තතිය ඡඵස්සායතනසුත්තං
1. 7. 11.
1. 7. 11.
තතිය ඡඵස්සායතනසුත්තං
තතිය ඡඵස්සායතන සූත්‍රය
73. යො හි කොචි භික්ඛවෙ, භික්ඛු ඡන්නං ඵස්සායතනානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානාති, අවුසිතං තෙන බ්රහ්මචරියං, ආරකාව සො ඉමම්හා ධම්මවිනයාති.
73. මහණෙනි, යම් කිසි මහණෙක් සවැදෑරුම් ඵස්සායතනයන්ගේ සමුදයත් අත්ථගමයත් අස්සාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ නො දනී ද, ඔහු විසින් බඹසර නො වසන ලදි. හේ මෙසස්නෙන් බැහැරැ වූයේ ම වෙයි.
එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච: එත්ථාහං භන්තෙ, පනස්සස්සං, අහඤ්හි භන්තෙ ඡන්නං ඵස්සායතනානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානාමීති.
මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළ් ය: වහන්ස, “මෙහි ලා මම දැඩි සේ නටුයෙම් වෙමි. වහන්ස, මම සවැදෑරුම් ඵස්සායතනයන්ගේ සමුදයත් අත්ථගමයත් අස්සාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ නො දනිමි” යි.
තං කිම්මඤ්ඤසි භික්ඛු, “චක්ඛුං නිච්චං වා අනිච්චං වා”ති. අනිච්චං භන්තෙ. යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති. දුක්ඛං භන්තෙ. යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලන්නු තං සමනුපස්සිතුං “එතං මම එසො’හමස්මි එසො මෙ අත්තා”ති. නො හෙතං භන්තෙ -පෙ-
මහණ, ඒ කිමැයි හඟිහි ද? ඇස නිත්‍ය වේ ද? නො හොත් අනිත්‍ය වේ ද? වහන්ස, අනිත්‍ය ය. යමක් අනිතය නම් එය දුක් වේ ද? නොහොත් සුව වේ දැ යි. වහන්ස, දුක් ය. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් “මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්ම ය” යි දක්නට නිසි වේ දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය. ...
ජිව්හා “නිච්චා වා අනිච්චා වා”ති. අනිච්චා භන්තෙ. -පෙ- මනො නිච්චො වා අනිච්චො වාති. අනිච්චො භන්තෙ. යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති. දුක්ඛං භන්තෙ. යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලන්නු තං සමනුපස්සිතුං “එතං මම එසො’හමස්මි එසො මෙ අත්තාති. නො හෙතං භන්තෙ,
දිව නිත්‍ය වේ ද? නොහොත් අනිත්‍ය හෝ වේ දැ යි. වහන්ස, අනිත්‍ය ය ... සිත නිත්‍ය වේ ද? නොහොත් අනිත්‍ය වේ දැ යි. වහන්ස, අනිත්‍ය ය. යමක් අනිතය නම් එය දුක් වේ ද? නොහොත් සුව හෝ වේ දැ යි. වහන්ස, දුක් ය. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් “මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය” යි දක්නට නිසි වේ දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය.
එවං පස්සං භික්ඛු සුතවා අරියසාවකො චක්ඛුස්මිම්පි නිබ්බින්දති, සොතස්මිම්පි නිබ්බින්දති, ඝානස්මිම්පි නිබ්බින්දති, ජිව්හායපි නිබ්බින්දති, කායස්මිම්පි නිබ්බින්දති, මනස්මිම්පි නිබ්බින්දති.
මහණ, මෙසේ දක්නාසුලු ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක ඇසෙහි දු කලකිරෙයි. කනෙහි දු කලකිරෙයි. නැහැයෙහි දු කලකිරෙයි. දිවෙහි දු කලකිරෙයි. කයෙහි දු කලකිරෙයි සිතෙහි දු කලකිරෙයි.
නිබ්බින්දං විරජ්ජති විරාගා විමුච්චති විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාතීති.
කලකිරෙනුයේ නො ඇලෙයි. නො ඇලුම් හෙයින් මිදෙයි. මිදුණු කල්හි මිදුනේ යයි දැනීම වෙයි. ජාතිය ක්ෂය වූවා ය. බඹසර වැස නිමවන ලදි. රහත් බව පිණිස කළ යුතු දෑ කරන ලදි. මේ (රහත්) බව පිණිස (කළයුතු) අනෙකක් නැතැ යි දැනගනී යි.
මිගජාලවග්ගො සත්තමො.
සත්වැනි මිගජාලවර්ග යි.
තස්සුද්දානං:
එහි සූත්‍රනාමාවලිය:
මිගජාලෙන ද්වෙ වුත්තා චත්තාරො ච සමිද්ධිනා උපසෙනො උපවාණො ච ඡඵස්සායතනිකා තයො.
මිගජාල නමින් දෙකෙක් ද සමිද්ධි නමින් සතරෙක් ද උපසේන උපවාණ යයි දෙකෙක් ද ඵස්සායතනික සූත්‍ර තුනෙක් ද කියන ලදහ.