යෙදුමෙන් කියවන්න

නො ච මෙ සියා සුත‍්තං

1. 3. 5. 4.

1. 3. 5. 4.

නො ච මෙ සියා සුත‍්තං

නො ච මෙ සියා සූත්‍රය

153. සාවත්‍ථියං:

153. සැවැත්නුවර:

කිස‍්මිං නු ඛො භික‍්ඛවෙ, සති කිං උපාදාය කිං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති? “නො චස‍්සං නො ච මෙ සියා, න භවිස‍්සාමි, න මෙ භවිස‍්සතී”ති.

මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා කුමක් ප්‍රත්‍යය කොට “(මම්) නො වන්නෙම් නම් මට (පස්කඳෙක්) නොද වන්නේ යැ, මතු නො වන්නෙම් නම් මට (පස්කඳෙක්) මතු නොවන්නේ” යි මෙබඳු දෘෂ්ටියක් උපදී ද?

භගවංමූලකා නො භන‍්තෙ, ධම‍්මා -පෙ-

වහන්ස, අපගේ දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ ...

රූපෙ ඛො භික‍්ඛවෙ, සති රූපං උපාදාය රූපං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති: “නො චස‍්සං, නො ච මෙ සියා, න භවිස‍්සාමි න මෙ භවිස‍්සතී”ති. වෙදනාය සති -පෙ- සඤ‍්ඤාය සති -පෙ- සඞ‍්ඛාරෙසු සති -පෙ- විඤ‍්ඤාණෙ සති විඤ‍්ඤාණං උපාදාය විඤ‍්ඤාණං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති “නො චස‍්සං, නො ච මෙ සියා, න භවිස‍්සාමි, න මෙ භවිස‍්සතී”ති.

මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසිරි කොට රූපය ප්‍රත්‍යය කොට “ඉදින් (මම්) නුවූයෙම් නම් මට (පස්කඳෙක්) නො ද වන්නේ යැ, නො වන්නෙම් නම් (මතු පස්කඳෙක්) මට නො වන්නේ යි මෙබඳු දෘෂ්ටියක් උපදී. වේදනාව ඇති කල්හි ... සංඥාව ඇති කල්හි ... සංස්කාර ඇති කල්හි ... විඥානය ඇති කල්හි විඥානය ඇසිරි කොට විඥානය ප්‍රත්‍යය කොට ඉදින් (මම්) නුවූයෙම් නම් මට (පස්කඳෙක්) නො ද වන්නේ යැ, නො වන්නෙම් නම් (මතු ද පස්කඳෙක්) මට නො වන්නේ”යි මෙ බඳු දෘෂ්ටියක් උපදී.

තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ, රූපං නිච‍්චං වා අනිච‍්චං වාති? අනිච‍්චං භන‍්තෙ.

මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ ද? වහන්ස, අනිත්‍ය යැ.

යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති? දුක‍්ඛං භන‍්තෙ.

යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද, සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.

යං පනානිච‍්චං දුක‍්ඛං විපරිනාමධම‍්මං අපි නු තං අනුපාදාය එවං දිට‍්ඨි උප‍්පජ‍්ජෙය්‍ය “නො චස‍්සං, නො ච මෙ සියා, න භවිස‍්සාමි, න මෙ භවිස‍්සතී”ති? නො හෙතං භන‍්තෙ.

යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නොඇසිරි කොට “ඉදින් (මම්) නුවූයෙම් නම් මට (පස්කඳෙක්) නො ද වන්නේ යැ. නො වන්නෙම් නම් මතු පස් කඳෙක් මට නො වන්නේ”යි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි? වහන්ස, තෙල නො වේ ම යැ.

වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං නිච‍්චං වා අනිච‍්චං වාති? අනිච‍්චං භන‍්තෙ,

වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ ද? වහන්ස, අනිත්‍ය යැ.

යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති? දුක‍්ඛං භන‍්තෙ.

යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද , සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.

යං පනානිච‍්චං දුක‍්ඛං විපරිනාමධම‍්මං අපි නු තං අනුපාදාය එවං දිට‍්ඨි උප‍්පජ‍්ජෙය්‍ය “නො චස‍්සං, නො ච මෙ සියා, න භවිස‍්සාමි, න මෙ භවිස‍්සතීති?

යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය ඇසිරි කොට “ඉදින් (මම්) නුවූයෙම් නම් මට (පස්කඳෙක්) නො ද වන්නේ යැ. ඉදින් නො වන්නෙම් නම් (මතු ද පස්කඳෙක්) මට නො වන්නේ”යි මෙ බඳු දෘෂ්ටියෙක් උපදී දැ”යි?

නො හෙතං භන‍්තෙ. එවං පස‍්සං -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.

වහන්ස, තෙල නො වේ මැ යි. මෙසේ දක්නේ ... මේ බැව් පිණිස අන් කිසෙක් නැතැ යි දැනගනී යි.