යෙදුමෙන් කියවන්න

දුතිය කප‍්ප සුත‍්තං

1. 3. 2. 13.

1. 3. 2. 13.

දුතිය කප‍්ප සුත‍්තං

දුතිය කප්ප සූත්‍රය

125. සාවත්‍ථියං:

125. සැවැත්නුවර:

එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා කප‍්පො භගවන‍්තං එතදවොච: කථන‍්නු ඛො භන‍්තෙ, ජානතො කථං පස‍්සතො ඉමස‍්මිඤ‍්ච සවිඤ‍්ඤාණකෙ කායෙ බහිද‍්ධා ච සබ‍්බනිමිත‍්තෙසු අහිඞ‍්කාරමමිඞ‍්කාරමානාපගතං මානසං හොති විධා සමතික‍්කන‍්තං සන‍්තං සුවිමුත‍්තන‍්ති.

එකත්පස් වැ හුන් ආයුෂ්මත් කප්ප තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, කෙසේ දන්නහුගේ කෙසේ දක්නහුගේ සිත මේ සවිඤ්ඤාණක කයෙහිත් බැහැර සියලු නිමිත්තයන්හිත් අහිඞ්කාර මමිඞ්කාර මානයෙන් පහ වූයේ මාන කොටසුන් ඉක්ම වූයේ සන්හුන් වූයේ මැනවින් මිදුණේ වේ දැ යි?

යං කිඤ‍්චි කප‍්ප, රූපං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා, යං දූරෙ සන‍්තිකෙ වා. සබ‍්බං රූපං “නෙතං මම, නෙසොහමස‍්මි, න මෙ’සො අත‍්තා”ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දිස‍්වා අනුපාදා විමුත‍්තො හොති. යා කාචි වෙදනා -පෙ- යා කාචි සඤ‍්ඤා -පෙ- යෙ කෙචි සඞ‍්ඛාරා -පෙ- යං කිඤ‍්චි විඤ‍්ඤාණං, අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන‍්තිකෙ වා, සබ‍්බං විඤ‍්ඤාණං “නෙතං මම, නෙසොහමස‍්මි, න මෙ’සො අත‍්තා”ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දිස‍්වා අනුපාදා විමුත‍්තො හොති.

කප්පය, අතීත වූ හෝ අනාගත වූ හෝ පච්චුප්පන්න වූ හෝ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සූක්‍ෂ්ම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි රූපයෙක් වේ ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් රූපයෙකුත් වේ ද, ඒ සියලු රූපය තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ තෙල තතු සේ මනා නුවණින් දැක උපාදාන රහිත ව මිදුණේ වෙයි. යම් කිසි වේදනාවක් ... යම් කිසි සංඥාවක් ... යම් කිසි සංස්කාර කෙනෙක් ... අතීත වූ හෝ අනාගත වූ හෝ පච්චුප්පන්න වූ හෝ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සූක්‍ෂ්ම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි විඥානයෙක් වේ ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් විඥානයකුත් වේ ද, (ඒ) සියලු විඥානය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ තතු සේ මනා නුවණින් දැක උපාදාන රහිත ව මිදුණේ වෙයි.

එවං ඛො කප‍්ප, ජානතො එවං පස‍්සතො ඉමස‍්මිඤ‍්ච සවිඤ‍්ඤාණකෙ කායෙ බහිද‍්ධා ච සබ‍්බනිමිත‍්තෙසු අහිඞ‍්කාරමමිඞ‍්කාරමානාපගතං මානසං හොති, විධා සමතික‍්කන‍්තං සන‍්තං සුවිමුත‍්තන‍්ති.

කප්පය, මෙසේ දන්නහුගේ මෙසේ දක්නහුගේ සිත මේ සවිඤ්ඤාණක කයෙහිත් බැහැර සියලු නිමිත්තයන්හිත් අභිඞ්කාර මමිඞ්කාර මානයෙන් පහ වූයේ මානකොටසුන් ඉක්ම වූයේ සන්හුන් වූයේ මැනවින් මිදුණේ වේ ය යි.

ධම‍්මකථිකවග‍්ගො දුතියො.

දෙවැනි ධම්මකථික වර්‍ග යි

තත්‍රුද‍්දානං:

එහි සූත්‍ර නාමාවලිය:

අවිජ‍්ජා විජ‍්ජා ද‍්වෙ කථිකා බන්‍ධනා පරිපුච‍්ඡිතා දුවෙ, සඤ‍්ඤොජනං උපාදානං සීලං සුතවා ද‍්වෙ ච කප‍්පෙනාති.

අවිජ්ජා විජ්ජා යන සූත්‍ර දෙක යැ, ධම්මකථික සූත්‍ර දෙක යැ, බන්‍ධන සූත්‍රය, පරිපුච්ජිත සූත්‍ර දෙක යැ, සඤ්ඤෝජන උපාදාන සීල සුතවන්ත යන සූත්‍ර සතර ය කප්ප සූත්‍ර දෙක යයි සූත්‍ර තෙළෙසකි.