යෙදුමෙන් කියවන්න

සමණ සුත‍්තං

2. 1. 5.

2. 1. 5.

සමණ සුත‍්තං

සමණ සූත්‍රය

164. සාවත්‍ථියං:

164. සැවැත්නුවර:

එකමන‍්තං නිසින‍්නං ඛො ආයස‍්මන‍්තං රාධං භගවා එතදවොච : පඤ‍්චිමෙ රාධ, උපාදානක‍්ඛන්‍ධා. කතමෙ පඤ‍්ච, සෙය්‍යථිදං : රූපූපාදානක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණුපාදානක‍්ඛන්‍ධො. යෙ හි කෙචි රාධ, සමණා වා බ්‍රාහ‍්මණා වා ඉමෙසං පඤ‍්චන‍්නං උපාදානක‍්ඛන්‍ධානං අස‍්සාදං ච ආදීනවං ච නිස‍්සරණං ච යථාභූතං නප‍්පජානන‍්ති නමෙතෙ රාධ, සමණා වා බ්‍රාහ‍්මණා වා සමණෙසු වා සමණසම‍්මතා බ්‍රාහ‍්මණෙසු වා බ්‍රාහ‍්මණසම‍්මතා. න ච පන තෙ ආයස‍්මන‍්තො සාමඤ‍්ඤත්‍ථං වා බ්‍රහ‍්මඤ‍්ඤත්‍ථං වා දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරන‍්ති.

එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක. රාධය, මේ උපාදානස්කන්‍ධ පසෙකි. කවර පසෙකැ යත්: එනම් රූපෝපාදානස්කන්‍ධය: ... විඥානෝපාදානස්කන්‍ධ යි. රාධය, යම් කිසි ශ්‍රමණ කෙනෙක් වේවයි බ්‍රාහ්මණ කෙනෙක් වේවයි මේ පඤ්චෝපාදානස්කන්‍ධයන්ගේ ආස්වාදයත් ආදීනවයත් නිස්සරණ යත් තතු සේ නො දනිද් ද, රාධය, මේ මහණහු හෝ බමුණෝ හෝ මහණුන් කෙරෙහිත් මහණහු යයි සම්මත නො වෙති. බමුණන් කෙරෙහිත් බමුණෝ යයි සම්මත නො වෙති. ඒ ආයුෂ්මත්හු මහණ බැව්හි ඵලයත් බමුණු බැව්හි ඵලයත් දිටුදැමියෙහි තෙමේ ම වෙසෙසින් දැන පසක් කොට ඊට එළඹ නො ද වෙසෙති.

යෙ ච ඛො කෙචි රාධ, සමණා වා බ්‍රාහ‍්මණා වා ඉමෙසං පඤ‍්චන‍්නං උපාදානක‍්ඛන්‍ධානං අස‍්සාදං ච ආදීනවං ච නිස‍්සරණං ච යථාභූතං පජානන‍්ති, තෙ ඛො තෙ රාධ, සමණා වා බ්‍රාහ‍්මණා වා සමණෙසු චෙව සමණසම‍්මතා, බ්‍රාහ‍්මණෙසු ච බ්‍රාහ‍්මණසම‍්මතා තෙ ච පනායස‍්මන‍්තො සාමඤ‍්ඤත්‍ථං ච බ්‍රහ‍්මඤ‍්ඤත්‍ථං ච දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරන‍්තීති.

රාධය යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ පඤ්චෝපාදාන ස්කන්‍ධයන්ගේ ආස්වාදත් ආදීනවත් නිස්සරණත් තතු සේ දනිද්ද, රාධය, ඒ මහණහු හෝ බමුණෝ හෝ මහණුන් කෙරෙහිත් මහණහු යයි සම්මතයහ. බමුණන් කෙරෙහිත් බමුණෝ යයි සම්මත යහ. ඒ ආයුෂ්මත්හු මහණකමෙහි ඵලත් බමුණුකමෙහි ඵලත් දිටුදැමියෙහි තෙමේ ම වෙසෙසින් දැන එයට එළඹ වෙසෙති යි.