යෙදුමෙන් කියවන්න

දුක‍්ඛසුත‍්තං

1. 8. 4.

1. 8. 4.

දුක‍්ඛසුත‍්තං

දුක්ඛ සූත්‍රය

77. යං ඛො රාධ, දුක‍්ඛං තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො. කිඤ‍්ච රාධ දුක‍්ඛං: චක‍්ඛුං ඛො රාධ, දුක‍්ඛං. තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො. රූපා දුක‍්ඛා, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො. චක‍්ඛුවිඤ‍්ඤාණං දුක‍්ඛං, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බා. චක‍්ඛුසම‍්ඵස‍්සො දුක‍්ඛො, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො. යම‍්පිදං චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි දුක‍්ඛං, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො -පෙ- යම‍්පිදං මනොසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පිදුක‍්ඛං. තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො. යං ඛො රාධ, දුක‍්ඛං තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බොති.

77. රාධය, යමක් දුක් නම් එහි තාගේ ඡන්‍දය (කැමැත්ත) පහකළ යුතු ය. රාධය, කුමක් දුක් ද යත්: රාධ, ඇස දුක් ය. එහි ලා තාගේ ඡන්‍දය පහකළ යුතු ය. රූ දුක් ය. එහි ලා තාගේ ඡන්‍දය පහකළ යුතු ය. චක්ඛුවිඤ්ඤාණය දුක් ය. එහි ලා තාගේ ඡන්‍දය පහකළ යුතු ය. ඇස්පහස දුක් ය. එහි ලා තාගේ ඡන්‍දය පහකළ යුතු ය. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් විඳුමෙක් උපදී නම් එ ද දුක් ය. එහි ලා තාගේ ඡන්‍දය පහකළ යුතු ය ... මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් විඳුමෙක් උපදී නම් ඒ ද දුක් ය. එහිලා තාගේ ඡන්‍දය පහකළ යුතු ය. රාධ, යමක් දුක් නම් එහි ලා ඡන්‍දය පහකළ යුතු යි.