අවිජ්ජාසුත්තං
1. 8. 6.
1. 8. 6.
අවිජ්ජාසුත්තං
අවිජ්ජා සූත්‍රය
79. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: අත්ථි නු ඛො භන්තෙ, එකො ධම්මො යස්ස පහාණා භික්ඛුනො අවිජ්ජා පහීයති විජ්ජා උප්පජ්ජතීති. අත්ථි ඛො භික්ඛු එකො ධම්මො යස්ස පහාණා භික්ඛුනො අවිජ්ජා පහීයති විජ්ජා උප්පජ්ජතීති. කතමො පන භන්තෙ, එකො ධම්මො යස්ස පහාණා භික්ඛුනො අවිජ්ජා පහීයති විජ්ජා උප්පජ්ජතීති? අවිජ්ජා ඛො භික්ඛු එකො ධම්මො යස්ස පහාණා භික්ඛුනො අවිජ්ජා පහීයති විජ්ජා උප්පජ්ජතීති.
79. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය . … එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය: වහන්ස, යමක් ප්‍රහාණයෙන් මහණහුගේ අවිද්‍යාව ප්‍රහීණ වේ නම් විද්‍යාව උපදී නම් එබඳු එක්දහමෙක් ඇද්දැ යි. මහණ, යමක් ප්‍රහාණයෙන් මහණහුගේ අවිද්‍යාව ප්‍රහීණ වේ නම් විද්‍යාව උපදී නම් එබඳු එක් දහමෙක් ඇත් ම ය. වහන්ස, යමක් ප්‍රහාණයෙන් මහණහුගේ අවිද්‍යාව ප්‍රහීණ වේ නම් විද්‍යාව උපදී නම් එබඳු එක්දහම කවරේ දැ යි. මහණ, යමක් ප්‍රහාණයෙන් මහණහු ගේ අවිද්‍යාව ප්‍රහීණ වේ නම් විද්‍යාව උපදී නම් එබඳු එක් දහම අවිද්‍යාව ය.
කථම්පන භන්තෙ, ජානතො කථම්පස්සතො භික්ඛුනො අවිජ්ජා පහීයති විජ්ජා උප්පජ්ජතීති? චක්ඛුං ඛො භික්ඛු අනිච්චතො ජානතො පස්සතො භික්ඛුනො අවිජ්ජා පහීයති, විජ්ජා උප්පජ්ජති. රූපෙ අනිච්චතො ජානතො පස්සතො භික්ඛුනො අවිජ්ජා පහීයති, විජ්ජා උප්පජ්ජති. චක්ඛුවිඤ්ඤාණං අනිච්චතො ජානතො පස්සතො භික්ඛුනො අවිජ්ජා පහීයති, විජ්ජා උප්පජ්ජති. චක්ඛුසම්ඵස්සං අනිච්චතො ජානතො පස්සතො භික්ඛුනො අවිජ්ජා පහීයති, විජ්ජා උප්පජ්ජති. යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනිච්චතො ජානතො පස්සතො භික්ඛුනො අවිජ්ජා පහීයති, විජ්ජා උප්පජ්ජති -පෙ-
වහන්ස, කෙසේ දන්නා කෙසේ දක්නා මහණහුගේ අවිදු පැහේ ද? විදු උපදී දැ? යි. මහණ, ඇස අනිස විසින් දන්නා දක්නා මහණහුගේ අවිදු පැහෙයි. විදු උපදි යි. රූ අනිස විසින් දන්නා දක්නා මහණහුගේ අවිදු පැහෙයි. විදු උපදියි. චක්ඛුවිඤ්ඤාණය අනිස විසින් දන්නා දක්නා මහණහුගේ අවිදු පැහෙයි. විදු උපදියි. ඇස්පහස අනිස විසින් දන්නා දක්නා මහණහුගේ අවිදු පැහෙයි. විදු උපදියි. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද අනිස විසින් දන්නා දක්නා මහණහුගේ අවිදු පැහෙයි විදු උපදියි ...
ජිව්හං අනිච්චතො ජානතො පස්සතො භික්ඛුනො අවිජ්ජා පහීයති, විජ්ජා උප්පජ්ජති. රසෙ -පෙ- ජිව්හාවිඤ්ඤාණං -පෙ- ජිව්හාසම්ඵස්සං -පෙ- යම්පිදං ජිව්හාසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, තම්පි අනිච්චතො ජානතො පස්සතො භික්ඛුනො අවිජ්ජා පහීයති, විජ්ජා උප්පජ්ජති -පෙ-
දිව අනිස විසින් දන්නා දක්නා මහණහුගේ අවිදු පැහෙයි. විදු උපදියි. රස ... ජිව්හාවිඤ්ඤාණය … දිව්පහස … දිව්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් විඳුමෙක් උපදී නම් හෙ ද අනිස විසින් දන්නා දක්නා මහණහුගේ අවිදු පහවෙයි. විදු උපදියි. ...
මනං අනිච්චතො ජානතො පස්සතො භික්ඛුනො අවිජ්ජා පහීයති, විජ්ජා උප්පජ්ජති. ධම්මෙ -පෙ- මනොවිඤ්ඤාණං -පෙ- මනොසම්ඵස්සං -පෙ- යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනිච්චතො ජානතො පස්සතො භික්ඛුනො අවිජ්ජා පහීයති, විජ්ජා උප්පජ්ජති. එවං ඛො භික්ඛු ජානතො එවං පස්සතො භික්ඛුනො අවිජ්ජා පහීයති විජ්ජා උප්පජ්ජතීති.
සිත අනිස විසින් දන්නා දක්නා මහණහුගේ අවිදු පැහෙයි විදු උපදියි. දහම් … මනෝවිඤ්ඤාණය … මනපහස ... මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද අනිස විසින් දන්නා දක්නා මහණහුගේ අවිදු පැහෙයි විදු උපදී. මහණ, මෙසේ දන්නා මෙසේ දක්නා මහණහුගේ අවිදු පැහෙයි විදු උපදි යි.