙකුත් දක්නා ලද්දේ අසන ලද්දේ මුත විසින් ගන්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සොයන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේ නම් හෙ ද නිත්‍ය හෝ වේ ද අනිත්‍ය හෝ වේ දැ? යි. … දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට සත්ත්‍වයා මරණින් මතු වෙයි, නො ද වෙයි’ යන මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?

නො හෙතං භන‍්තෙ.

වහන්ස, තෙල නො වේ මැයි.

යතො ඛො භික‍්ඛවෙ, අරියසාවකස‍්ස -පෙ- නියතො සම‍්බොධිපරායනොති.

මහණෙනි, යම් කලෙක අරීසවුහුගේ … නියත වූයේ සම්බෝධිය පිහිට කොට ඇත්තේ යි.