යෙදුමෙන් කියවන්න

ඵග‍්ගුනසුත‍්තං

1. 8. 10.

1. 8. 10.

ඵග‍්ගුනසුත‍්තං

ඵග්ගුන සූත්‍රය

83. අථ ඛො ආයස‍්මා ඵග‍්ගුනො යෙන භගවා තෙනුපසඞ‍්කමි -පෙ- එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා ඵග‍්ගුනො භගවන‍්තං එතදවොච.

83. එකල්හි ආයුෂ්මත් ඵග්ගුණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. … එකත්පස් ව හුන් ආයුෂ්මත් ඵග්ගන තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ:

අත්‍ථි නු ඛො භන‍්තෙ, තං චක‍්ඛු යෙන චක‍්ඛුනා අතීතෙ බුද‍්ධෙ පරිනිබ‍්බුතෙ ඡින‍්නපපඤ‍්චෙ ඡින‍්නවටුමෙ පරියාදින‍්නවට‍්ටෙ සබ‍්බදුක‍්ඛවීතිවත‍්තෙ පඤ‍්ඤාපයමානො පඤ‍්ඤාපෙය්‍ය -පෙ- අත්‍ථි නු ඛො සා භන‍්තෙ, ජිව‍්හා යාය ජිව‍්හාය අතීතෙ බුද‍්ධෙ පරිනිබ‍්බුතෙ -පෙ- අත්‍ථි නු ඛො සො භන‍්තෙ, මනො යෙන මනෙන අතීතෙ බුද‍්ධෙ පරිනිබ‍්බුතෙ ඡින‍්නපපඤ‍්චෙ ඡින‍්නවටුමෙ පරියාදින‍්නවට‍්ටෙ සබ‍්බදුක‍්ඛවීතිවත‍්තෙ පඤ‍්ඤාපයමානො පඤ‍්ඤාපෙය්‍යාති.

වහන්ස, නැසූ තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති නැසූ තෘෂ්ණාමාර්‍ග ඇති කෙළවර කළ සසරවට ඇති සියලු දුක් ඉක්ම වූ ඉකුත් බුදුවරයන් පිරිනිවි යම් ඇසෙකින් පනවන්නෙක් පනවා නම් එබඳු ඇසෙක් ඇද්දැ යි. … වහන්ස, පිරිනිවි ඉකුතු බුදුවරයන් යම් දිවකින් පනවා නම් එබඳු දිවෙක් ඇද්ද යි. … නැසූ තෘෂ්ණාප්‍රපඤ්ච ඇති නැසූ තෘෂ්ණාමාර්‍ග ඇති කෙළවර කළ සසරවට ඇති සියලු දුක් ඉක්ම වූ පිරිනිවි ඉකුත් බුදුවරයන් යම් සිතකින් පනවන්නෙක් පනවා නම් එබඳු සිතෙක් ඇද්ද යි.

නත්‍ථි ඛො තං ඵග‍්ගුන, චක‍්ඛුං යෙන චක‍්ඛුනා අතීතෙ බුද‍්ධෙ පරිනිබ‍්බුතෙ ඡින‍්නපපඤ‍්චෙ ඡින‍්නවටුමෙ පරියාදින‍්නවට‍්ටෙ සබ‍්බදුක‍්ඛ වීතිවත‍්තෙ පඤ‍්ඤාපයමානො පඤ‍්ඤාපෙය්‍ය -පෙ- නත්‍ථි ඛො සා ඵග‍්ගුන, ජිව‍්හා යාය ජිව‍්හාය අතීතෙ බුද‍්ධෙ පරිනිබ‍්බුතෙ -පෙ- පඤ‍්ඤාපෙය්‍ය, නත්‍ථි ඛො සො ඵග‍්ගුන, මනො යෙන මනෙන අතීතෙ බුද‍්ධෙ පරිනිබ‍්බුතෙ ඡින‍්නපපඤ‍්චෙ ඡින‍්නවටුමෙ පරියාදින‍්නවට‍්ටෙ සබ‍්බදුක‍්ඛ වීතිවත‍්තෙ පඤ‍්ඤාපයමානො පඤ‍්ඤාපෙය්‍යාති.

ඵග්ගුන, නැසූ තෘෂ්ණාප්‍රපඤ්ච ඇති නැසූ තෘෂ්ණාමාර්‍ග ඇති කෙළවර කළ සසරවට ඇති සියලු දුක් ඉක්ම වූ පිරිනිවි ඉකුත් බුදුවරයන් යම් ඇසකින් පනවන්නෙක් පනවා නම් එබඳු ඇසෙක් නැත්ම ය. … ඵග්ගුණ, පිරිනිවි ඉකුත් බුදුවරයන් යම් දිවෙකින් පනවා නම් එබඳු දිවෙක් නැත් ම ය. … ඵග්ගුණ, නැසූ තෘෂ්ණාප්‍රපඤ්ච ඇති නැසූ තෘෂ්ණාමාර්‍ග ඇති කෙළවර කළ සසරවට ඇති සියලු දුක් ඉක්ම වූ පිරිනිවී ඉකුත් බුදුවරයන් යම් සිතකින් පනවන්නෙක් පනවා නම් එබඳු සිතෙක් නැත් මැ යි.

ගිලානවග‍්ගො අට‍්ඨමො.

අටවැනි ගිලාන වර්‍ග යි.

තස‍්සුද‍්දානං:

එහි සූත්‍රනාමාවලිය:

ගිලානෙන ද‍්වෙ වුත‍්තා රාධෙන අපරෙ තයො අවිජ‍්ජාය ච ද‍්වෙ වුත‍්තා භික‍්ඛු ලොකො ච ඵග‍්ගුනො.

ගිලාන නමින් සූත්‍ර දෙකෙක් ද රාධ නමින් අනෙක් තුනෙක් ද කියන ලදහ. අවිජ්ජා නමින් දෙකෙක් ද භික්ඛු ලෝක ඵග්ගුණ යයි සූත්‍ර තුනෙක් ද කියන ලදහ.