යෙදුමෙන් කියවන්න

අනිච‍්චානුපස‍්සනා සුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

1. 3. 4. 12.

1. 3. 4. 12.

අනිච‍්චානුපස‍්සනා සුත‍්තං

අනිච්චානුපස්සනා සූත්‍රය

147. සාවත්‍ථියං:

147. සැවැත්නුවර:

සද‍්ධාපබ‍්බජිතස‍්ස භික‍්ඛවෙ, කුලපුත‍්තස‍්ස අයමනුධම‍්මො හොති: යං රූපෙ අනිච‍්චානුපස‍්සී විහරෙය්‍ය. වෙදනාය -පෙ- සඤ‍්ඤාය -පෙ- සඞ‍්ඛාරෙසු -පෙ- විඤ‍්ඤාණෙ අනිච‍්චානුපස‍්සී විහරෙය්‍ය.

මහණෙනි, යම් හෙයෙකින් රූපයෙහි අනිස අනුව දකිමින් වෙසෙන්නේ නම් වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි අනිස අනුව දකිමින් වෙසෙන්නේ නම් සැදැහැයෙන් පැවිදි වූ කුලපුත්හට මේ අනුදහම වෙයි.

සො රූපෙ අනිච‍්චානුපස‍්සී විහරන‍්තො වෙදනාය -පෙ- සඤ‍්ඤාය -පෙ- සඞ‍්ඛාරෙසු -පෙ- විඤ‍්ඤාණෙ අනිච‍්චානුපස‍්සී විහරන‍්තො රූපං පරිජානාති, වෙදනං -පෙ- සඤ‍්ඤං -පෙ- සඞ‍්ඛාරෙ -පෙ- විඤ‍්ඤාණං පරිජානාති. සො රූපං පරිජානං වෙදනං -පෙ- සඤ‍්ඤං -පෙ- සඞ‍්ඛාරෙ -පෙ- විඤ‍්ඤාණං පරිජානං පරිමුච‍්චති රූපම‍්හා පරිමුච‍්චති වෙදනාය, පරිමුච‍්චති සඤ‍්ඤාය, පරිමුච‍්චති සඞ‍්ඛාරෙහි, පරිමුච‍්චති විඤ‍්ඤාණම‍්හා, පරිමුච‍්චති ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක‍්ඛෙහි දොමනස‍්සෙහි උපායාසෙහි, පරිමුච‍්චති, දුක‍්ඛස‍්මාති වදාමීති.

හේ රූපයෙහි අනිස අනුව දකිමින් වෙසෙන්නේ වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි අනිස අනුව දකිමින් වෙසෙන්නේ රූපය පිරිසිඳ දනියි. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය පිරිසිඳ දනී. හෙ රූපය පිරිසිඳ දන්නේ වේදනාව ... සංඥාව ... සංස්කාර … විඥානය පිරිසිඳ දන්නේ රූපයෙන් මිදෙයි, වේදනාවෙන් මිදෙයි, සංඥායෙන් මිදෙයි, සංස්කාරයන්ගෙන් මිදෙයි, විඥානයෙන් මිදෙයි. ජාතියෙන්, ජරාමරණයෙන්, ශෝකයෙන්, පරිදේවයෙන්, දුකින්, දොම්නසින් උපායාසයෙන් මිදෙයි. (සියලු) දුකින් මිදේ ය’යි කියමි යි.

1. 3. 4. 13.

1. 3. 4. 13.

දුක‍්ඛානුපස‍්සී සුත‍්තං

දුක්ඛානුපස්සී සූත්‍රය

148. සාවත්‍ථියං:

148. සැවැත්නුවර:

සද‍්ධාපබ‍්බජිතස‍්ස භික‍්ඛවෙ, කුලපුත‍්තස‍්ස අයමනුධම‍්මො හොති: යං රූපෙ දුක‍්ඛානුපස‍්සී විහරෙය්‍ය. වෙදනාය -පෙ- සඤ‍්ඤාය -පෙ- සඞ‍්ඛාරෙසු -පෙ- විඤ‍්ඤාණෙ දුක‍්ඛානුපස‍්සී විහරෙය්‍ය.

මහණෙනි, යම් හෙයෙකින් රූපයෙහි දුක අනුව දකිමින් වෙසෙන්නේ නම් වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි දුක අනුව දකිමින් වෙසෙන්නේ නම් සැදැහැයෙන් පැවිදි වූ කුලපුතුහට මේ අනුදහම වෙයි.

සො රූපෙ දුක‍්ඛානුපස‍්සී විහරන‍්තො වෙදනාය -පෙ- සඤ‍්ඤාය -පෙ- සඞ‍්ඛාරෙසු -පෙ- විඤ‍්ඤාණෙ දුක‍්ඛානුපස‍්සී විහරන‍්තො රූපං පරිජානාති, වෙදනං පරිජානාති, සඤ‍්ඤං පරිජානාති, සඞ‍්ඛාරෙ පරිජානාති, විඤ‍්ඤාණං පරිජානාති.

හෙතෙම රූපයෙහි දුක අනුව දකිමින් වෙසෙන්නේ වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි දුක අනුව දකිමින් වෙසෙන්නේ රූපය පිරිසිඳ දනියි. වේදනාව පිරිසිඳ දනියි. සංඥාව පිරිසිඳ දනියි. සංස්කාරයන් පිරිසිඳ දනියි. විඥානය පිරිසිඳ දනී.

සො රූපං පරිජානං වෙදනං පරිජානං සඤ‍්ඤං පරිජානං සඞ‍්ඛාරෙ පරිජානං විඤ‍්ඤාණං පරිජානං පරිමුච‍්චති රූපම‍්හා පරිමුච‍්චති වෙදනාය, පරිමුච‍්චති සඤ‍්ඤාය, පරිමුච‍්චති සඞ‍්ඛාරෙහි, පරිමුච‍්චති විඤ‍්ඤාණම‍්හා, පරිමුච‍්චති ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක‍්ඛෙහි දොමනස‍්සෙහි උපායාසෙහි, පරිමුච‍්චති, දුක‍්ඛස‍්මාති වදාමීති.

හෙතෙම රූපය පිරිසිඳ දන්නේ වේදනාව පිරිසිඳ දන්නේ සංඥාව පිරිසිඳ දන්නේ සංස්කාරයන් පිරිසිඳ දන්නේ විඥානය පිරිසිඳ දන්නේ රූපයෙන් මිදෙයි, වේදනාවෙන් මිදෙයි, සංඥාවෙන් මිදෙයි, සංස්කාරයන්ගෙන් මිදෙයි, විඥානයෙන් මිදෙයි, ජාතියෙන්, ජරාමරණයෙන්, ශෝකයෙන්, පරිදේවයෙන්, දුකෙන්, දොම්නසින්, උපායාසයෙන් මිදෙයි. (සියලු) දුකෙන් මිදේ ය යි කියමි යි.