දුතිය අවිජ්ජාසුත්තං
1. 8. 7.
1. 8. 7.
දුතිය අවිජ්ජාසුත්තං
දුතිය අවිජ්ජා සූත්‍රය
80. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: අත්ථි නු ඛො භන්තෙ, එකො ධම්මො යස්ස පහාණා භික්ඛුනො අවිජ්ජා පහීයති විජ්ජා උප්පජ්ජතීති. අත්ථි ඛො භික්ඛු එකො ධම්මො යස්ස පහාණා භික්ඛුනො අවිජ්ජා පහීයති විජ්ජා උප්පජ්ජතීති. කතමො පන භන්තෙ, එකො ධම්මො යස්ස පහාණා භික්ඛුනො අවිජ්ජා පහීයති විජ්ජා උප්පජ්ජතීති. අවිජ්ජා ඛො භික්ඛු එකො ධම්මො යස්ස පහාණා භික්ඛුනො අවිජ්ජා පහීයති, විජ්ජා උප්පජ්ජතීති.
80. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. … එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය: වහන්ස, යමක් ප්‍රහාණයෙන් මහණහුගේ අවිද්‍යාව ප්‍රහීණ වේ ද, විද්‍යාව උපදී ද, එබඳු එක්දහමෙක් ඇද් දැ යි. මහණ, යමක් ප්‍රහාණයෙන් මහණහුගේ අවිද්‍යාව ප්‍රහීණ වේ නම් විද්‍යාව උපදී නම් එබඳු එක්දහමෙක් ඇත් මැ යි. වහන්ස, යමක් ප්‍රහාණයෙන් අවිද්‍යාව ප්‍රහීණ වේ නම් විද්‍යාව උපදී නම් එබඳු එක්දහම කවරේ දැ යි. මහණ, යමක් ප්‍රහාණයෙන් අවිද්‍යාව ප්‍රහීණ වේ නම් විද්‍යාව උපදී නම් එබඳු එක් දහම අවිද්‍යාව ය.
කථම්පන භන්තෙ, ජානතො කථං පස්සතො අවිජ්ජා පහීයති විජ්ජා උප්පජ්ජතීති? ඉධ භික්ඛු, භික්ඛුනො සුතං හොති සබ්බෙ ධම්මා නාලං අභිනිවෙසායාති. එවඤ්චෙතං භික්ඛු, භික්ඛුනො සුතං හොති සබ්බෙ ධම්මා නාලං අභිනිවෙසායාති; සො සබ්බං ධම්මං අභිජානාති, සබ්බං ධම්මං අභිඤ්ඤාය සබ්බං ධම්මං පරිජානාති සබ්බං ධම්මං පරිඤ්ඤාය සබ්බනිමිත්තානි අඤ්ඤතො පස්සති, චක්ඛුං අඤ්ඤතො පස්සති, රූපෙ අඤ්ඤතො පස්සති, චක්ඛුවිඤ්ඤාණං අඤ්ඤතො පස්සති, චක්ඛුසම්ඵස්සං අඤ්ඤතො පස්සති, යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අඤ්ඤතො පස්සති -පෙ-
වහන්ස, කෙසේ දන්නා කෙසේ දක්නා මහණහුගේ අවිදු පැහේ ද විදු උපදී දැ යි. මහණ, මෙහි මහණහු විසින් සියලු (ත්‍රෛභූමක) ධර්ම (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන්) ගන්නට සුදුසු නො වෙතැයි අසන ලද්දේ වෙයි. මහණ, ඉදින් මහණහු විසින් සියලු (ත්‍රෛභූමක) ධර්ම (තෘෂ්ණාදෘෂ්ටි වශයෙන්) ගන්නට සුදුසු නො වෙතැයි මෙය අසන ලද්දේ වේ නම් හෙතෙමේ සියලු දහම් වෙසෙසින් දනී. සියලු දහම් වෙසෙසින් දැන සියලු දහම් පිරිසිඳ දනී. සියලු දහම් පිරිසිඳ දැන සියලු නිමිත් අනත් විසින් දකී. ඇස අනත් විසින් දකී. රූ අනත් විසින් දකී. චක්ඛුවිඤ්ඤාණය අනත් විසින් දකී. ඇස්පහස අනත් විසින් දකී. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද අනත් විසින් දකී ...
යම්පිදං මනො සම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා. තම්පි අඤ්ඤතො පස්සති එවං ඛො භික්ඛු ජානතො එවං පස්සතො භික්ඛුනො අවිජ්ජා පහීයති විජ්ජා උප්පජ්ජතීති.
මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද අනත් විසින් දකී. මහණ, මෙසේ දන්නා මෙසේ දක්නා මහණහු ගේ අවිදු පැහේ. විදු උපදී.