දුතිය කොට්ඨිත සුත්තං
1. 3. 3. 9.
1. 3. 3. 9.
දුතිය කොට්ඨිත සුත්තං
දුතිය කොට්ඨික සූත්‍රය
134. බාරාණසියං:
134. බරණැස්නුවර:
එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං මහාකොට්ඨිතං එතදවොච: “අවිජ්ජා අවිජ්ජා”ති, ආවුසො කොට්ඨිත, වුච්චති. කතමා නු ඛො ආවුසො අවිජ්ජා? කිත්තාවතා ච අවිජ්ජාගතො හොතීති?
එකත්පසෙකැ හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන්ට තෙල කීහ: “ඇවැත්නි, කොට්ඨිතයෙනි, අවිද්‍යා අවිද්‍යා යි කියනු ලැබෙයි, ඇවැත්නි, අවිද්‍යාව නම් කවරක් යැ කොපමණෙකින් අවිද්‍යාගතත් වේ දැ”යි?
ඉධාවුසො අස්සුතවා පුථුජ්ජනො රූපස්ස සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානාති. වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරානං -පෙ- විඤ්ඤාණස්ස සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානාති. අයං වුච්චතාවුසො අවිජ්ජා. එත්තාවතා ච අවිජ්ජාගතො හොතීති.
ඇවැත්නි, මෙ සස්නෙහි අශ්‍රැතවත් පෘථග්ජන රූපයේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ නො දනියි. වේදනාවෙහි ... සංඥාවෙහි ... සංස්කාරයන්හි ... විඥානයේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ නො දනී. මේ අවිද්‍යාව යයි කියනු ලැබේ. මෙපමණෙකින් අවිද්‍යාගතත් වේ යයි”.
එවං වුත්තෙ ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං මහාකොට්ඨිතං එතදවොච: ‘විජ්ජා, විජ්ජා’ති ආවුසො කොට්ඨිත, වුච්චති. කතමා නු ඛො ආවුසො විජ්ජා කිත්තාවතා ච විජ්ජාගතො හොතී’ති.
මෙසේ පැවසූ කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන්ට තෙල කීහ: “ඇවැත් කොට්ඨිතයෙනි, විද්‍යා විද්‍යා යි කියනු ලැබේ. ඇවැත්නි, විද්‍යා නම් කුමක් ද? කොපමණෙකින් විද්‍යාගතත් වේ දැ”යි?
ඉධාවුසො සුතවා අරියසාවකො රූපස්ස සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානාති. වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරානං -පෙ- විඤ්ඤාණස්ස සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානාති. අයං වුච්චතාවුසො විජ්ජා, එත්තාවතා ච විජ්ජාගතො හොතීති.
ඇවැත්නි, මෙහි ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපයෙහි සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ දනියි. වේදනාවෙහි ... සංඥාවෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි සමුදයයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ දනී. ඇවැත්නි, මේ විද්‍යා”යි කියනු ලැබේ. මෙ පමණෙකින් විද්‍යාගතත් වේ ය”යි.