යෙදුමෙන් කියවන්න

සම‍්බහුලභික‍්ඛුසුත‍්තං

1. 8. 8.

1. 8. 8.

සම‍්බහුලභික‍්ඛුසුත‍්තං

සම්බහුලභික්ඛු සූත්‍රය

81. අථ ඛො සම‍්බහුලා භික‍්ඛූ යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු -පෙ- එකමන‍්තං නිසින‍්නා ඛො තෙ භික‍්ඛූ භගවන‍්තං එතදවොචුං ඉධ නො භන‍්තෙ, අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා අම‍්හෙ එවං පුච‍්ඡන‍්ති: කිමත්‍ථියං ආවුසො සමණෙ ගොතමෙ බ්‍රහ‍්මචරියං වුස‍්සතීති? එවං පුට‍්ඨා මයං භන‍්තෙ, තෙසං අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං එවං බ්‍යාකරොම: දුක‍්ඛස‍්ස ඛො ආවුසො පරිඤ‍්ඤත්‍ථං භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සතීති. කච‍්චි මයං භන‍්තෙ, එවං පුට‍්ඨා එවං බ්‍යාකරමානා වුත‍්තවාදිනො චෙව භගවතො හොම න ච භගවන‍්තං අභූතෙන අබ‍්භාචික‍්ඛාම, ධම‍්මස‍්ස චානුධම‍්මං ව්‍යාකරොම, න ච කොචි සහධම‍්මිකො වාදානුවාදො ගාරය‍්හං ඨානං ආගච‍්ඡතීති.

81. එකල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ … එකපස් ව හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ. වහන්ස, මෙහි අන්තොටු පිරිවැජ්ජෝ “ඇවැත්නි, කුමක් පිණිස මහණ ගොයුම්හු කෙරෙහි බඹසර වෙසේ දැ?” යි මෙසේ අප පුළුවුසිති. වහන්ස, එසේ පුළුවුස්නා ලද අපි ඒ අන්තොටු පිරිවැජ්ජනට “ඇවැත්නි, දුක පිරිසිඳ දැනගනු පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වැසේ ය” යි මෙසේ පවසමු. වහන්ස, කිමෙක් ද? එසේ පුළුවුස්නා ලද අපි මෙඅයුරින් පවසන්නමෝ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දක් කියන්නමෝ වමු ද? භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් නො ද චෝදනා කෙරෙමු ද? දහමට ද අනුදහමක් පවසමු ද? කරුණු සහිත වූ කිසියම් වාදානුවාදයෙක් ගැරහිය යුතුබවට නො පැමිණේ දැ යි.

තග‍්ඝ තුම‍්හෙ භික‍්ඛවෙ, එවං පුට‍්ඨා එවං බ්‍යාකරමානා වුත‍්තවාදිනො චෙව මෙ හොථ න ච මං අභූතෙන අබ‍්භාචික‍්ඛථ, ධම‍්මස‍්ස චානුධම‍්මං ව්‍යාකරොථ, න ච කොචි සහධම‍්මිකො වාදානුවාදො ගාරය‍්හං ඨානං ආගච‍්ඡති. දුක‍්ඛස‍්ස හි භික‍්ඛවෙ, පරිඤ‍්ඤත්‍ථං මයි බ්‍රහ‍්මචරියං වුස‍්සති. සචෙ වො භික‍්ඛවෙ, අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා එවං පුච‍්ඡෙය්‍යුං “කතමං පන තං ආවුසො දුක‍්ඛං යස‍්ස පරිඤ‍්ඤාය සමණෙ ගොතමෙ බ්‍රහ‍්මචරියං වුස‍්සතී”ති. එවං පුට‍්ඨා තුම‍්හෙ භික‍්ඛවෙ, තෙසං අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං එවං ව්‍යාකරෙය්‍යාථ:

මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි මෙඅයුරින් පවසන්නහු ඒකාන්තයෙන් මා විසින් කියන ලද්දක් කියන්නෝ වවු. මට අභූතයෙන් නො ද චෝදනා කරවු. දහමට ද අනු දහමක් පවසවු, කරුණු සහිත කිසියම් වාදානුවාදයෙක් ගැරහිය යුතු බවට නො ද පැමිණෙයි. මහණෙනි, දුක පිරිසිඳ දැනීම පිණිස ම මා කෙරෙහි බඹසර වසනු ලැබේ. මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජ්ජෝ “ඇවැත්නි, යමක් පිරිසිඳ දැනීම පිණිස මහණ ගොයුම් කෙරෙහි බඹසර වසනු ලැබේ නම් ඒ දුක කවරේ දැ” යි. මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජ්ජනට මෙඅයුරින් පවසන්නාහු ය.

“චක‍්ඛුං ඛො ආවුසො දුක‍්ඛං තස‍්ස පරිඤ‍්ඤාය භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සති. රූපා -පෙ- චක‍්ඛුසම‍්ඵස‍්සො දුක‍්ඛො. තස‍්ස පරිඤ‍්ඤාය භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සති. යම‍්පිදං චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පිදුක‍්ඛං. තස‍්ස පරිඤ‍්ඤාය භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සති -පෙ-

ඇවැත්නි, ඇස දුක් ය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසනු ලැබෙ යි. රූ … ඇස්පහස දුක් ය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසනු ලැබේ. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද දුක් ය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසනු ලැබේ.

ජිව‍්හා දුක‍්ඛා, තස‍්ස පරිඤ‍්ඤාය භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සති. රසා දුක‍්ඛා, තෙසං පරිඤ‍්ඤාය -පෙ- ජිව‍්හාවිඤ‍්ඤාණං දුක‍්ඛං -පෙ- ජිව‍්හා සම‍්ඵස‍්සො දුක‍්ඛො -පෙ- යම‍්පිදං ජිව‍්හාසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා, තම‍්පි දුක‍්ඛං, තස‍්ස පරිඤ‍්ඤාය භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සති -පෙ-

දිව දුක් ය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසනු ලැබේ. රස දුක් ය. එය පිරිසිඳ දැනීම පිණිස … ජිව්හාවිඤ්ඤාණය දුක් ය … දිව්පහස දුක් ය. දිව් පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද දුක් ය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසනු ලැබේ.

මනො දුක‍්ඛො තස‍්ස පරිඤ‍්ඤාය භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සති. ධම‍්මා දුක‍්ඛා, තෙසං පරිඤ‍්ඤාය -පෙ- මනො විඤ‍්ඤාණං දුක‍්ඛං -පෙ- මනොසම‍්ඵස‍්සො දුක‍්ඛො -පෙ- යම‍්පිදං මනොසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි දුක‍්ඛං. තස‍්ස පරිඤ‍්ඤාය භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සති. එවං පුට‍්ඨා තුම‍්හෙ භික‍්ඛවෙ, තෙසං අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං එවං ව්‍යාකරෙය්‍යාථාති.

සිත දුක් ය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසනු ලැබේ. දහම් දුක් ය. එය පිරිසිඳ දැනීම පිණිස … මනෝවිඤ්ඤාණය දුක් ය … මනපහස දුක් ය .... මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද දුක් ය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසනු ලැබේ. මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජ්ජනට මෙ අයුරින් පවසන්නහු ය