දුතියගිලානසුත්තං
1. 8. 2.
1. 8. 2.
දුතියගිලානසුත්තං
දුතිය ගිලාන සූත්‍රය
75. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: අමුකස්මිං භන්තෙ විහාරෙ අඤ්ඤතරො භික්ඛු නවො අප්පඤ්ඤාතො ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො. සාධු භන්තෙ, භගවා යෙන සො භික්ඛු තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායාති.
75. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය: වහන්ස, අසෝ වෙහෙරෙහි එක්තරා අප්‍රසිද්ධ නවක මහණෙක් වැළඳුණු ලෙඩ ඇති ව දුකට පැමිණ දැඩි ගිලන් ව වෙසෙයි. අයදිමි වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා කොට ඒ මහණහු වෙත එළඹෙන සේක්වා යි.
අථ ඛො භගවා නවවාදඤ්ච සුත්වා ගිලානවාදඤ්ච අප්පඤ්ඤාතො භික්ඛූති ඉති විදිත්වා යෙන සො භික්ඛු තෙනුපසඞ්කමි. අද්දසා ඛො සො භික්ඛු භගවන්තං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන මඤ්චෙන සමඤ්චොසි. අථ ඛො භගවා තං භික්ඛුං එතදවොච “අලං භික්ඛු මා ත්වං මඤ්චෙන සමඤ්චොසි, සන්තිමානි ආසනානි පඤ්ඤත්තානි, තත්ථාහං නිසීදිස්සාමීති. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. නිසජ්ජ ඛො භගවා තං භික්ඛුං එතදවොච,
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නවකයෙක යන කතාවත් ගිලනෙක යන කතාවත් අසා නාඳුනන මහණෙකැ යි මෙසේ දැන ඒ මහණ වෙත එළඹි සේක. ඒ මහණ තෙමේ එළඹෙන භාග්‍යවතුන් වහන්සේ දුර දී ම දුටුයේ ය. දැක ඇඳෙන් නැගිටිනා අයුරක් දැක්විය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ මහණට මෙය වදාළ සේක: මහණ, “කම් නැති, තෙපි ඇඳෙන් නැගිටින අයුරක් නහමක් කරහු පනවන ලද මේ අසුන් ඇත. එහි මම හිඳගන්නෙමි” යි. භාග්‍යවතුන් වහන්සේ පනවන ලද අස්නෙහි වැඩහුන් සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ ඒ මහණහට මෙය වදාළ සේක:
කච්චි තෙ භික්ඛු ඛමනීයං, කච්චි යාපනීයං කච්චි දුක්ඛා වෙදනා, පටික්කමන්ති නො අභික්කමන්ති, පටික්කමොසානං පඤ්ඤායති නො අභික්කමොති?
මහණ “තට ඉවසිය හැකි ද යැපිය හැකි ද කිම දුක් වේදනාවෝ අඩුවෙත් ද වැඩි නොවෙද් ද වේදනාවන්ගේ අඩුවීමෙක් මිස වැඩිවීමෙක් නො පැනේ දැ” යි.
න මෙ භන්තෙ, ඛමනීයං, න යාපනීයං, බාළ්හා මෙ දුක්ඛා වෙදනා අභික්කමන්ති නො පටික්කමන්ති, අභික්කමොසානං පඤ්ඤායති නො පටික්කමොති.
වහන්ස, මට නොඉවසිය හැකි ය. නොයැපිය හැකි ය. මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩිවෙත්. නො අඩු වෙත්. ඔවුන්ගේ වැඩිවීමෙක් මිස අඩුවීමෙක් නො පැනේ යි.
කච්චි තෙ භික්ඛු න කිඤ්චි කුක්කුච්චං, න කොචි විප්පටිසාරොති. තග්ඝ මෙ භන්තෙ, අනප්පකං කුක්කුච්චං, අනප්පකො විප්පටිසාරොති.
මහණ, කිම තට කිසියම් කුකුසෙක් නො වේ ද කිසියම් විපිළිසරෙක් නො වේ දැ යි. වහන්ස, මට ඒකාන්තයෙන් මහත් කුකුසෙක් වේ. මහත් විපිළිසරෙක් වේ යි.
කච්චි පන ත්වං භික්ඛු අත්තා සීලතො න උපවදතීති. න ඛො මෙ භන්තෙ අත්තා සීලතො උපවදතීති.
මහණ, කිම තට තෙමේ ශීලයෙන් උපවාද කෙරේ දැ යි. වහන්ස, මට තෙමේ ශීලයෙන් නහමක් උපවාද කෙරේ යි.
නො චෙ කිර ත්වං භික්ඛු අත්තා සීලතො උපවදති, අථ කිස්මිඤ්ච තෙ කුක්කුච්චං, කො ච විප්පටිසාරොති. න ඛොහං භන්තෙ සීලවිසුද්ධත්ථං භගවතා ධම්මං දෙසිතං ආජානාමීති.
මහණ ඉදින් තට තෙමේ ශීලයෙන් උපවාද නොකෙරේ නම් එකල්හි තාගේ කුකුස කොහි ද තාගේ විපිළිසර කිමෙක් දැ යි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ශීලවිශුද්ධිය පිණිස දහම් දෙසන ලදැ යි මම නො ම දනිමියි.
නො චෙ කිර ත්වං භික්ඛු සීලවිසුද්ධත්ථං මයා ධම්මං දෙසිතං ආජානාසි, අථ කිමත්ථං චරහි ත්වං භික්ඛු මයා ධම්මං දෙසිතං ආජානාසීති. අනුපාදා පරිනිබ්බානත්ථං ඛ්වාහං භන්තෙ භගවතා ධම්මං දෙසිතං ආජානාමීති.
මහණ, ඉදින් තෙපි මා විසින් ශීලවිශුද්ධිය පිණිස දහම් දෙසන ලදැ යි නොදනිවු නම්, මහණ තෙපි එසේ ඇති කල්හි මා විසින් කුමක් පිණිස දහම් දෙසන ලදැ යි දනිවු දැ යි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් අනුපාදාපරිනිර්වාණය පිණිස දහම් දෙසන ලදැයි මම දනිමි.
සාධු සාධු භික්ඛු, සාධු ඛො පන ත්වං භික්ඛු අනුපාදාපරිනිබ්බානත්ථාය මයා ධම්මං දෙසිතං ආජානාසි. අනුපාදා පරිනිබ්බානත්ථො හි භික්ඛු මයා ධම්මො දෙසිතො.
මහණ මැනවි මැනවි. මහණ තෙපි මා විසින් අනුපාදාපරිනිර්වාණය පිණිස දහම් දෙසන ලදැ යි දනිහු යනු මනාමය. මහණ මා විසින් උපාදාන නො කොට පිරිනිවීම පිණිස ම දහම් දෙසන ලදි.
තං කිං මඤ්ඤසි භික්ඛු චක්ඛුං නිච්චං වා අනිච්චං වාති. අනිච්චං භන්තෙ. යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති. දුක්ඛං භන්තෙ. යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලන්නුතං සමනුපස්සිතුං “එතං මම, එසො හමස්මි එසො මෙ අත්තා”ති. නොහෙතං භන්තෙ රූපා නිච්චා වා අනිච්චා වාති. අනිච්චා භන්තෙ -පෙ- චක්ඛු විඤ්ඤාණං -පෙ- චක්ඛුසම්ඵස්සො -පෙ- යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි -පෙ- යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, තම්පි නිච්චං වා අනිච්චං වාති. අනිච්චං භන්තෙ. යම්පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති. දුක්ඛං භන්තෙ. යම්පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලන්නු තං සමනුපස්සිතුං. “එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා”ති. නොහෙතං භන්තෙ.
මහණ තෙපි ඒ කිමැයි හඟිහු ද? ඇස නිත්‍ය ද නැතහොත් අනිත්‍ය දැ යි. වහන්ස, අනිත්‍ය ය. යමක් අනිත්‍ය නම් එය දුක් වේ ද නැතහොත් සුව වේ දැයි. වහන්ස, දුක් ය. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය “මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්ම ය” යි දක්නට සුදුසු දැයි. වහන්ස, මෙය නො වේ ම ය. රූ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ දැයි. වහන්ස, අනිත්‍ය ය … චක්ඛුවිඤ්ඤාණය ... ඇස් පහස … ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද … මනපහස නිසා දුක් වූ හෝ සුව වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද නිත්‍ය ද නැතහොත් අනිත්‍ය ද? වහන්ස, අනිත්‍ය ය. යමක් අනිත්‍ය නම් එය දුක් ද නැතහොත් සුව දැ යි. වහන්ස, දුක් ය. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය “මෙය මාගේ ය, මේ මම වෙමි. මේ මාගේ ආත්ම ය”යි දක්නට සුදුසු දැ යි. වහන්ස, මෙය නො වේ ම ය.
එවං පස්සං භික්ඛු සුතවා අරියසාවකො චක්ඛුස්මිම්පි නිබ්බින්දති, රූපෙසුපි නිබ්බින්දති, චක්ඛුවිඤ්ඤාණෙපි නිබ්බින්දති, චක්ඛුසම්ඵස්සෙපි නිබ්බින්දති, යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තස්මිම්පි නිබ්බින්දති -පෙ- යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්චති, විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
මහණ මෙසේ දක්නාසුලු ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක ඇසෙහි දු කලකිරේ, රූ හි දු කලකිරේ, චක්ඛුවිඤ්ඤාණයෙහි දු කලකිරේ, ඇස්පහස්හි දු කලකිරේ. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එහි දු කලකිරේ … මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එහි දු කලකිරෙයි. කලකිරෙනුයේ නො ඇලෙයි. නොඇලුම් හෙයින් මිදෙයි. මිදුණු කල්හි මිදුනේ යයි දැනීම වෙයි. ජාතිය ක්ෂීණ විය. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ (රහත්) බව පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි.
ඉදමවොච භගවා. අත්තමනො සො භික්ඛු භගවතො භාසිතං අභිනන්දි. ඉමස්මිඤ්ච පන වෙය්යාකරණස්මිං භඤ්ඤමානෙ තස්ස භික්ඛුස්ස අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චීති.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටුසිතැති ඒ මහණ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්තේ ය. මේ ආගාථකසූත්රය බණනු ලබන කල්හි ඒ මහණහුගේ සිත උපාදාන රහිත ව කෙලෙසුන්ගෙන් මිදුනේ යි.