වාත සුත‍්තං
3. 2. 1.
3. 2. 1.
වාත සුත‍්තං
වාත සූත්‍රය
224. සාවත්‍ථියං:
224. සැවැත්නුවර:
කිස‍්මිං නු ඛො භික‍්ඛවෙ සති කිං උපාදාය කිං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති : “න වාතා වායන‍්ති, න නජ‍්ජො සන්‍දන‍්ති, න ගබ‍්භිනියො විජායන‍්ති, න චන්‍දිමසූරියා උදෙන‍්ති වා අපෙන‍්ති වා එසිකට‍්ඨායිට‍්ඨිතා”ති?
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා කුමකට පිවිස මෙබඳු දෘෂ්ටියක් උපදී ද? “වාතයෝ නො හමති, නදීහු ගලා නො බසිති, ගැබිනීහු ප්‍රසව නො කෙරෙති, සඳ හිරුහු නො ද උදාවෙති, නො ද බැස යෙති, ඉන්‍ද්‍රකීල සෙයින් නො සැලී සිටියාහු” කියා යි.
භගවම‍්මූලකා නො භන‍්තෙ ධම‍්මා -පෙ- භගවතො සුත්‍වා භික‍්ඛූ ධාරෙස‍්සන‍්තීති.
වහන්ස, දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇතියහ … භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසා භික්‍ෂූහු ධරන්නාහ යි.
තෙන හි භික‍්ඛවෙ සුණාථ -පෙ- රූපෙ ඛො භික‍්ඛවෙ සති රූපං උපාදාය රූපං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති : “න වාතා වායන‍්ති -පෙ- එසිකට‍්ඨායිට‍්ඨිතා”ති. වෙදනාය සති -පෙ- සඤ‍්ඤාය සති -පෙ- සඞ‍්ඛාරෙසු සති -පෙ- විඤ‍්ඤාණෙ සති විඤ‍්ඤාණං උපාදාය විඤ‍්ඤාණං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති. න වාතා වායන‍්ති -පෙ- එසිකට‍්ඨායිට‍්ඨිතා”ති.
එසේ වී නම් මහණෙනි අසවු… මහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා රූපයට පැමිණ මෙබඳු දෘෂ්ටියක් උපදියි. “වාතයෝ නො හමති, … ඉන්‍ද්‍රකීල සෙයින් සිටියාහු”යි. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය නිසා විඥානයට පැමිණ මෙබඳු දෘෂ්ටියක් උපදියි. “වාතයෝ නො හමති, … ඉන්‍ද්‍රකීල සෙයින් සිටියාහු” යි.
තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ, රූපං නිච‍්චං වා අනිච‍්චං වාති?
මහණෙනි, ඒ කුමකැයි හඟිවු ද, රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ දැ යි?
අනිච‍්චං භන‍්තෙ.
වහන්ස, අනිත්‍ය යැ.
යං පනානිච‍්චං තං දුක‍්ඛං වා තං සුඛං වාති?
යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ සුව හෝ වේ දැ යි?
දුක‍්ඛං භන‍්තෙ.
වහන්ස, දුක් යැ.
යං පනානිච‍්චං දුක‍්ඛං විපරිනාමධම‍්මං, අපි නු තං අනුපාදාය එවං දිට‍්ඨි උප‍්පජ‍්ජෙය්‍ය : “න වාතා වායන‍්ති -පෙ- එසිකට‍්ඨායිට‍්ඨිතා”ති?
යමෙක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි නම් එය ඇසිරි කොට “වාතයෝ නො හමති… ඉන්‍ද්‍රකීල සෙයින් සිටියාහ”යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
නො හෙතං භන‍්තෙ.
වහන්ස, තෙල නො වේ මැ යි.
ඉති ඛො භික‍්ඛවෙ, දුක‍්ඛෙ සති දුක‍්ඛං උපාදාය දුක‍්ඛං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති : “න වාතා වායන‍්ති -පෙ- එසිකට‍්ඨායිට‍්ඨිතා”ති. වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං නිච‍්චං වා අනිච‍්චං වාති?
මෙසේ වනාහි මහණෙනි, දුක ඇති කල්හි දුක නිසා දුකට පිවිස “වාතයෝ නො හමති… ඉන්‍ද්‍රකීල සෙයින් සිටියහ”යි මෙබඳු දෘෂ්ටියක් උපදියි. වේදනාව… සංඥාව … සංස්කාර … විඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ දැ යි?
අනිච‍්චං භන‍්තෙ, -පෙ-
වහන්ස, අනිත්‍ය යැ …
විපරිනාමධම‍්මං අපි නු තං උපාදාය එවං දිට‍්ඨි උප‍්පජ‍්ජෙය්‍ය : න වාතා වායන‍්ති -පෙ- එසිකට‍්ඨායිට‍්ඨිතා”ති?
පෙරළෙන සැහැවි නම් එය ඇසිරි කොට “වාතයෝ නො හමති… ඉන්‍ද්‍රකීල සෙයින් සිටියාහ”යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
නො හෙතං භන‍්තෙ.
වහන්ස, තෙල නො වේ මැ යි.
ඉති ඛො භික‍්ඛවෙ දුක‍්ඛෙ සති දුක‍්ඛං උපාදාය දුක‍්ඛං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජෙය්‍ය : “න වාතා වායන‍්ති, න නජ‍්ජො සන්‍දන‍්ති, න ගබ‍්භිනියො විජායන‍්ති, න චන්‍දිමසූරියා උදෙන‍්ති වා අපෙන‍්ති වා එසිකට‍්ඨායිට‍්ඨිතා”ති. -පෙ-
මෙසේ වනාහි මහණෙනි, දුක ඇති කල්හි දුක නිසා දුකට පිවිස “වාතයෝ නො හමති, නදීහු ගලා නො බසිති, ගැබිනීහු ප්‍රසව නො කෙරෙති, සඳහිරුහු නො ද උදාවෙති නො ද බැස යෙති, ඉන්‍ද්‍රකීල සෙයින් සිටියාහු”යි මෙබඳු දෘෂ්ටියක් උපදී ...