තතිය කොට‍්ඨිත සුත‍්තං
1. 3. 3. 10.
1. 3. 3. 10.
තතිය කොට‍්ඨිත සුත‍්තං
තතිය කොට්ඨික සූත්‍රය
135. බාරාණසියං:
135. බරණැස්නුවර:
එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා සාරිපුත‍්තො ආයස‍්මන‍්තං මහාකොට‍්ඨිතං එතදවොච: “අවිජ‍්ජා අවිජ‍්ජා”ති ඛො ආවුසො කොට‍්ඨිත, වුච‍්චති. කතමා නු ඛො ආවුසො අවිජ‍්ජා? කිත‍්තාවතා ච අවිජ‍්ජාගතො හොතීති?
එකත්පස් වැ හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන්ට තෙල කීහ: “ඇවැත්නි, කොට්ඨිතයෙනි, අවිද්‍යා අවිද්‍යා යයි කියනු ලැබේ. ඇවැත්නි, අවිද්‍යාව නම් කවර යැ, කොපමණකින් අවිද්‍යාගතත් වේ දැ?”යි.
ඉධාවුසො අස‍්සුතවා පුථුජ‍්ජනො රූපං නප‍්පජානාති, රූපසමුදයං නප‍්පජානාති, රූපනිරොධං නප‍්පජානාති, රූපනිරොධගාමිනිං පටිපදං නප‍්පජානාති.
ඇවැත්නි, මෙහි අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ රූපය නො දනියි. රූපසමුදය නො දනියි. රූපනිරෝධය නො දනියි. රූපනිරෝධගාමිනී පටිපදාව නො දනී.
වෙදනං නප‍්පජානාති -පෙ- සඤ‍්ඤං -පෙ- සඞ‍්ඛාරෙ -පෙ- විඤ‍්ඤාණං නප‍්පජානාති. විඤ‍්ඤාණසමුදයං නප‍්පජානාති, විඤ‍්ඤාණනිරොධං නප‍්පජානාති, විඤ‍්ඤාණනිරොධගාමිනිං පටිපදං නප‍්පජානාති. අයං වුච‍්චතාවුසො අවිජ‍්ජා. එත‍්තාවතා ච අවිජ‍්ජාගතො හොතීති.
වේදනාව නො දනියි … සංඥාව ... සංස්කාර ... විඥානය නො දනියි, විඥානසමුදය නො දනියි. විඥානනිරෝධය නො දනියි, විඥානනිරෝධගාමිනී පටිපදාව නො දනී. ඇවැත්නි, මේ අවිද්‍යා යි කියනු ලැබේ. මෙ පමණෙකින් අවිද්‍යාගතත් වේ ය”යි.
එවං වුත‍්තෙ ආයස‍්මා සාරිපුත‍්තො ආයස‍්මන‍්තං මහාකොට‍්ඨිතං එතදවොච: “විජ‍්ජා, විජ‍්ජා”ති ආවුසො කොට‍්ඨිත, වුච‍්චති. කතමා නු ඛො ආවුසො විජ‍්ජා? කිත‍්තාවතා ච විජ‍්ජාගතො හොතීති?
මෙසේ පැවසූ කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන්ට තෙල කීහ: ඇවැත්නි, කොට්ඨිතයෙනි, විද්‍යා විද්‍යා යි කියනු ලැබෙයි. ඇවැත්නි, විද්‍යා නම් කුමක්ද? කොපමණෙකින් විද්‍යාගතත් වේ දැ”යි?
ඉධාවුසො සුතවා අරියසාවකො රූපං පජානාති. රූපසමුදයං පජානාති. රූපනිරොධං පජානාති. රූපනිරොධගාමිනිං පටිපදං පජානාති. වෙදනං -පෙ- සඤ‍්ඤං -පෙ- සඞ‍්ඛාරෙ -පෙ- විඤ‍්ඤාණං පජානාති විඤ‍්ඤාණසමුදයං පජානාති, විඤ‍්ඤාණනිරොධං පජානාති, විඤ‍්ඤාණනිරොධගාමිනිං පටිපදං පජානාති. අයං වුච‍්චතාවුසො විජ‍්ජා. එත‍්තාවතා ච විජ‍්ජාගතො හොතීති.
ඇවැත්නි, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපය දනියි, රූපසමුදය දනියි, රූපනිරෝධය දනියි, රූපනිරෝධගාමිනීපටිපදාව දනී. වේදනාව … සංඥාව ... සංස්කාර ... විඥානය දනියි, විඥානසමුදය දනියි. විඥානනිරෝධය දනියි. විඥානනිරෝධගාමිනී පටිපදාව දනී. ඇවැත්නි, මේ විද්‍යා යි කියනු ලැබේ. මෙපමණෙකින් විද්‍යාගතත් වේ යයි.
අවිජ‍්ජාවග‍්ගො තතියො.
තෙවැනි අවිද්‍යා වර්‍ග යි
තත්‍රුද‍්දානං:
එහි උද්දානය:
සමුදයධම‍්මෙන තීණි අස‍්සාදො අපරෙ දුවෙ සමුදයෙන ද‍්වෙ වුත‍්තා කොට‍්ඨිතෙන පරෙ තයොති.
සමුදය ධම්ම සූත්‍ර තුන යැ, අනෙක් අස්සාද සූත්‍ර දෙක යැ, සමුදය සූත්‍ර දෙක යැ අනෙක් කොට්ඨිත සූත්‍ර තුන යයි සූත්‍ර දසයෙකි.