යෙදුමෙන් කියවන්න

අනත‍්තානුපස‍්සනා සුත‍්තං

1. 3. 4. 14.

1. 3. 4. 14.

අනත‍්තානුපස‍්සනා සුත‍්තං

අනත්තානුපස්සනා සූත්‍රය

149. සාවත්‍ථියං:

149. සැවැත්නුවර:

සද‍්ධාපබ‍්බජිතස‍්ස භික‍්ඛවෙ, කුලපුත‍්තස‍්ස අයමනුධම‍්මො හොති: යං රූපෙ අනත‍්තානුපස‍්සී විහරෙය්‍ය. වෙදනාය -පෙ- සඤ‍්ඤාය -පෙ- සඞ‍්ඛාරෙසු -පෙ- විඤ‍්ඤාණෙ අනත‍්තානුපස‍්සී විහරෙය්‍ය:

මහණෙනි, යම් හෙයෙකින් රූපයෙහි අනාත්මය අනු ව දකිමින් වෙසෙන්නේ නම් වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි අනාත්මය අනුව දකිමින් වෙසෙන්නේ නම් සැදැහැයෙන් පැවිදි වූ කුලපුත්හට මේ අනුදහම වෙයි:

සො රූපෙ අනත‍්තානුපස‍්සී විහරන‍්තො, වෙදනාය -පෙ- සඤ‍්ඤාය -පෙ- සඞ‍්ඛාරෙසු -පෙ- විඤ‍්ඤාණෙ අනත‍්තානුපස‍්සී විහරන‍්තො රූපං පරිජානාති, වෙදනං පරිජානාති, සඤ‍්ඤං පරිජානාති, සඞ‍්ඛාරෙ පරිජානාති, විඤ‍්ඤාණං පරිජානාති. සො රූපං පරිජානං වෙදනං -පෙ- සඤ‍්ඤං -පෙ- සඞ‍්ඛාරෙ -පෙ- විඤ‍්ඤාණං පරිජානං පරිමුච‍්චති රූපම‍්හා, පරිමුච‍්චති වෙදනාය, පරිමුච‍්චති සඤ‍්ඤාය, පරිමුච‍්චති සඞ‍්ඛාරෙහි, පරිමුච‍්චති විඤ‍්ඤාණම‍්හා, පරිමුච‍්චති ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක‍්ඛෙහි දොමනස‍්සෙහි උපායාසෙහි, පරිමුච‍්චති දුක‍්ඛස‍්මාති වදාමීති.

“හේ රූපයෙහි අනාත්මය අනුව දකිමින් වෙසෙන්නේ වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි අනාත්මය අනුව දකිමින් වෙසෙන්නේ රූපය පිරිසිඳ දනියි, වේදනාව පිරිසිඳ දනියි, සංඥාව පිරිසිඳ දනියි, සංස්කාරයන් පිරිසිඳ දනියි, විඥානය පිරිසිඳ දනී. හේ රූපය පිරිසිඳ දන්නේ වේදනාව ... සංඥාව ... සංස්කාරයන් ... විඥානය පිරිසිඳ දන්නේ රූපයෙන් මිදෙයි, වේදනාවෙන් මිදෙයි, සංඥාවෙන් මිදෙයි, සංස්කාරයන්ගෙන් මිදෙයි, විඥානයෙන් මිදෙයි. ජාතියෙන් ජරාමරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් මිදෙයි. (සියලු) දුකින් මිදේ ය’යි කියමි යි.

කුක‍්කුළවග‍්ගො චතුත්‍ථො.

සිවුවැනි කුක්කුළ වර්‍ග යි.

තත්‍රුද‍්දානං:

එහි සූත්‍රනාමාවලිය:

කුක‍්කුලො තයො අනිච‍්චෙන - දුක‍්ඛෙන අපරෙ තයො අනත‍්තෙන තයො වුත‍්තා - කුලපුත‍්තෙන ද‍්වෙ දුකාති.

කුක්කුළ සූත්‍රය, අනිච්චසූත්‍ර තුන ය, අනෙක් දුක්ඛසූත්‍ර තුන ය, අනත්තසූත්‍ර තුන ය. කුලපුත්තසූත්‍ර දුක දෙක යයි සූත්‍ර තුදුසෙකි.