යෙදුමෙන් කියවන්න

ගිලානසුත‍්තං

1. 8. 1.

1. 8. 1.

ගිලානසුත‍්තං

ගිලාන සූත්‍රය

74. සාවත්‍ථියං–

74. සැවැත්නුවර–

අථ ඛො අඤ‍්ඤතරො භික‍්ඛු යෙන භගවා තෙනුපසංකමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො සො භික‍්ඛු භගවන‍්තං එතදවොච:

එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය:

අමුකස‍්මිං භන‍්තෙ, විහාරෙ අඤ‍්ඤතරො භික‍්ඛු නවො අප‍්පඤ‍්ඤාතො ආබාධිකො දුක‍්ඛිතො බාළ‍්හගිලානො. සාධු භන‍්තෙ, භගවා යෙන සො භික‍්ඛු තෙනුපසඞ‍්කමතු අනුකම‍්පං උපාදායාති.

වහන්ස, “අසෝ වෙහෙරෙහි අප්‍රසිද්ධ වූ එක්තරා නවක මහණෙක් හටගත් රෝග ඇති ව දුකට පැමිණ දැඩිගිලන් ව වෙසෙයි. වහන්ස, අයදිමි, භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා කොට ඒ මහණ වෙත එළඹෙන සේක්වා” යි.

අථ ඛො භගවා නවවාදඤ‍්ච සුත්‍වා ගිලානවාදඤ‍්ච අප‍්පඤ‍්ඤාතො භික‍්ඛූති ඉති විදිත්‍වා යෙන සො භික‍්ඛු තෙනුපසඞ‍්කමි. අද‍්දසා ඛො සො භික‍්ඛු භගවන‍්තං දූරතොව ආගච‍්ඡන‍්තං. දිස‍්වාන මඤ‍්චෙන සමඤ‍්චොසි. අථඛො භගවා තං භික‍්ඛුං එතදවොච: අලං භික‍්ඛු මා ත්‍වං මඤ‍්චෙන සමඤ‍්චොසි. සන‍්තිමානි ආසනානි පඤ‍්ඤත‍්තානි, තත්‍ථාහං නිසීදිස‍්සාමීති. නිසීදි භගවා පඤ‍්ඤත‍්තෙ ආසනෙ. නිසජ‍්ජ ඛො භගවා තං භික‍්ඛුං එතදවොච:

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නවකයෙක යන වචනයත් ගිලනෙක යන වචනයත් අසා නාඳුනන මහණෙකැයි මෙසේ දැන ඒ මහණ වෙත එළඹි සේක. ඒ මහණ එළඹෙන භාග්‍යවතුන් වහන්සේ දුර දීම දැක්කේ ය. දැක ඇඳෙන් නැගිටිනා අයුරක් දැක්වී. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ මහණහට මෙය වදාළ සේක: “මහණ කම් නැත. තෙපි ඇඳෙන් නැගිටිනා අයුරක් නහමක් කරහු. පනවන ලද මේ අසුන් ඇත. එහි මම හිඳින්නෙමි” යි. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ ඒ මහණහට මෙය වදාළ සේක:

කච‍්චි තෙ භික‍්ඛු ඛමනීයං, කච‍්චි යාපනීයං, කච‍්චි දුක‍්ඛා වෙදනා පටික‍්කමන‍්ති නො අභික‍්කමන‍්ති, පටික‍්කමොසානං පඤ‍්ඤායති නො අභික‍්කමොති?

මහණ තට කිම ඉවසිය හැකි ද? කිම යැපිය හැකි ද? දුක්ඛ වේදනාවෝ කිම අඩු වෙද්ද? වැඩි නොවෙද්ද? මේ වේදනාවන්ගේ අඩුවීමෙක් මිස වැඩිවීමෙක් නො පැ නේ දැ යි.

න මෙ භන‍්තෙ ඛමනීයං, න යාපනීයං, බාළ‍්හා මෙ දුක‍්ඛා වෙදනා අභික‍්කමන‍්ති නො පටික‍්කමන‍්ති, අභික‍්කමොසානං පඤ‍්ඤායති නො පටික‍්කමොති.

වහන්ස, මට නොඉවසිය හැකි ය. නොයැපියි හැකි ය. මාගේ දැඩි දුක්ඛ වේදනාවෝ වැඩිවෙත්. නොඅඩුවෙත්. මොවුන්ගේ වැඩිවීම මිස අඩුවීමෙක් නො පැනේ යි.

කච‍්චි තෙ භික‍්ඛු න කිඤ‍්චි කුක‍්කුච‍්චං, න කොචි විප‍්පටිසාරොති? තග‍්ඝ මෙ භන‍්තෙ, අනප‍්පකං කුක‍්කුච‍්චං, අනප‍්පකො විප‍්පටිසාරොති.

මහණ “තට කිසියම් කුකුසෙක් නො වේ ද? කිසියම් විපිළිසරෙක් නො වේ දැ” යි. වහන්ස, මට ඒකාන්තයෙන් මහත් කුකුසෙක් වේ. මහත් විපිළිසරයෙක් වේ.

කච‍්චි පන ත්‍වං භික‍්ඛු අත‍්තා සීලතො උපවදතීති. න ඛො මෙ භන‍්තෙ අත‍්තා සීලතො උපවදතීති.

මහණ කිම තෙමේ තට ශීලයෙන් උපවාද නො කෙරේ දැ යි. වහන්ස, මට තෙමේ ශීලයෙන් උපවාද නො කෙරේ මැ යි.

නො චෙ කිර ත්‍වං භික‍්ඛු අත‍්තා සීලතො උපවදති, අථ කිස‍්මිඤ‍්ච තෙ කුක‍්කුච‍්චං? කො ච විප‍්පටිසාරොති? න ඛො අහං භන‍්තෙ, සීලවිසුද‍්ධත්‍ථං භගවතා ධම‍්මං දෙසිතං ආජානාමීති.

මහණ, ඉදින් තට තෙමේ ශීලයෙන් උපවාද නො කෙරේ නම් එකල්හි තාගේ කුකුස කොහි ද විපිළිසර කිමෙක් දැ යි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ශීලවිශුද්ධිය පිණිස දහම් දෙසන ලදැ යි නො ම දනිමි යි.

නො චෙ කිර ත්‍වං භික‍්ඛු සීලවිසුද‍්ධත්‍ථං මයා ධම‍්මං දෙසිතං ආජානාසි, අථ කිමත්‍ථං චරහි ත්‍වං භික‍්ඛු, මයා ධම‍්මං දෙසිතං ආජානාසීති? රාගවිරාගත්‍ථඤ‍්ච ඛ‍්වාහං භන‍්තෙ භගවතා ධම‍්මං දෙසිතං ආජානාමීති.

මහණ ඉදින් තෙපි ශීලවිශුද්ධිය පිණිස මා විසින් දහම් දෙසන ලදැ යි නො ම දනිහු නම් එකල්හි කුමක් පිණිස මා විසින් දහම් දෙසන ලදැ යි දනිහු දැ යි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් රාගවිරාගය පිණිස දහම් දෙසන ලදැ යි මම දනිමි යි.

සාධු සාධු භික‍්ඛු, සාධු ඛො ත්‍වං භික‍්ඛු රාගවිරාගත්‍ථං මයා ධම‍්මං දෙසිතං ආජානාසි. රාගවිරාගත්‍ථො හි භික‍්ඛු මයා ධම‍්මො දෙසිතො.

මහණ, මැනවි මැනවි. මහණ තෙපි රාගවිනය පිණිස මා විසින් දහම් දෙසන ලදැ යි දනිවු. මැනවි. මහණ මා විසින් දහම් දෙසන ලද්දේ රාගවිරාගය පිණිස මැ යි.

තං කිම‍්මඤ‍්ඤසි භික‍්ඛු චක‍්ඛුං “නිච‍්චං වා අනිච‍්චං වා”ති? අනිච‍්චං භන‍්තෙ. යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති? දුක‍්ඛං භන‍්තෙ. යං පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං කල‍්ලන‍්නු තං සමනුපස‍්සිතුං එතං මම, එසො’හමස‍්මි එසො මෙ අත‍්තාති? නො හෙතං භන‍්තෙ -පෙ- ජිව‍්හා නිච‍්චා වා අනිච‍්චාවා ති? අනිච‍්චා භන‍්තෙ. -පෙ- මනො නිච‍්චො වා අනිච‍්චො වාති? අනිච‍්චො භන‍්තෙ. යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති? දුක‍්ඛං භන‍්තෙ. යං පනානිච‍්චං දුක‍්ඛං විපරිණාම ධම‍්මං කල‍්ලන‍්නු තං සමනුපස‍්සිතුං එතං මම, එසොහමස‍්මි, එසො මෙ අත‍්තාති? නො හෙතං භන‍්තෙ,

මහණ ඒ කිමැ යි හඟිහි ද? ඇස නිත්‍ය ද නොහොත් අනිත්‍ය දැ යි. වහන්ස, අනිත්‍ය ය. යමක් අනිත්‍ය නම් එය දුක් ද නැතහොත් සුව දැ යි. වහන්ස, දුක් ය. යමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම්: “මෙය මාගේ ය. මේ මම වෙමි, මේ මාගේ ආත්ම ය” යි දක්නට සුදුසු දැ යි. වහන්ස, මෙය නොවේ ම ය ... දිව නිත්‍ය ද, නැතහොත් අනිත්‍ය දැ යි වහන්ස, අනිත්‍ය ය … සිත නිත්‍ය ද නැතහොත් අනිත්‍ය දැ යි. වහන්ස, අනිත්‍ය ය. යමක් අනිත්‍ය නම් එය දුක් ද, නැතහොත් සුව දැ යි. වහන්ස, දුක් ය. යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරලෙනසුලු නම් “මෙය මාගේ ය, මේ මම වෙමි. මේ මාගේ ආත්ම ය” යි එය දක්නට සුදුසු දැ යි. වහන්ස, නො වේම ය.

එවං පස‍්සං භික‍්ඛු සුතවා අරියසාවකො චක‍්ඛුස‍්මිම‍්පි නිබ‍්බින්‍දති සොතස‍්මිම‍්පි නිබ‍්බින්‍දති ඝානස‍්මිම‍්පි නිබ‍්බින්‍දති ජිව‍්හායපි නිබ‍්බින්‍දති කායස‍්මිම‍්පි නිබ‍්බින්‍දති මනස‍්මිම‍්පි නිබ‍්බින්‍දති. නිබ‍්බින්‍දං විරජ‍්ජති, විරාගා විමුච‍්චති, විමුත‍්තස‍්මිං විමුත‍්තමිති ඤාණං හොති. ඛීණා ජාති වුසිතං බ්‍රහ‍්මචරියං. කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.

මහණ, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ඇසෙහි දු කලකිරෙයි. කනෙහි දු කලකිරෙයි. නැහැයෙහි දු කලකිරෙයි. දිවෙහි දු කලකිරෙයි. කයෙහිදු කලකිරෙයි. සිතෙහි දු කලකිරෙයි. කලකිරෙනුයේ නො ඇලෙයි. නොඇලුම් හෙයින් මිදෙයි. මිදුණුකල්හි මිදුනේ යයි දැනීම වෙයි. ජාතිය ක්‍ෂීණ විය. මගබඹසර වැස නිමවන ලදි. කටයුතු දෑ කරන ලදි. මේ (රහත්) බව පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි.

ඉදමවොච භගවා. අත‍්තමනො සො භික‍්ඛු භගවතො භාසිතං අභිනන්‍දි. ඉමස‍්මිඤ‍්ච පන වෙය්‍යාකරණස‍්මිං භඤ‍්ඤමානෙ තස‍්ස භික‍්ඛුනො විරජං වීතමලං ධම‍්මචක‍්ඛුං උදපාදි “යං කිඤ‍්චි සමුදයධම‍්මං, සබ‍්බන‍්තං නිරොධධම‍්මන‍්ති.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිතැති ඒ මහණ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්තේ ය. මේ අගාථක සූත්‍රය දෙසනු ලබන කල්හි ඒ මහණහට “යමක් හටගැනීම ස්වභාව කොට ඇත්තේ නම් ඒ සියල්ල නැසෙන සුලුය” යි. පහ වූ රජස් (කෙලෙස්) ඇති පැහැ වූ (කෙලෙස්) මල ඇති දහම් ඇස පහළ වූයේ යි.