8. ගිලානවග්ගො අට්ඨකථා
8. ගිලාන වර්ගය
1-5. ගිලානසුත්තාදිවණ්ණනා
1-5. ගිලාන ආදි සූත්‍ර වර්ණනා
ගිලානවග්ගස්ස පඨමෙ අමුකස්මින්ති අසුකස්මිං. අයමෙව වා පාඨො. අප්පඤ්ඤාතොති අඤ්ඤාතො අපාකටො. නවොපි හි කොචි පඤ්ඤාතො හොති රාහුලත්ථෙරො විය සුමනසාමණෙරො විය ච, අයං පන නවො චෙව අපඤ්ඤාතො ච. සෙසමෙත්ථ වුත්තනයමෙවාති. තථා ඉතො පරෙසු චතූසු.
ගිලාන වර්ගයේ පළමුවැන්නෙහි - අමුකස්මිං යනු අසවල් තැන. අසවලා කෙරෙහි යන අදහස් ඇත්තේ වේ. අසුකස්මිං යන්න ද නියමිත පදය ලෙස යෙදේ. අප්පඤ්ඤා තො යනු අන් අය විසින් නොදන්නා ලද්දා වූ, අප්‍රකට වූ අයෙක් යන අදහසයි. නවක වූයේ නමුදු ඇතැමෙක් රාහුල තෙරුන් මෙන් ද සුමන සාමණේරයන් මෙන් ද (අනුන් විසින්) දන්නා ලද්දෙක් වෙයි. මේ තෙමේ වනාහී නවකයෙක් ද අනුන් විසින් නොදන්නා ලද්දෙක් ද (හෙවත් අප්‍රකට වූවෙක් ද) වෙයි. සෙස්ස මෙහි කියන ලද ක්‍රමය අනුවම වේ. මින් පසු එන (සූත්‍ර) සතරෙහිද (පිළිවෙළ) එසේමය.
6. අවිජ්ජාසුත්තවණ්ණනා
6. අවිජ්ජා සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ අනිච්චතො ජානතොති දුක්ඛානත්තවසෙන ජානතොපි පහීයතියෙව, ඉදං පන අනිච්චලක්ඛණං දස්සෙත්වා වුත්තෙ බුජ්ඣනකස්ස අජ්ඣාසයෙන වුත්තං.
සයවැන්නෙහි - අනිච්චතො ජානතො = දුකය. අනාත්මය යන වශයෙන් දන්නා තැනැත්තා හට ද සංසිඳීමක් වේමය. මේ වනාහී අනිත්‍ය ලක්ෂණය පෙන්වා කියනු ලැබූ කල්හි අවබෝධ කරගන්නා තැනැත්තාගේ අදහසින් කියන ලදී.
7. දුතිය අවිජ්ජාසුත්තවණ්ණනා
7. දුතිය අවිජ්ජා සූත්‍ර වර්ණනාව
සත්තමෙ සබ්බෙ ධම්මාති සබ්බෙ තෙභූමකධම්මා. නාලං අභිනිවෙසායාති අභිනිවෙසපරාමාසග්ගාහෙන ගණ්හිතුං න යුත්තා. සබ්බනිමිත්තානීති සබ්බානි සඞ්ඛාරනිමිත්තානි. අඤ්ඤතො පස්සතීති යථා අපරිඤ්ඤාතාභිනිවෙසො ජනො පස්සති, තතො අඤ්ඤතො පස්සති. අපරිඤ්ඤාතාභිනිවෙසො හි ජනො සබ්බනිමිත්තානිපි අත්තතො පස්සති. පරිඤ්ඤාතාභිනිවෙසො පන අනත්තතො පස්සති, නො අත්තතොති එවං ඉමස්මිං සුත්තෙ අනත්තලක්ඛණමෙව කථිතං.
සත්වැන්නෙහි - සබ්බෙධම්මා යනු (කාමාවචර, රූපාවචර, අරූපාවචර යන) සියලු ත්‍රෛභූමික ධර්මයෝය. නාලං අභිනිවෙසාය යනු තදින් ග්‍රහණය කර ගැනීම සුදුසු නොවේ යන්නයි. සබ්බ නිමිත්තානි යනු (නිමිති වශයෙන් ගත හැකි සියළු සංස්කාරයන් හෙවත්) සියළු සංස්කාර නිමිති යන අදහසයි. අඤ්ඤතො පස්සති යනු දැනුම අඩු ආසාවන් සහිත පුද්ගලයා යම් අයුරකින් (නිමිති) දකී ද, (පිරිපුන් දැනුම ඇති. ආසාවන් රහිත) පුද්ගලයා එයට වෙනස් අයුරකින් නිමිති දකියි යන අදහසයි. දැනුම අඩු, ආසාවන් සහිත පුද්ගලයා සියළු නිමිති ආත්මය වශයෙන් දකියි. පිරිපුන් දැනුම ඇති, ආසාවන් රහිත පුද්ගලයා වනාහී (නිමිති) අනාත්ම වශයෙන් දකියි. ආත්ම වශයෙන් නොදකියි. මෙසේ මේ සූත්‍රයෙහි අනාත්ම ලක්ෂණයම කියන ලදී.
8. සම්බහුලභික්ඛුසුත්තවණ්ණනා
8. සම්බහුලභික්ඛු සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ ඉධ නොති එත්ථ නො-කාරො නිපාතමත්තමෙව. සෙසං උත්තානත්ථමෙව. කෙවලං ඉධ දුක්ඛලක්ඛණං කථිතන්ති වෙදිතබ්බං.
අට වැන්නෙහි - ඉධ නො මෙහි “නො” අක්ෂරය නිපාතයක් පමණක් වේ. සෙස්ස පැහැදිලිය. මෙහි දී හුදෙක් දුඃඛ ලක්ෂණයට කියන ලද්දේයයි දත යුතුයි.
9. ලොකසුත්තවණ්ණනා
9. ලෝක සූත්‍ර වර්ණනාව
නවමෙ ලුජ්ජතීති පලුජ්ජති භිජ්ජති. ඉධ අනිච්චලක්ඛණං කථිතං.
නව වැන්නෙහි - ලුජ්ජති යනු වැනසෙයි. බිඳෙයි යන අදහසයි. මෙහි දී අනිත්‍ය ලක්ෂණය කියන ලදී.
10. ඵග්ගුනසුත්තවණ්ණනා
10. ඵග්ගුන සූත්‍ර වර්ණනාව
දසමෙ ඡින්නපපඤ්චෙති තණ්හාපපඤ්චස්ස ඡින්නත්තා ඡින්නපපඤ්චෙ. ඡින්නවටුමෙති තණ්හාවටුමස්සෙව ඡින්නත්තා ඡින්නවටුමෙ. කිං පුච්ඡාමීති පුච්ඡති? අතික්කන්තබුද්ධෙහි පරිහරිතානි චක්ඛුසොතාදීනි පුච්ඡාමීති පුච්ඡති. අථ වා සචෙ මග්ගෙ භාවිතෙපි අනාගතෙ චක්ඛුසොතාදිවට්ටං වඩ්ඪෙය්ය, තං පුච්ඡාමීති පුච්ඡතීති.
දස වැන්නෙහි - ඡින්නප්පඤ්ච යනු තෘෂ්ණාව නම් ක්ලේශය සිඳුන බැවින් ඡිනන පපඤ්ච යයි කියන ලදී. යන අදහසයි. (ඡින්න - සිඳුන පපඤ්ච = සසරෙහි පමා කරවන කෙලෙස්) ඡින්න වටුමෙ = තෘෂ්ණාව නම් වූ මාර්ගයාගේම සිඳී බිදී යාම සිදු වු බැවින් ඡින්නවටුමෙ යි කියන ලදී. කිං පුච්ඡාමීති පුඛ්ඡති ඉකුත් බුදුවරුන් විසින් පරිහරණය කරන ලද ඇස් කන් ආදිය විමසමියි ප්‍රශ්න කරයි. නැතහොත් ඉදින් මාර්ගය වැඩූ කල්හි ද අනාගතයෙහි ඇස්, කන් ආදීන්ගේ පැවැත්ම වර්ධනය වන්නේ නම් එය විමසමියි ප්‍රශ්න කරයි.
ගිලානවග්ගො අට්ඨමො.
තෙවන ගිලාන වර්ගය නිමියේය.