දුතිය සමුදයධම්ම සුත්තං
1. 3. 3. 2.
1. 3. 3. 2.
දුතිය සමුදයධම්ම සුත්තං
දුතිය සමුදය ධම්ම සූත්‍රය
127. බාරාණසියං:
127. බරණැස්නුවර:
එකං සමයං ආයස්මා ච සාරිපුත්තො ආයස්මා ච මහාකොට්ඨිතො බාරාණසියං විහරන්ති ඉසිපතනෙ මිගදායෙ. අථ ඛො ආයස්මා මහාකොට්ඨිතො සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා සාරිපුත්තෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා මහාකොට්ඨිතො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච: “අවිජ්ජා අවිජ්ජා”ති ආවුසො සාරිපුත්ත, වුච්චති. කතමා නු ඛො ආවුසො, අවිජ්ජා? කිත්තාවතා ච අවිජ්ජාගතො හොතී”ති?
එක් කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ද ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ද බරණැස සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩවෙසෙති. ඒ කල්හි ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ සවස්කල විවේකයෙන් නැගී සිටියාහු ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත එළැඹියහ. එළැඹැ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස් වැ හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට: තෙල කීහ: ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, අවිද්‍යා අවිද්‍යා යි කියනු ලැබේ. ඇවැත්නි, අවිද්‍යා නම් කවර යැ? කොපමණෙකින් අවිද්‍යාගතත් වේ දැ”යි? මෙය කීහ.
ඉධාවුසො අස්සුතවා පුථුජ්ජනො සමුදයධම්මං රූපං, සමුදයධම්මං රූපන්ති යථාභූතං නප්පජානාති. වයධම්මං රූපං -පෙ- සමුදයවයධම්මං රූපං සමුදයවයධම්මං රූපන්ති යථාභූතං නප්පජානාති. “සමුදයධම්මං වෙදනං -පෙ- සමුදයධම්මං සඤ්ඤං -පෙ- සමුදයධම්මෙ සඞ්ඛාරෙ -පෙ- සමුදය ධම්මං විඤ්ඤාණං සමුදයධම්මං විඤ්ඤාණන්ති යථාභූතං නප්පජානාති. වයධම්මං විඤ්ඤාණං -පෙ- සමුදයවයධම්මං විඤ්ඤාණං සමුදයවයධම්මං විඤ්ඤාණන්ති යථාභූතං නප්පජානාති. අයං වුච්චතාවුසො අවිජ්ජා, එත්තාවතා ච අවිජ්ජාගතො හොතීති.
ඇවැත්නි, මෙහි අශ්‍රැතවත් පෘථග්ජන උපදනා ස්වභාව ඇති රූපය උපදනා ස්වභාව ඇති රූපය යි තතුසේ නො දනියි, වැනසෙන ස්වභාව ඇති රූපය ... හටගන්නා-වැනසෙන ස්වභාව ඇති රූපය හටගන්නා-වැනසෙන ස්වභාව ඇති රූප යයි තතුසේ නො දනියි, හටගන්නාසුලු වේදනාව ... හටගන්නාසුලු සංඥාව ... හටගන්නාසුලු සංස්කාර ... හටගන්නාසුලු විඥානය හටගන්නාසුලු විඥාන යයි තතුසේ නො දනියි. වැන සෙනසුලු විඥානය ... හටගන්නා-වැනසෙනසුලු විඥානයයි තතු සේ නො දනී. ඇවැත්නි, මේ අවිද්‍යා යයි කියනු ලැබේ මෙතෙකින් අවිද්‍යාගතත් වේ ය යි.