යෙදුමෙන් කියවන්න

කුක‍්කුළ සුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

1. 3. 4. 1.

1. 3. 4. 1.

කුක‍්කුළ සුත‍්තං

කුක්කුළ සූත්‍රය

136. සාවත්‍ථියං:

136. සැවැත්නුවර:

රූපං භික‍්ඛවෙ කුක‍්කුලං, වෙදනා කුක‍්කුලා, සඤ‍්ඤා කුක‍්කුලා, සඞ‍්ඛාරා කුක‍්කුලා, විඤ‍්ඤාණං කුක‍්කුලං. එවං පස‍්සං භික‍්ඛවෙ සුතවා අරියසාවකො රූපස‍්මිං නිබ‍්බින්‍දති, වෙදනායපි නිබ‍්බින්‍දති, සඤ‍්ඤායපි නිබ‍්බින්‍දති, සඞ‍්ඛාරෙසුපි නිබ‍්බින්‍දති, විඤ‍්ඤාණස‍්මිම‍්පි නිබ‍්බින්‍දති. නිබ‍්බින්‍දං විරජ‍්ජති -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.

මහණෙනි රූපය ඇවිළගත් උණු අළු රැසක් වැන්න. වේදනාව ඇවිළගත් උණු අළු රැසක් වැන්න. සඥාව ඇවිළගත් උණු අළු රැසක් වැන්න. සංස්කාරයෝ ඇවිළගත් උණු අළු රැසක් වැන්න. විඥානය ඇවිළගත් උණු අළු රැසක් වැන්න. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහි කලකිරෙයි, වේදනායෙහිත් කලකිරෙයි, සංඥායෙහිත් කලකිරෙයි, සංස්කාරයන්හිත් කලකිරෙයි, විඥානයෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි ... මේ බැව් පිණිස අන් කිසෙක් නැතැ යි දැනගනී යි.

1. 2. 4. 2.

1. 3. 4. 2.

පඨම අනිච‍්ච සුත‍්තං

පඨම අනිච්ච සූත්‍රය

137. සාවත්‍ථියං:

137. සැවැත්නුවර:

යං හි භික‍්ඛවෙ අනිච‍්චං, තත්‍ර වො ඡන්‍දො පහාතබ‍්බො. කිඤ‍්ච භික‍්ඛවෙ අනිච‍්චං:

මහණෙනි, යමෙක් අනිත්‍ය ද එහි ලා තොප විසින් ඡන්‍දය (දුබලරාගය) පහකළ යුත්තේ යැ. මහණෙනි, කුමක් අනිත්‍ය ද යත්:

රූපං භික‍්ඛවෙ අනිච‍්චං, තත්‍ර වො ඡන්‍දො පහාතබ‍්බො. වෙදනා අනිච‍්චා -පෙ- සඤ‍්ඤා අනිච‍්චා -පෙ- සඞ‍්ඛාරා අනිච‍්චා -පෙ- විඤ‍්ඤාණං අනිච‍්චං. තත්‍ර වො ඡන්‍දො පහාතබ‍්බො. යං හි භික‍්ඛවෙ, අනිච‍්චං. තත්‍ර වො ඡන්‍දො පහාතබ‍්බොති.

මහණෙනි, රූපය අනිත්‍ය යැ. එහිලා තොප විසින් ඡන්‍දය පහ කළයුත්තේ යැ. වේදනාව අනිත්‍ය යැ ... සංඥාව අනිත්‍ය යැ ... සංස්කාරයෝ අනිත්‍යයහ ... විඥානය අනිත්‍ය යැ, එහිලා තොප විසින් ඡන්‍දය පහ කළයුත්තේ ය. මහණෙනි, යමෙක් අනිත්‍ය ද එහි ලා තොප විසින් ඡන්‍දය පහ කළයුත්තේ යි.

1. 3. 4. 3.

1. 3. 4. 3.

දුතිය අනිච‍්ච සුත‍්තං

දුතිය අනිච්ච සූත්‍රය

138. සාවත්‍ථියං:

138. සැවැත්නුවර:

යං හි භික‍්ඛවෙ අනිච‍්චං. තත්‍ර වො රාගො පහාතබ‍්බො. කිඤ‍්ච භික‍්ඛවෙ අනිච‍්චං:

මහණෙනි, යමෙක් අනිත්‍ය නම් එහි ලා තොප විසින් රාගය (බලවත් රාගය) පහකළ යුත්තේ යැ. මහණෙනි, කුමක් අනිත්‍ය ද යත්:

රූපං භික‍්ඛවෙ අනිච‍්චං, තත්‍ර වො රාගො පහාතබ‍්බො. වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං අනිච‍්චං, තත්‍ර වො රාගො පහාතබ‍්බො. යං හි භික‍්ඛවෙ අනිච‍්චං, තත්‍ර වො රාගො පහාතබ‍්බොති.

මහණෙනි, රූපය අනිත්‍ය යැ. එහිලා තොප විසින් රාගය පහ කළයුත්තේ යැ. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය අනිත්‍ය යැ. එහිලා තොප විසින් රාගය පහ කළයුත්තේ යැ. මහණෙනි, යමක් අනිත්‍ය ද එහි ලා තොප විසින් රාගය පහ කළයුත්තේ යි.

1. 3. 4. 4.

1. 3. 4. 4.

තතිය අනිච‍්ච සුත‍්තං

තතිය අනිච්ච සූත්‍රය

139. සාවත්‍ථියං:

139. සැවැත්නුවර:

යං හි භික‍්ඛවෙ, අනිච‍්චං, තත්‍ර වො ඡන්‍දරාගො පහාතබ‍්බො. කිඤ‍්ච භික‍්ඛවෙ, අනිච‍්චං:

මහණෙනි, යමෙක් අනිත්‍ය නම් එහි ලා තොප විසින් ඡන්‍දරාගය පහ කළයුත්තේ ය. මහණෙනි, කුමක් අනිත්‍ය ද යත්:

රූපං භික‍්ඛවෙ, අනිච‍්චං. තත්‍ර වො ඡන්‍දරාගො පහාතබ‍්බො. වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං අනිච‍්චං. තත්‍ර වො ඡන්‍දරාගො පහාතබ‍්බො. යං හි භික‍්ඛවෙ, අනිච‍්චං, තත්‍ර වො ඡන්‍දරාගො පහාතබ‍්බොති.”

මහණෙනි, රූපය අනිත්‍ය යැ. එහි ලා තොප විසින් ඡන්‍දරාගය පහ කළයුත්තේ යැ. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය අනිත්‍ය යැ. එහි ලා තොප විසින් ඡන්‍දරාගය පහ කළයුත්තේ යැ. මහණෙනි, යමෙක් අනිත්‍ය නම් එහි ලා තොප විසින් ඡන්‍දරාගය පහ කළයුත්තේ යි.

1. 3. 4. 5.

1. 3. 4. 5.

පඨම දුක‍්ඛ සුත‍්තං

පඨම දුක්ඛ සූත්‍රය

140. සාවත්‍ථියං:

140. සැවැත්නුවර:

යං හි භික‍්ඛවෙ, දුක‍්ඛං, තත්‍ර වො ඡන්‍දො පහාතබ‍්බො. කිඤ‍්ච භික‍්ඛවෙ, දුක‍්ඛං:

මහණෙනි, යමෙක් දුක් නම් එහි ලා තොප විසින් ඡන්‍දය පහ කටයුත්තේ යැ. මහණෙනි කුමක් දුක් ද යත්:

රූපං භික‍්ඛවෙ, දුක‍්ඛං. තත්‍ර වො ඡන්‍දො පහාතබ‍්බො. වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං දුක‍්ඛං. තත්‍ර වො ඡන්‍දො පහාතබ‍්බො. යං හි භික‍්ඛවෙ, දුක‍්ඛං, තත්‍ර වො ඡන්‍දො පහාතබ‍්බොති.

මහණෙනි, රූපය දුක් යැ. එහි ලා තොප විසින් ඡන්‍දය පහ කටයුත්තේ යැ. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය දුක් යැ. එහි ලා තොප විසින් ඡන්‍දය පහ කටයුත්තේ යැ. මහණෙනි, යමෙක් දුක් නම් එහි ලා තොප විසින් ඡන්‍දය පහ කටයුත්තේ යි.

1. 3. 4. 6.

1. 3. 4. 6.

දුතිය දුක‍්ඛ සුත‍්තං

දුතිය දුක්ඛ සූත්‍රය

141. සාවත්‍ථියං:

141. සැවැත්නුවර:

යං හි භික‍්ඛවෙ, දුක‍්ඛං තත්‍ර වො රාගො පහාතබ‍්බො. කිඤ‍්ච භික‍්ඛවෙ, දුක‍්ඛං:

මහණෙනි, යමෙක් දුක් නම් එහි ලා තොප විසින් රාගය පහ කටයුත්තේ යැ. මහණෙනි, කුමක් දුක් ද යත්:

රූපං භික‍්ඛවෙ, දුක‍්ඛං. තත්‍ර වො රාගො පහාතබ‍්බො. වෙදනා සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං දුක‍්ඛං. තත්‍ර වො රාගො පහාතබ‍්බො. යං හි භික‍්ඛවෙ, දුක‍්ඛං, තත්‍ර වො රාගො පහාතබ‍්බොති.

මහණෙනි, රූපය දුක් යැ. එහි ලා තොප විසින් රාගය පහ කටයුත්තේ යැ. වේදනාව ... සංඥාව ... සංස්කාරයෝ ... විඥානය දුක් ය. එහි ලා තොප විසින් රාගය පහ කටයුත්තේ යැ. මහණෙනි, යමෙක් දුක් නම් එහි ලා තොප විසින් රාගය පහ කටයුත්තේ යි.

1. 3. 4. 7.

1. 3. 4. 7.

තතිය දුක‍්ඛ සුත‍්තං

තතිය දුක්ඛ සූත්‍රය

142. සාවත්‍ථියං:

142. සැවැත්නුවර:

යං හි භික‍්ඛවෙ, දුක‍්ඛං තත්‍ර වො ඡන්‍දරාගො පහාතබ‍්බො. කිඤ‍්ච භික‍්ඛවෙ, දුක‍්ඛං:

මහණෙනි, යමෙක් දුක් නම් එහි ලා තොප විසින් ඡන්‍දරාගය පහ කළයුත්තේ යැ. මහණෙනි කුමක් දුක් ද යත්:

රූපං භික‍්ඛවෙ, දුක‍්ඛං. තත්‍ර වො ඡන්‍දරාගො පහාතබ‍්බො. වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං දුක‍්ඛං. තත්‍ර වො ඡන්‍දරාගො පහාතබ‍්බො. යං හි භික‍්ඛවෙ, දුක‍්ඛං, තත්‍ර වො ඡන්‍දරාගො පහාතබ‍්බොති.

මහණෙනි, රූපය දුක් යැ. එහි ලා තොප විසින් ඡන්‍දරාගය පහ කළයුත්තේ යැ. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය දුක් යැ. එහි ලා තොප විසින් ඡන්‍දරාගය පහ කළයුත්තේ යැ. මහණෙනි, යමෙක් දුක් නම් එහි ලා තොප විසින් ඡන්‍දරාගය පහ කළයුත්තේ යි.

1. 3. 4. 8.

1. 3. 4. 8.

අනත‍්ත සුත‍්තං

පඨම අනත්ත සූත්‍රය

143. සාවත්‍ථියං:

143. සැවැත්නුවර:

යො හි භික‍්ඛවෙ, අනත‍්තා. තත්‍ර වො ඡන්‍දො පහාතබ‍්බො. කො ච භික‍්ඛවෙ, අනත‍්තා:

මහණෙනි, යමෙක් අනාත්ම නම් එහි ලා තොප විසින් ඡන්‍දය පහ කළයුත්තේ ය. මහණෙනි, කුමක් අනාත්ම ද යත්:

රූපං භික‍්ඛවෙ, අනත‍්තා. තත්‍ර වො ඡන්‍දො පහාතබ‍්බො. වෙදනා අනත‍්තා -පෙ- සඤ‍්ඤා අනත‍්තා -පෙ- සඞ‍්ඛාරා අනත‍්තා -පෙ- විඤ‍්ඤාණං අනත‍්තා. තත්‍ර වො ඡන්‍දො පහාතබ‍්බො. යො හි භික‍්ඛවෙ, අනත‍්තා. තත්‍ර වො ඡන්‍දො පහාතබ‍්බොති.

මහණෙනි, රූපය අනාත්ම යැ, එහි ලා තොප විසින් ඡන්‍දය පහ කළ යුත්තේ යැ. වේදනාව අනාත්ම යැ ... සංඥාව අනාත්ම යැ ... සංස්කාර අනාත්ම යැ ... විඥානය අනාත්ම යැ. එහි ලා තොප විසින් ඡන්‍දය පහ කළ යුත්තේ යැ. මහණෙනි, යමෙක් අනාත්ම නම් එහි ලා තොප විසින් ඡන්‍දය පහ කළයුත්තේ යි.

1. 3. 4. 9.

1. 3. 4. 9.

දුතිය අනත‍්ත සුත‍්තං

දුතිය අනත්ත සූත්‍රය

144. සාවත්‍ථියං:

144. සැවැත්නුවර:

යො හි භික‍්ඛවෙ, අනත‍්තා. තත්‍ර වො රාගො පහාතබ‍්බො. කො ච භික‍්ඛවෙ, අනත‍්තා:

මහණෙනි, යමෙක් අනාත්ම නම් එහි ලා තොප විසින් රාගය පහ කළයුත්තේ යැ. මහණෙනි, කුමක් අනාත්ම ද යත්:

රූපං භික‍්ඛවෙ, අනත‍්තා. තත්‍ර වො රාගො පහාතබ‍්බො. වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං අනත‍්තා. තත්‍ර වො රාගො පහාතබ‍්බො. යො හි භික‍්ඛවෙ, අනත‍්තා. තත්‍ර වො රාගො පහාතබ‍්බොති.

මහණෙනි, රූපය අනාත්ම යැ. එහි ලා තොප විසින් රාගය පහ කළ යුත්තේ යැ. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය අනාත්ම යැ. එහි ලා තොප විසින් රාගය පහ කළයුත්තේ යැ. මහණෙනි, යමෙක් අනාත්ම නම් එහි ලා තොප විසින් රාගය පහ කළයුත්තේ යි.

1. 3. 4. 10.

1. 3. 4. 10.

තතිය අනත‍්ත සුත‍්තං

තතිය අනත්ත සූත්‍රය

145. සාවත්‍ථියං:

145. සැවැත්නුවර:

යො හි භික‍්ඛවෙ, අනත‍්තා තත්‍ර වො ඡන්‍දරාගො පහාතබ‍්බො. කො ච භික‍්ඛවෙ, අනත‍්තා:

මහණෙනි, යමෙක් අනාත්ම නම් එහි ලා තොප විසින් ඡන්‍දරාගය පහ කළයුත්තේ යැ. මහණෙනි, කුමක් අනාත්ම ද යත්:

රූපං භික‍්ඛවෙ, අනත‍්තා තත්‍ර වො ඡන්‍දරාගො පහාතබ‍්බො. වෙදනා අනත‍්තා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං අනත‍්තා. තත්‍ර වො ඡන්‍දරාගො පහාතබ‍්බො. යො හි භික‍්ඛවෙ, අනත‍්තා තත්‍ර වො ඡන්‍දරාගො පහාතබ‍්බොති.

මහණෙනි, රූපය අනාත්ම යැ. එහි ලා තොප විසින් ඡන්‍දරාගය පහ කළයුත්තේ යැ. වේදනාව අනාත්මයැ ... සංඥාව ... සංස්කාර ... විඥානය අනාත්ම යැ. එහිලා තොප විසින් ඡන්‍දරාගය පහ කළයුත්තේ යැ. මහණෙනි, යමෙක් අනාත්ම නම් එහි ලා තොප විසින් ඡන්‍දරාගය පහ කළයුත්තේ යි.