යෙදුමෙන් කියවන්න

අනිච‍්චසුත‍්තං

1. 8. 3.

1. 8. 3.

අනිච‍්චසුත‍්තං

අනිච්ච සූත්‍රය

76. අථ ඛො ආයස‍්මා රාධො යෙන භගවා තෙනුපසංකමි -පෙ- එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා රාධො භගවන‍්තං එතදවොච: සාධු මෙ භන‍්තෙ, භගවා සඞ‍්ඛිත‍්තෙන ධම‍්මං දෙසෙතු, යමහං භගවතො ධම‍්මං සුත්‍වා එකො වූපකට‍්ඨො අප‍්පමත‍්තො ආතාපී පහිතත‍්තො විහරෙය්‍යන‍්ති.

76. එකල්හි ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. ... එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ. වහන්ස, අයදිමි “භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්‍මයක් අසා එකලා ව ගණයා කෙරෙන් වෙන් ව නොපමා ව කෙලෙස් තවන වැර ඇති ව කායජීවිත දෙක්හි නිරපේක්‍ෂ ව වසන්නෙම් නම් (එබඳු) දහමක් මට සැකෙවින් දෙසන සේක්වා” යි.

යං ඛො රාධ, අනිච‍්චං තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො. කිඤ‍්ච රාධ, අනිච‍්චං? චක‍්ඛුං ඛො රාධ, අනිච‍්චං, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො. රූපා අනිච‍්චා, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො; චක‍්ඛුවිඤ‍්ඤාණං අනිච‍්චං, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො; චක‍්ඛුසම‍්ඵස‍්සො අනිච‍්චො, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො; යම‍්පිදං චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි අනිච‍්චං. තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො; -පෙ-

රාධ, යමක් අනිස නම් එහි තාගේ ඡන්‍දය (කැමැත්ත) පහකටයුතු ය. රාධ කුමක් අනිස ද යත්: රාධය, ඇස අනිස ය. එහිලා තාගේ ඡන්‍දය පහකටයුතු ය. රූ අනිස ය. එහිලා තාගේ ඡන්‍දය පහකටයුතු ය. චක්ඛුවිඤ්ඤාණය අනිස ය. එහිලා තාගේ ඡන්‍දය පහකටයුතු ය. ඇස්පහස අනිස ය. එහිලා තාගේ ඡන්‍දය පහකටයුතු ය. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් විඳුමෙක් උපදී නම් ඒ ද අනිස ය. එහිලා තාගේ ඡන්‍දය පහකටයුතු ය.

ජිව‍්හා අනිච‍්චා, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො: රසා අනිච‍්චා, -පෙ- ජිව‍්හාවිඤ‍්ඤාණං අනිච‍්චං -පෙ- ජිව‍්හාසම‍්ඵස‍්සො අනිච‍්චො -පෙ- යම‍්පිදං ජිව‍්හාසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි අනිච‍්චං, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො -පෙ-

දිව අනිස ය. එහිලා තාගේ ඡන්‍දය පහකටයුතු ය. රස අනිස ය ... ජිව්හාවිඤ්ඤාණය අනිස ය. … දිව්පහස අනිසය … දිව්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් විඳුමෙක් උපදී නම් එ ද අනිස ය එහිලා තාගේ ඡන්‍දය පහකටයුතු ය.

මනො අනිච‍්චො. තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො. ධම‍්මා අනිච‍්චා -පෙ- මනොවිඤ‍්ඤාණං අනිච‍්චං -පෙ- මනොසම‍්ඵස‍්සො අනිච‍්චො -පෙ- යම‍්පිදං මනොසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි අනිච‍්චං. තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො. යං ඛො රාධ අනිච‍්චං, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බොති.

සිත අනිස ය. එහිලා තාගේ ඡන්‍දය පහකට යුතු ය. දහම් අනිස ය. … මනෝවිඤ්ඤාණය අනිස ය ... මනපහස අනිස ය. … මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එහිලා තාගේ ඡන්‍දය පහකටයුතු ය. රාධය, යමක් අනිස නම් එහිලා ඡන්‍දය පහකටයුතු යි.