යෙදුමෙන් කියවන්න

තතිය සමුදයධම‍්ම සුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

1. 3. 3. 3.

1. 3. 3. 3.

තතිය සමුදයධම‍්ම සුත‍්තං

තතිය සමුදය ධම්ම සූත්‍රය

128. බාරාණසියං:

128. බරණැස්නුවර:

එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා මහාකොට‍්ඨිතො ආයස‍්මන‍්තං සාරිපුත‍්තං එතදවොච: “විජ‍්ජා, විජ‍්ජා”ති ඛො ආවුසො සාරිපුත‍්ත වුච‍්චති. කතමා නු ඛො ආවුසො විජ‍්ජා? කිත‍්තාවතා ච විජ‍්ජාගතො හොතීති?

එකත්පස් ව හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල කීහ: “ඇවැත්නි, ශාරිපුත්‍රයෙනි, විජ්ජා විජ්ජා යි කියනු ලැබේ. ඇවැත්නි විජ්ජා නම් කවර යැ? කොපමණෙකින් විජ්ජාගතත් වේ දැ”යි?

ඉධාවුසො සුතවා අරියසාවකො සමුදයධම‍්මං රූපං සමුදයධම‍්මං රූපන‍්ති යථාභූතං පජානාති: වයධම‍්මං රූපං -පෙ- සමුදයවයධම‍්මං රූපං සමුදයවයධම‍්මං රූපන‍්ති යථාභූතං පජානාති. සමුදයධම‍්මං වෙදනං -පෙ- සමුදයධම‍්මං සඤ‍්ඤං -පෙ- සමුදයධම‍්මෙ සඞ‍්ඛාරෙ -පෙ- සමුදයධම‍්මං විඤ‍්ඤාණං සමුදයධම‍්මං විඤ‍්ඤාණන‍්ති යථාභූතං පජානාති. වයධම‍්මං විඤ‍්ඤාණං -පෙ- සමුදයවයධම‍්මං විඤ‍්ඤාණං සමුදයවයධම‍්මං විඤ‍්ඤාණන‍්ති යථාභූතං පජානාති. අයං වුච‍්චතාවුසො විජ‍්ජා, එත‍්තාවතා ච විජ‍්ජාගතො හොතී”ති.

ඇවැත්නි, මෙ සස්නෙහි ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක හටගන්නාසුලු රූපය හටගන්නාසුලු රූප යයි තතු සේ දනියි, වැනසෙනසුලු රූපය ... හටගන්නා-වැනසෙනසුලු රූපය හටගන්නා-වැනසෙනසුලු රූප යයි තතුසේ දනී. හටගන්නාසුලු වේදනාව ... හටගන්නාසුලු සංඥාව ... හටගන්නාසුලු සංස්කාර ... හටගන්නාසුලු විඥානය හටගන්නාසුලු විඥාන ය යි තතුසේ දනී වැනසෙනසුලු විඥානය ... හටගන්නා-වැනසෙනසුලු විඥානය හටගන්නා-වැනසෙනසුලු විඥාන ය යි තතුසේ දනී. ඇවැත්නි, මේ විජ්ජා යි කියනු ලැබෙයි. මෙපමණෙකින් විජ්ජාගතත් වේ යයි.

1. 3. 3. 4.

1. 3. 3. 4.

පඨම අස‍්සාද සුත‍්තං

පඨම අස්සාද සූත්‍රය

129. බාරාණසියං:

129. බරණැස්නුවර:

එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා මහාකොට‍්ඨිතො ආයස‍්මන‍්තං සාරිපුත‍්තං එතදවොච: “අවිජ‍්ජා අවිජ‍්ජා”ති ආවුසො සාරිපුත‍්ත, වුච‍්චති. කතමා නු ඛො ආවුසො අවිජ‍්ජා? කිත‍්තාවතා ච අවිජ‍්ජාගතො හොතීති?

එකත්පස් ව හුන්, ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල කීහ: “ඇවැත්නි, ශාරිපුත්‍රයෙනි, අවිජ්ජා අවිජ්ජා ය යි කියනු ලැබේ. ඇවැත්නි අවිජ්ජා නම් කවර යැ? කොපමණෙකින් අවිජ්ජා ගතත් වේ දැ”යි?

ඉධාවුසො අස‍්සුතවා පුථුජ‍්ජනො රූපස‍්ස අස‍්සාදඤ‍්ච, ආදීනවඤ‍්ච, නිස‍්සරණඤ‍්ච යථාභූතං නප‍්පජානාති. වෙදනාය -පෙ- සඤ‍්ඤාය -පෙ- සඞ‍්ඛාරානං -පෙ- විඤ‍්ඤාණස‍්ස අස‍්සාදඤ‍්ච, ආදීනවඤ‍්ච, නිස‍්සරණඤ‍්ච යථාභූතං නප‍්පජානාති. අයං වුච‍්චතාවුසො අවිජ‍්ජා, එත‍්තාවතා ච අවිජ‍්ජාගතො හොතීති.

ඇවැත්නි, මෙහි අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ රූපයාගේ ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ නො දනීයි. වේදනාවේ ... සංඥාවේ ... සංස්කාරයන්ගේ ... විඥානයේ ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ නො දනී. ඇවැත්නි, මේ අවිජ්ජා යි කියනු ලැබේ. මෙපමණෙකින් අවිජ්ජාගතත් වේ ය යි.

1. 3. 3. 5.

1. 3. 3. 5.

දුතිය අස‍්සාද සුත‍්තං

දුතිය අස්සාද සූත්‍රය

130. බාරාණසියං:

130. බරණැස්නුවර:

එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා මහාකොට‍්ඨිතො ආයස‍්මන‍්තං සාරිපුත‍්තං එතදවොච: “විජ‍්ජා විජ‍්ජා”ති ආවුසො සාරිපුත‍්ත, වුච‍්චති. කතමා නු ඛො ආවුසො, විජ‍්ජා? කිත‍්තාවතා ච විජ‍්ජාගතො හොතීති?

එකත්පසෙක හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කීහ: “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, විජ්ජා විජ්ජා යි කියනු ලැබෙයි, ඇවැත්නි, විජ්ජා නම් කවරක්ද? කොපමණෙකින් විජ්ජාගතත් වේ දැ”යි.

ඉධාවුසො, සුතවා අරියසාවකො රූපස‍්ස අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං පජානාති. වෙදනාය -පෙ- සඤ‍්ඤාය -පෙ- සඞ‍්ඛාරානං -පෙ- විඤ‍්ඤාණස‍්ස අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං පජානාති. අයං වුච‍්චතාවුසො විජ‍්ජා, එත‍්තාවතා ච විජ‍්ජාගතො හොතීති.

ඇවැත්නි, මේ සස්නෙහි ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයාගේ ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ දනියි. වේදනාවේ ... සංඥාවේ ... සංස්කාරයන්ගේ ... විඥානයාගේ ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ දනී. ඇවැත්නි, මේ විජ්ජායි කියනු ලැබේ. මෙපමණෙකින් විජ්ජාගතත් වේ යයි.

1. 3. 3. 6.

1. 3. 3. 6.

පඨම සමුදය සුත‍්තං

පඨම සමුදය සූත්‍රය

131. බාරාණසියං:

131. බරණැස්නුවර:

එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා මහාකොට‍්ඨිතො ආයස‍්මන‍්තං සාරිපුත‍්තං එතදවොච: “අවිජ‍්ජා අවිජ‍්ජා”ති, ආවුසො සාරිපුත‍්ත, වුච‍්චති. කතමා නු ඛො ආවුසො අවිජ‍්ජා? කිත‍්තාවතා ච අවිජ‍්ජාගතො හොතීති”?

එකත්පසෙක හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කීහ: “ඇවැත්නි, ශාරිපුත්‍රයෙනි, අවිජ්ජා අවිජ්ජා යි කියනු ලැබෙයි, ඇවැත්නි අවිජ්ජා නම් කවර යැ? කොපමණෙකින් අවිජ්ජාගතත් වේ දැ”යි?

ඉධාවුසො, අස‍්සුතවා පුථුජ‍්ජනො රූපස‍්ස සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං නප‍්පජානාති. වෙදනාය -පෙ- සඤ‍්ඤාය -පෙ- සඞ‍්ඛාරානං -පෙ- විඤ‍්ඤාණස‍්ස සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං නප‍්පජානාති. අයං වුච‍්චතාවුසො, අවිජ‍්ජා. එත‍්තාවතා ච අවිජ‍්ජාගතො හොතීති.

ඇවැත්නි, මෙහි අශ්‍රැතවත් පෘථග්ජන රූපයාගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ නො දනියි, වේදනාවේ ... සංඥාවේ ... සංස්කාරයන්ගේ ... විඥානයාගේ සමුදයයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ නො දනී. ඇවැත්නි, මේ අවිජ්ජා යි කියනු ලැබේ. මෙ පමණෙකින් අවිජ්ජාගතත් වේ ය යි.

1. 3. 3. 7.

1. 3. 3. 7.

දුතිය සමුදය සුත‍්තං

දුතිය සමුදය සූත්‍රය

132. බාරාණසියං:

132. බරණැස්නුවර:

එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා මහාකොට‍්ඨිතො ආයස‍්මන‍්තං සාරිපුත‍්තං එතදවොච: “විජ‍්ජා විජ‍්ජා”ති ආවුසො සාරිපුත‍්ත වුච‍්චති. කතමා නු ඛො ආවුසො, විජ‍්ජා? කිත‍්තාවතා ච විජ‍්ජාගතො හොතීති?

එකත්පස් ව හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කීහ: ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, විද්‍යා විද්‍යා යි කියනු ලැබේ. ඇවැත්නි විද්‍යාව නම් කවර යැ? කොපමණෙකින් විද්‍යායුක්තත් වේ දැ? යි.

“ඉධාවුසො සුතවා අරියසාවකො රූපස‍්ස සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං පජානාති. වෙදනාය -පෙ- සඤ‍්ඤාය -පෙ- සඞ‍්ඛාරානං -පෙ- විඤ‍්ඤාණස‍්ස සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං පජානාති. අයං වුච‍්චතාවුසො විජ‍්ජා. එත‍්තාවතා ච විජ‍්ජාගතො හොතීති.

ඇවැත්නි, මෙහි ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපයාගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ දනී. වේදනාවගේ ... සංඥාවගේ ... සංස්කාරයන්ගේ ... විඥානයාගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ දනී. ඇවැත්නි, මේ විද්‍යාව යයි කියනු ලැබේ. මෙතෙකින් විද්‍යායුක්තත් වේ ය යි.