සො අත‍්තා සුත‍්තං
1. 3. 5. 3.
1. 3. 5. 3.
සො අත‍්තා සුත‍්තං
සො අත්තා සූත්‍රය
152. සාවත්‍ථියං:
152. සැවැත්නුවර:
කිස‍්මිං නු ඛො භික‍්ඛවෙ, සති කිං උපාදාය කිං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති “සො අත‍්තා, සො ලොකො, සො පෙච‍්ච භවිස‍්සාමි නිච‍්චො ධුවො සස‍්සතො අවිපරිනාමධම‍්මො”ති.
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා කුමක් ප්‍රත්‍ය කොට “ඒ මම් ආත්මයෙමි, ඒ මම් ලෝකය වෙමි, නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ නො පෙරළෙන සැහැවි වූ ඒ මම් පරලොව වන්නෙමි”යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැයි?
භගවංමූලකා නො, භන‍්තෙ, ධම‍්මා -පෙ-.
වහන්ස, අපගේ දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ ...
රූපෙ ඛො භික‍්ඛවෙ, සති රූපං උපාදාය රූපං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති “සො අත‍්තා, සො ලොකො, සො පෙච‍්ච භවිස‍්සාමි, නිච‍්චො, ධුවො, සස‍්සතො, අවිපරිනාමධම‍්මො”ති. වෙදනාය සති -පෙ- සඤ‍්ඤාය සති -පෙ- සඞ‍්ඛාරෙසු සති -පෙ- විඤ‍්ඤාණෙ සති විඤ‍්ඤාණං උපාදාය විඤ‍්ඤාණං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති “සො අත‍්තා, සො ලොකො, සො පෙච‍්ච භවිස‍්සාමි, නිච‍්චො, ධුවො, සස‍්සතො අවිපරිනාමධම‍්මො”ති.
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ප්‍රත්‍ය කොට “ඒ මම ආත්මයෙමි, ඒ මම් ලෝකය වෙමි, නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ නො පෙරළෙන සැහැවි වූ ඒ මම්, පරලොව වන්නෙමි”යි මෙබඳු දෘෂ්ටියක් උපදියි. වේදනාව ඇති කල්හි ... සංඥාව ඇති කල්හි ... සංස්කාර ඇති කල්හි ... විඥානය ඇති කල්හි විඥානය නිසා විඥානය ප්‍රත්‍ය කොට “ඒ මම ආත්මයෙමි, ඒ මම් ලෝකය වෙමි, ඒ මම් පරලොව වන්නෙමි”යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
තං කිම‍්මඤ‍්ඤථ භික‍්ඛවෙ, රූපං නිච‍්චං වා අනිච‍්චං වාති? අනිච‍්චං භන‍්තෙ. යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති? දුක‍්ඛං භන‍්තෙ, යං පනානිච‍්චං දුක‍්ඛං විපරිනාමධම‍්මං අපි නු තං අනුපාදාය එවං දිට‍්ඨි උප‍්පජ‍්ජෙය්‍ය “සො අත‍්තා, සො ලොකො, සො පෙච‍්ච භවිස‍්සාමි, නිච‍්චො ධුවො සස‍්සතො අවිපරිනාමධම‍්මො”ති, නො හෙතං, භන‍්තෙ,
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේද, අනිත්‍ය හෝ වේ ද? වහන්ස, අනිත්‍ය යැ. යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද , සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ. යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි නම් එය ඇසිරි නො කොට ඒ මම් ආත්මයෙමි, ඒ මම් ලෝකය වෙමි, ඒ මම් නිත්‍ය වූයෙම්, ධ්‍රැව වූයෙම්, ශාශ්වත වූයෙම්, නො පෙරළෙන සැහැවියෙම් පරලොව වන්නෙමි”යි මෙබඳු දෘෂ්ටියක් උපදී ද?වහන්ස, තෙල නො වේ ම යැ.
වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං නිච‍්චං වා අනිච‍්චං වාති? අනිච‍්චං භන‍්තෙ.
වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ ද? වහන්ස, අනිත්‍ය යැ.
යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති? දුක‍්ඛං භන‍්තෙ,
යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද, සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.
යං පනානිච‍්චං දුක‍්ඛං විපරිනාමධම‍්මං, අපි නු තං අනුපාදාය එවං දිට‍්ඨි උප‍්පජ‍්ජෙය්‍ය “සො අත‍්තා, සො ලොකො, සො පෙච‍්ච භවිස‍්සාමි, නිච‍්චො ධුවො සස‍්සතො අවිපරිනාමධම‍්මො”ති? නො හෙතං භන‍්තෙ. එවං පස‍්සං -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.
යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි නම් එය ඇසිරි නො කොට “ඒ මම් ආත්මයෙමි, ඒ මම් ලෝකය වෙමි, ඒ මම් නිත්‍ය වූයෙමි, ධ්‍රැව වූයෙමි, ශාශ්වත වූයෙමි, නො පෙරළෙන සැහැවියෙමි පරලොව වන්නෙමි”යි මෙබඳු දෘෂ්ටියක් උපදී ද? වහන්ස, තෙල නො වේ ම යැ. මෙසේ දක්නේ ... මේ සඳහා අන් කිසෙක් නැතැ යි දැනගනී යි.