පඨම සමුදයධම්ම සුත්තං
1. 3. 3. 1.
1. 3. 3. 1.
පඨම සමුදයධම්ම සුත්තං
පඨම සමුදය ධම්ම සූත්‍රය
126. සාවත්ථියං:
126. සැවැත්නුවර:
අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: “අවිජ්ජා අවිජ්ජා”ති භන්තෙ, වුච්චති. කතමා නු ඛො, භන්තෙ, අවිජ්ජා? කිත්තාවතා ච අවිජ්ජාගතො හොතීති.
එ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹැ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙකැ හුන්නේ යැ. එකත්පසෙකැ හුන් ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය: “වහන්ස, අවිද්‍යා ය, අවිද්‍යා යයි කියනු ලැබේ. වහන්ස, අවිද්‍යාව කවර යත් කොපමණකින් අවිද්‍යාගත (අවිද්‍යාවට ගියේ) ද වේ දැ”යි.
ඉධ භික්ඛු, අස්සුතවා පුථුජ්ජනො සමුදයධම්මං රූපං සමුදයධම්මං රූපන්ති යථාභූතං නප්පජානාති. වයධම්මං රූපං වයධම්මං රූපන්ති යථාභූතං නප්පජානාති. සමුදයවයධම්මං රූපං සමුදයවයධම්මං රූපන්ති යථාභූතං නප්පජානාති. සමුදයධම්මං වෙදනං, ‘සමුදයධම්මා වෙදනාති’ යථාභූතං නප්පජානාති. ‘වයධම්මං වෙදනං ‘වයධම්මා වෙදනාති’ යථාභූතං නප්පජානාති. සමුදයවයධම්මං වෙදනං. සමුදයවයධම්මා වෙදනාති යථාභූතං නප්පජානාති. සමුදයධම්මං සඤ්ඤං -පෙ- සමුදයධම්මෙ සඞ්ඛාරෙ සමුදයධම්මා සඞ්ඛාරාති යථාභූතං නප්පජානාති. වයධම්මෙ සඞ්ඛාරෙ ‘වයධම්මා සඞ්ඛාරාති’ යථාභූතං නප්පජානාති. සමුදයවයධම්මෙ සඞ්ඛාරෙ ‘සමුදයවයධම්මා සඞ්ඛාරා’ති යථාභූතං නප්පජානාති. සමුදයධම්මං විඤ්ඤාණං සමුදයධම්මං විඤ්ඤාණන්ති යථාභූතං නප්පජානාති. වයධම්මං විඤ්ඤාණං වයධම්මං විඤ්ඤාණන්ති යථාභූතං නප්පජානාති. සමුදයවයධම්මං විඤ්ඤාණං සමුදයවයධම්මං විඤ්ඤාණන්ති යථාභූතං නප්පජානාති. අයං වුච්චති භික්ඛු, අවිජ්ජා. එත්තාවතා ච අවිජ්ජාගතො හොතීති.
මහණ, මෙහි අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ සමුදය (ඉපදීම) ස්වභාව ඇති රූපය සමුදය ස්වභාව ඇති රූපයකැ යි තතු සේ නො දනියි, ව්‍යය (වැනසීම) ස්වභාව ඇති රූපය ව්‍යය ස්වභාව ඇති රූපයකැ යි තතු සේ නො දනියි, “සමුදයව්‍යය ස්වභාව ඇති රූපය සමුදයව්‍යය ස්වභාව ඇති රූපයකැ යි තතු සේ නො දනියි, සමුදය සැහැවි වේදනාව සමුදය සැහැවි වේදනාවකැ යි තතුසේ හේ නො දනියි, වැනසෙනසුලු වේදනාව වැනසෙනසුලු වේදනාවයකැ යි තතුසේ නො දනියි. සමුදයව්‍යය ස්වභාව ඇති වේදනාව සමුදයව්‍යය ස්වභාව ඇති වේදනාවකැයි තතු සේ නො දනියි, හටගන්නා ස්වභාව ඇති සංඥාව ... හටගන්නා ස්වභාව ඇති සංස්කාර හටගන්නා ස්වභාව ඇති සංස්කාර යයි තතුසේ නො දනියි, වැනසෙන ස්වභාව ඇති සංස්කාර වැනසෙන ස්වභාව ඇති සංස්කාර ය යි තතු සේ නො දනියි, සමුදයව්‍යය ස්වභාව ඇති සංස්කාර සමුදයව්‍යය ස්වභාව ඇති සංස්කාර යයි තතු සේ නො දනියි, හටගන්නා ස්වභාව ඇති විඥානය හටගන්නා ස්වභාව ඇති විඥාන යයි තතුසේ නො දනියි, වැනසෙන ස්වභාව ඇති විඥානය වැනසෙන ස්වභාව ඇති විඥාන යයි තතුසේ නො දනියි, සමුදයව්‍යය ස්වභාව ඇති විඥානය සමුදයව්‍යය ස්වභාව ඇති විඥාන යයි තතුසේ නො දනී. මහණ, මේ අවිද්‍යා යයි කියනු ලැබේ. මෙ පමණකින් අවිද්‍යාගත ද වේ යි.
එවං වුත්තෙ සො භික්ඛු භගවන්තං එතදවොච: “විජ්ජා විජ්ජා”ති භන්තෙ වුච්චති. කතමා නු ඛො භන්තෙ, විජ්ජා? කිත්තාවතා ච විජ්ජාගතො හොතීති?
මෙසේ වදාළ කල්හි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේ යැ: “වහන්ස, විද්‍යා යැ විද්‍යා යයි කියනු ලැබේ. වහන්ස, විද්‍යාව නම් කවර යැ? කොපමණෙකින් විද්‍යාගත වේ දැ”යි?
ඉධ භික්ඛු සුතවා අරියසාවකො සමුදයධම්මං රූපං සමුදයධම්මං රූපන්ති යථාභූතං පජානාති. වයධම්මං රූපං වයධම්මං රූපන්ති යථාභූතං පජානාති. සමුදයවයධම්මං රූපං සමුදයවයධම්මං රූපන්ති යථාභූතං පජානාති. සමුදයධම්මං වෙදනං -පෙ- සමුදයධම්මං සඤ්ඤං -පෙ- සමුදයධම්මෙ සඞ්ඛාරෙ -පෙ- සමුදයධම්මං විඤ්ඤාණං සමුදයධම්මං විඤ්ඤාණන්ති යථාභූතං පජානාති. වයධම්මං විඤ්ඤාණං, වයධම්මං විඤ්ඤාණන්ති යථාභූතං පජානාති. සමුදයවයධම්මං විඤ්ඤාණං සමුදයවයධම්මං විඤ්ඤාණන්ති යථාභූතං පජානාති. අයං වුච්චති භික්ඛු, විජ්ජා. එත්තාවතා ච විජ්ජාගතො හොතීති.
මහණ, මෙහි ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ හටගන්නා සැහැවි රූපය හටගන්නා සැහැවි රූප යයි තතුසේ දනී, වැනසෙන සැහැවි රූපය වැනසෙන සැහැවි රූප යයි තතුසේ දනියි, හටගන්නා-වැනසෙන සැහැවි රූපය හටගන්නා-වැනසෙන සැහැවි රූප යයි තතුසේ දනියි, හටගන්නා සැහැවි වේදනාව ... හටගන්නා සැහැවි සඥාව ... හටගන්නා සැහැවි සංස්කාර ... හටගන්නා සැහැවි විඥානය හටගන්නා සැහැවි විඥාන යයි තතු සේ දනියි. වැනසෙන සැහැවි විඥානය වැනසෙන සැහැවි විඥාන යයි තතුසේ දනියි, හටගන්නා-වැනසෙන සැහැවි විඥානය හටගන්නා වැනසෙන සැහැවි විඥාන ය යි තතුසේ දනී. මහණ, මේ විද්‍යාව යයි කියනු ලැබේ. මෙපමණෙකින් විද්‍යාගතත් වේ යයි.