දුතිය සමණ සුත්තං
2. 1. 6.
2. 1. 6.
දුතිය සමණ සුත්තං
දුතිය සමණ සූත්‍රය
165. සාවත්ථියං:
165. සැවැත්නුවර:
එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං රාධං භගවා එතදවොච : පඤ්චිමෙ රාධ, උපාදානක්ඛන්ධා. කතමෙ පඤ්ච, සෙය්යථීදං: රූපුපාදානක්ඛන්ධො -පෙ- විඤ්ඤාණුපාදානක්ඛන්ධො. යෙ හි කෙචි රාධ, සමණා වා බ්රාහ්මණා වා ඉමෙසං පඤ්චන්නං උපාදානක්ඛන්ධානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදං ච ආදීනවං ච නිස්සරණං ච යථාභූතං නප්පජානන්ති -පෙ- සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තීති.
එකත්පස් වැ හුන් ආයුෂ්මත් රාධ තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක: “රාධය මේ උපාදානස්කන්ධ පසෙකි. කවර පසෙකැ යත්: එනම්: රූපෝපාදානස්කන්‍ධ ය:… විඥානෝපාදානස්කන්ධයි. රාධය, යම් කිසි මහණ කෙනෙක් වේවයි බමුණු කෙනෙක් වේවයි මේ පඤ්චෝපාදානස්කන්‍ධයන්ගේ සමුදයයත් අස්තංගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ නො දනිද්ද… තෙමේ ම වෙසෙසින් දැන පසක් කොට එයට එළැඹ වෙසෙති”යි.
2. 1. 7.
2. 1. 7.
සොතාපන්න සුත්තං
සෝතාපන්න සූත්‍රය
166. සාවත්ථියං:
166. සැවැත්නුවර:
එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං රාධං භගවා එතදවොච : පඤ්චිමෙ රාධ, උපාදානක්ඛන්ධා. කතමෙ පඤ්ච, සෙය්යථීදං: රූපූපාදානක්ඛන්ධො -පෙ- විඤ්ඤාණුපාදානක්ඛන්ධො.
එකත්පස් වැ හුන් ආයුෂ්මත් රාධ තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක: “රාධය, මේ උපාදානස්කන්ධ පසෙකි. කවර පසෙකැ යත්: එනම්: රූපෝපාදාන ස්කන්ධය… විඥානෝපාදානස්කන්ධයි.
යතො ඛො රාධ, අරියසාවකො ඉමෙසං පඤ්චන්නං උපාදානක්ඛන්ධානං සමුදයං ච අත්ථඞ්ගමං ච අස්සාදං ච ආදීනවං ච නිස්සරණං ච යථාභූතං පජානාති. අයං වුච්චති රාධ, අරියසාවකො සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනොති.
රාධය යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මේ පඤ්චෝපාදානස්කන්‍ධයන්ගේ සමුදයයත් අස්තංගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ දනී ද, රාධ, මේ ආර්‍ය්‍ය ශ්‍රාවක සිවු අපායෙහි නොවැටෙන සැහැවි ඇති ගතිනියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝතාපන්න ය යි කියනු ලැබේ”යි.
2. 1. 8.
2. 1. 8.
අරහන්ත සුත්තං
අරහන්ත සූත්‍රය
167. සාවත්ථියං:
167. සැවැත්නුවර:
එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං රාධං භගවා එතදවොච : පඤ්චිමෙ රාධ, උපාදානක්ඛන්ධා. කතමෙ පඤ්ච, සෙය්යථීදං: රූපුපාදානක්ඛන්ධො -පෙ- විඤ්ඤාණුපාදානක්ඛන්ධො.
එකත්පස් වැ හුන් ආයුෂ්මත් රාධ තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක: “රාධය, මේ උපාදානස්කන්ධ පසෙකි කවර පසෙකැ යත්: එනම්: රූපෝපාදානස්කන්‍ධ ය… විඥානෝපාදානස්කන්‍ධ යි.
යතො ඛො රාධ, භික්ඛු ඉමෙසං පඤ්චන්නං උපාදානක්ඛන්ධානං සමුදයඤ්ච අත්ථඞ්ගමං ච අස්සාදං ච ආදීනවං ච නිස්සරණං ච යථාභූතං විදිත්වා අනුපාදා විමුත්තො හොති, අයං වුච්චති රාධ, භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසඤ්ඤොජනො සම්මදඤ්ඤා විමුත්තොති.
රාධ, යම් කලෙක මහණ මේ පඤ්චොපාදානස්කන්ධයන්ගේ සමුදයයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතු සේ දැන දැඩි ලෙස නො ගෙන මිදුණේ වේද, රාධ, මේ මහණ ක්ෂය වූ කෙලෙස් ඇති වැස නිම වූ බඹසර ඇති කළ සිවුමඟ කිස ඇති, බහා තැබූ (ස්කන්ධ) බර ඇති පිළිවෙළින් පැමිණි ස්වාර්‍ත්‍ථ ඇති ක්ෂය කළ බවබැඳුම් ඇති මැනැවින් දැන මිදුණු රහතැ යි කියනු ලැබේ”යි.