යෙදුමෙන් කියවන්න

භවනෙත‍්ති සුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

2. 1. 3.

2. 1. 3.

භවනෙත‍්ති සුත‍්තං

භවනෙත්ති සූත්‍රය

162. සාවත්‍ථියං:

162. සැවැත්නුවර:

එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා රාධො, භගවන‍්තං එතදවොච : භවනෙත‍්ති භවනෙත‍්තීති භන‍්තෙ, වුච‍්චති. කතමා නු ඛො භන‍්තෙ, භවනෙත‍්ති. කතමො භවනෙත‍්තිනිරොධොති?

එකත්පස්ව හුන් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: වහන්ස, “භවනෙත්ති, භවනෙත්ති” යි කියනු ලැබෙයි. වහන්ස ‘භවනෙත්තිය’ නම් කවරක්ද, ‘භවනෙත්තිනිරෝධය’ කවරේ දැ යි?

රූපෙ ඛො රාධ, යො ඡන්‍දො යො රාගො යා නන්‍දී යා තණ‍්හා යෙ උපයුපාදානා චෙතසො අධිට‍්ඨානාභිනිවෙසානුසයා, අයං වුච‍්චති භවනෙත‍්ති. තෙසං නිරොධා භවනෙත‍්තිනිරොධො. වෙදනාය යො ඡන්‍දො -පෙ- සඤ‍්ඤාය යො ඡන්‍දො -පෙ- සඞ‍්ඛාරෙසු යො ඡන්‍දො -පෙ- විඤ‍්ඤාණෙ යො ඡන්‍දො යො රාගො යා නන්‍දී යා තණ‍්හා යෙ උපයූපාදානා චෙතසො අධිට‍්ඨානාභිනිවෙසානුසයා අයං වුච‍්චති භවනෙත‍්ති. තෙසං නිරොධා භවනෙත‍්තිනිරොධොති.

රාධය, රූපයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියෙක් යම් තෘෂ්ණායෙක් යම් උපය උපාදාන කෙනෙක් සිතපිළිබඳ අධිෂ්ඨානඅභිනිවේසඅනුසය කෙනෙක් වෙත් ද මේ ‘භවනෙත්ති’ යයි කියනු ලැබේ. ඔවුන්ගේ නිරෝධයෙන් භවනෙත්තිනිරෝධය වේ. වේදනාවෙහි යම් ඡන්‍දයෙක් ... සංඥාවෙහි යම් ඡන්‍දයෙක් ... සංස්කාරයන්හි යම් ඡන්‍දයෙක් ... විඥානයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියෙක් යම් තෘෂ්ණායෙක් යම් උපයඋපාදාන කෙනෙක්, සිත පිළිබඳ අධිෂ්ඨාන, අභිනිවේස, අනුසය කෙනෙක් වෙද්ද, මේ ‘භවනෙත්ති’ යි කියනු ලැබේ. ඔවුන්ගේ නිරෝධයෙන් භවනෙත්තිනිරෝධය වේ ය යි .

2. 1. 4.

2. 1. 4.

පරිඤ‍්ඤෙය්‍ය සුත‍්තං

පරිඤ්ඤෙය්‍ය සූත්‍රය

163. සාවත්‍ථියං:

163. සැවැත්නුවර:

එකමන‍්තං නිසින‍්නං ඛො ආයස‍්මන‍්තං රාධං භගවා එතදවොච : පරිඤ‍්ඤෙය්‍යෙ ච රාධ ධම‍්මෙ දෙසෙස‍්සාමි. පරිඤ‍්ඤඤ‍්ච පරිඤ‍්ඤාතාවිඤ‍්ච පුග‍්ගලං තං සුණාහි. -පෙ- භගවා එතදවොච :

එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක: “රාධ, පිරිසිඳ දතයුතු දහම් ද, පිරිසිඳ දැනුම ද, පිරිසිඳ දන්නා පුඟුලා ද දේශනා කරන්නෙමි. එය අසව ... භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:

කතමෙ ච රාධ, පරිඤ‍්ඤෙය්‍යා ධම‍්මා: රූපං ඛො රාධ, පරිඤ‍්ඤෙය්‍යො ධම‍්මො. වෙදනා පරිඤ‍්ඤෙය්‍යො ධම‍්මො, සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං පරිඤ‍්ඤෙය්‍යො ධම‍්මො. ඉමෙ වුච‍්චන‍්ති රාධ, පරිඤ‍්ඤෙය්‍යා ධම‍්මා.

රාධය, පිරිසිඳ දතයුතු දහම් කවරැ යත්: රාධය, රූපය පිරිසිඳ දතයුතු දහමෙකි. වේදනාව පිරිසිඳ දතයුතු දහමෙකි. සංඥාව ... සංස්කාර ... විඥානය පිරිසිඳ දතයුතු දහමෙකි. රාධය මොහු පිරිසිඳ දතයුතු දහම් ය යි කියනු ලැබෙත්.

කතමා ච රාධ, පරිඤ‍්ඤා: යො ඛො රාධ, රාගක‍්ඛයො දොසක‍්ඛයො මොහක‍්ඛයො අයං වුච‍්චති රාධ, පරිඤ‍්ඤා.

රාධය, පිරිසිඳ දැනුම කවරැ යත්: රාධය යම් රාගක්‍ෂයයෙක් යම් ද්වේෂක්‍ෂයයෙක් මෝහක්‍ෂයයෙක් වේ ද; රාධය, මේ පිරිසිඳ දැනුම ය යි කියනු ලැබේ.

කතමො ච රාධ, පරිඤ‍්ඤාතාවී පුග‍්ගලො?

රාධය, පිරිසිඳ දත් පුඟුල් කවරෙ යත්:

අරහාතිස‍්ස වචනීයං. යොයං ආයස‍්මා එවංනාමො එවංගොත‍්තො. අයං වුච‍්චති රාධ, පරිඤ‍්ඤාතාවී පුග‍්ගලොති.

මෙබඳු නම් ඇති මෙබඳු ගොත් ඇති යම් මේ ආයුෂ්මත් කෙනෙක් වෙත් නම් හේ අරහත් ය යි කිය යුතු වන්නේ යි. රාධය, මේ පිරිසිඳ දත් පුඟුල්’යි කියනු ලැබේ.