කොට්ඨිත සුත්තං
1. 3. 3. 8.
1. 3. 3. 8.
කොට්ඨිත සුත්තං
කොට්ඨික සූත්‍රය
133. බාරාණසියං:
133. බරණැස්නුවර:
එකං සමයං ආයස්මා ච සාරිපුත්තො ආයස්මා ච මහාකොට්ඨිතො බාරාණසියං විහරන්ති ඉසිපතනෙ මිගදායෙ. අථ ඛො ආයස්මා සාරිපුත්තො සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙනායස්මා මහාකොට්ඨිතො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා මහාකොට්ඨිතෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං මහාකොට්ඨිතං එතදවොච: “අවිජ්ජා අවිජ්ජා”ති, ආවුසො කොට්ඨිත, වුච්චති. කතමා නු ඛො ආවුසො අවිජ්ජා? කිත්තාවතා ච අවිජ්ජාගතො හොතීති?
එක්සමයෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ද ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ද බරණැස සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩවෙසෙත්. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස්කල පලසමවතින් නැගී සිටියාහු ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන් කරා එළැඹියහ. එළැඹැ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන් සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙකැ හුන්හ. එකත්පසෙකැ හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන්ට තෙල කීහ: “ඇවැත්නි, කොට්ඨිතයෙනි, අවිද්‍යා අවිද්‍යා යි කියනු ලැබේ. ඇවැත්නි, අවිද්‍යාව නම් කවර යැ? කොපමණෙකින් අවිද්‍යාගතත් වේ දැ”යි?
ඉධාවුසො අස්සුතවා පුථුජ්ජනො රූපස්ස අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානාති. වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරානං -පෙ- විඤ්ඤාණස්ස අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානාති. අයං වුච්චතාවුසො, අවිජ්ජා. එත්තාවතා ච අවිජ්ජාගතො හොතීති.
ඇවැත්නි, මේ සස්නෙහි අශ්‍රැතවත් පෘථග්ජන රූපයේ ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ නො දනියි. වේදනාවගේ ... සංඥාවගේ ... සංස්කාරයන්ගේ ... විඥානයාගේ ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ නො දනී. ඇවැත්නි, මේ අවිද්‍යා යි කියනු ලැබේ. මෙපමණෙකින් අවිද්‍යාගතත් වේ යයි.
එවං වුත්තෙ ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං මහාකොට්ඨිතං එතදවොච: විජ්ජා විජ්ජාති ආවුසො කොට්ඨිත, වුච්චති. කතමා නු ඛො ආවුසො විජ්ජා? කිත්තාවතා ච විජ්ජාගතො හොතීති?
මෙසේ පැවසූ කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන්ට තෙල කීහ: “ඇවැත්නි, කොට්ඨිතයෙනි, විද්‍යා විද්‍යා යි කියනු ලැබේ. ඇවැත්නි, විද්‍යා නම් කවරක් ද? කොපමණෙකින් විද්‍යාගතත් වේ දැ”යි?
ඉධාවුසො සුතවා අරියසාවකො රූපස්ස අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානාති. වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරානං -පෙ- විඤ්ඤාණස්ස අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානාති. අයං වුච්චතාවුසො විජ්ජා, එත්තාවතා ච විජ්ජාගතො හොතීති.”
ඇවැත්නි, මෙ සස්නෙහි ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයේ ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ දනියි. වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයේ ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ දනී. ඇවැත්නි, මේ විද්‍යා යි කියනු ලැබේ. මෙ පමණෙකින් විද්‍යාගතත් වේ ය යි.