අජ්ඣත්ත සුත‍්තං
1. 3. 5. 1.
1. 3. 5. 1.
අජ‍්ඣත‍්ත සුත‍්තං
අජ්ඣත්ත සූත්‍රය
150. සාවත්‍ථියං:
150. සැවැත්නුවර:
කිස‍්මිං නු ඛො භික‍්ඛවෙ, සති. කිං උපාදාය උප‍්පජ‍්ජති අජ‍්ඣත‍්තං සුඛදුක‍්ඛන‍්ති?
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා තමා තුළ සුවදුක් උපදනේ ද?
භගවංමූලකා නො භන‍්තෙ, ධම‍්මා -පෙ-
වහන්ස, අපගේ දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ ...
රූපෙ ඛො භික‍්ඛවෙ, සති රූපං උපාදාය උප‍්පජ‍්ජති අජ‍්ඣත‍්තං සුඛදුක‍්ඛං. වෙදනාය සති වෙදනං උපාදාය උප‍්පජ‍්ජති අජ‍්ඣත‍්තං සුඛදුක‍්ඛං. සඤ‍්ඤාය සති -පෙ- සඞ‍්ඛාරෙසු සති සඞ‍්ඛාරෙ උපාදාය උප‍්පජ‍්ජති අජ‍්ඣත‍්තං සුඛදුක‍්ඛං. විඤ‍්ඤාණෙ සති විඤ‍්ඤාණං උපාදාය උප‍්පජ‍්ජති අජ‍්ඣත‍්තං සුඛදුක‍්ඛං. තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ, රූපං නිච‍්චං වා අනිච‍්චං වාති? අනිච‍්චං භන‍්තෙ,
මහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා තමා තුළ සුවදුක් උපදියි, වේදනාව ඇති කල්හි වේදනාව නිසා තමා තුළ සුවදුක් උපදියි, සංඥාව ඇති කල්හි ... සංස්කාර ඇති කල්හි සංස්කාර නිසා තමා තුළ සුවදුක් උපදියි, විඥානය ඇති කල්හි විඥානය නිසා තමා තුළ සුවදුක් උපදී, මහණෙනි එ කිමැයි හඟිවු ද, රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද? වහන්ස, අනිත්‍ය යැ.
යම‍්පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති? දුක‍්ඛං භන‍්තෙ,
යමක් අනිත්‍ය නම් එ දුක් හෝ සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.
යම‍්පනානිච‍්චං දුක‍්ඛං විපරිනාමධම‍්මං, අපි නු තං අනුපාදාය උප‍්පජ‍්ජෙය්‍ය අජ‍්ඣත‍්තං සුඛදුක‍්ඛන‍්ති? නො හෙතං භන‍්තෙ,
යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි නම් එය ඇසිරි නොකොට තමා තුළ සුවදුක් උපදනේ ද? වහන්ස, තෙල නො වේ මැ යැ.
වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං නිච‍්චං වා අනිච‍්චං වාති? අනිච‍්චං භන‍්තෙ,
වේදනාව ... සංඥාව ... සංස්කාර ..විඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද? වහන්ස, අනිත්‍ය යැ.
යම‍්පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති? දුක‍්ඛං භන‍්තෙ,
යමක් අනිත්‍ය නම් ඒ දුක් හෝ සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.
යම‍්පනානිච‍්චං දුක‍්ඛං විපරිනාමධම‍්මං, අපි නු තං අනුපාදාය උප‍්පජ‍්ජෙය්‍ය අජ‍්ඣත‍්තං සුඛදුක‍්ඛන‍්ති? නො හෙතං භන‍්තෙ.
යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි නම් එය ඇසිරි නො කොට තමා තුළ සුවදුක් උපනේ ද? වහන්ස, තෙල නො වේ මැ යි.
එවං පස‍්සං භික‍්ඛවෙ, සුතවා අරියසාවකො රූපස‍්මිම‍්පි නිබ‍්බින්‍දති -පෙ- විඤ‍්ඤාණස‍්මිම‍්පි නිබ‍්බින්‍දති. නිබ‍්බින්‍දං විරජ‍්ජති -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහිදු කලකිරෙයි, ... විඥාන යෙහිදු කලකිරෙයි, කලකිරෙනුයේ නො ඇලෙයි ... මේ බව සඳහා කටයුතු අන් කිසෙක් නැතැයි දනියි.