අනත්තසුත්තං
1. 8. 5.
1. 8. 5.
අනත්තසුත්තං
අනත්ත සූත්‍රය
78. අථ ඛො ආයස්මා රාධො යෙන භගවා තෙනුපසංකමි -පෙ- “යො ඛො රාධ, අනත්තා තත්ර තෙ ඡන්දො පහාතබ්බො. කො ච රාධ, අනත්තා: චක්ඛුං ඛො රාධ අනත්තා. තත්ර තෙ ඡන්දො පහාතබ්බො. රූපා අනත්තා, තත්ර තෙ ඡන්දො පහාතබ්බො. චක්ඛුවිඤ්ඤාණං අනත්තා තත්ර තෙ ඡන්දො පහාතබ්බො. චක්ඛුසම්ඵස්සො අනත්තා තත්ර තෙ ඡන්දො පහාතබ්බො.
78. එකල්හි ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. … රාධ යමක් අනත් නම් එහි ලා තාගේ ඡන්දය පහකළ යුතු ය. රාධ කුමක් අනත්ද යත්: රාධ, ඇස අනත් ය. එහි ලා තාගේ ඡන්දය පහකළ යුතු ය. රූ අනත් ය. එහි ලා තාගේ ඡන්දය පහකළ යුතු ය. චක්ඛුවිඤ්ඤාණය අනත් ය. එහි ලා තාගේ ඡන්දය පහකළ යුතු ය. ඇස්පහස අනත් ය. එහි ලා තාගේ ඡන්දය පහකළ යුතු ය.
යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනත්තා. තත්ර තෙ ඡන්දො පහාතබ්බො -පෙ-
ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද අනත් ය. එහි ලා තාගේ ඡන්දය පහකළ යුතු ය.
ජිව්හා අනත්තා, තත්ර තෙ ඡන්දො පහාතබ්බො. රසා -පෙ- ජිව්හා විඤ්ඤාණං -පෙ- ජිව්හාසම්ඵස්සො -පෙ- යම්පිදං ජිව්හාසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, තම්පි -පෙ- මනො අනත්තා, තත්ර තෙ ඡන්දො පහාතබ්බො. ධම්මා -පෙ- මනොවිඤ්ඤාණං -පෙ- මනොසම්ඵස්සො -පෙ- යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, තම්පි අනත්තා. තත්ර තෙ ඡන්දො පහාතබ්බො. යො ඛො රාධ අනත්තා තත්ර තෙ ඡන්දො පහාතබ්බොති.
දිව අනත් ය. එහි ලා තාගේ ඡන්දය පහකළ යුතු ය. රස ... ජිව්හාවිඤ්ඤාණය … දිව්පහස … දිව්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද අනත් ය. හෙ ද … සිත අනත් ය. එහි ලා තාගේ ඡන්දය පහකළ යුතු ය. දහම් … මනෝවිඤ්ඤාණය ... මනපහස … මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් විඳුමෙක් උපදී නම් එ ද අනත් ය. එහි ලා තාගේ ඡන්දය පහකළ යුතු ය. රාධ, යමක් අනත් නම් එහි ලා ඡන්දය පහකළ යුතු යි.