නිබ්බිදාබහුල සුත‍්තං
1. 3. 4. 11.
1. 3. 4. 11.
නිබ‍්බිදාබහුල සුත‍්තං
නිබ්බිදාබහුල සූත්‍රය
146. සාවත්‍ථියං:
146. සැවැත්නුවර:
සද‍්ධාපබ‍්බජිතස‍්ස භික‍්ඛවෙ, කුලපුත‍්තස‍්ස අයමනුධම‍්මො හොති: යං රූපෙ නිබ‍්බිදාබහුලං විහරෙය්‍ය. වෙදනාය -පෙ- සඤ‍්ඤාය -පෙ- සඞ‍්ඛාරෙසු නිබ‍්බිදාබහුලං විහරෙය්‍ය, විඤ‍්ඤාණෙ නිබ‍්බිදාබහුලං විහරෙය්‍ය.
මහණෙනි, යම් හෙයකින් රූපයෙහි කලකිරීම බහුල කොට වෙසෙන්නේ නම්, වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි කලකිරීම බහුල කොට වෙසෙන්නේ නම් විඥානයෙහි කලකිරීම බහුල කොට වෙසෙන්නේ නම් සැදැහැයෙන් පැවිදි වූ කුලපුත්හට මේ අනුදහම වෙයි.
සො රූපෙ නිබ‍්බිදාබහුලං විහරන‍්තො, වෙදනාය -පෙ- සඤ‍්ඤාය -පෙ- සඞ‍්ඛාරෙසු -පෙ- විඤ‍්ඤාණෙ නිබ‍්බිදාබහුලං විහරන‍්තො, රූපං පරිජානාති වෙදනං පරිජානාති සඤ‍්ඤං පරිජානාති සඞ‍්ඛාරෙ පරිජානාති විඤ‍්ඤාණං පරිජානාති. සො රූපං පරිජානං වෙදනං පරිජානං සඤ‍්ඤං පරිජානං, සඞ‍්ඛාරෙ පරිජානං, විඤ‍්ඤාණං පරිජානං, පරිමුච‍්චති රූපම‍්හා, පරිමුච‍්චති වෙදනාය, පරිමුච‍්චති සඤ‍්ඤාය, පරිමුච‍්චති සඞ‍්ඛාරෙහි, පරිමුච‍්චති විඤ‍්ඤාණම‍්හා. පරිමුච‍්චති ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක‍්ඛෙහි දොමනස‍්සෙහි උපායාසෙහි. පරිමුච‍්චති දුක‍්ඛස‍්මාති වදාමීති.
හෙතෙම රූපයෙහි කලකිරීම බහුල කොට වෙසෙන්නේ වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි කලකිරීම බහුල කොට වෙසෙන්නේ රූපය පිරිසිඳ දනියි, වේදනාව පිරිසිඳ දනියි, සංඥාව පිරිසිඳ දනියි, සංස්කාර පිරිසිඳ දනියි, විඥානය පිරිසිඳ දනියි. හෙතෙම රූපය පිරිසිඳ දන්නේ වේදනාව පිරිසිඳ දන්නේ සංඥාව පිරිසිඳ දන්නේ සංස්කාර පිරිසිඳ දන්නේ විඥානය පිරිසිඳ දන්නේ රූපයෙන් මිදෙයි, වේදනාවෙන් මිදෙයි, සංඥාවෙන් මිදෙයි, සංස්කාරයන්ගෙන් මිදෙයි, විඥානයෙන් මිදෙයි. ජාතියෙන්, ජරාමරණයෙන්, සෝකයෙන්, පරිදේවයෙන්, දුකින්, දොම්නසින්, උපායාසයෙන් මිදෙයි, (සියලු) දුකින් මිදේ ය”යි කියමි යි.