7. මිගජාලවග්ගො අට්ඨකථා
7. මිගජාල වර්ගය
1. මිගජාලසුත්තවණ්ණනා
1. මිගජාල සූත්‍ර වර්ණනාව
මිගජාලවග්ගස්ස පඨමෙ චක්ඛුවිඤ්ඤෙය්යාති චක්ඛුවිඤ්ඤාණෙන පස්සිතබ්බා. සොතවිඤ්ඤෙය්යාදීසුපි එසෙව නයො. ඉට්ඨාති පරියිට්ඨා වා හොන්තු මා වා, ඉට්ඨාරම්මණභූතාති අත්ථො. කන්තාති කමනීයා. මනාපාති මනවඩ්ඪනකා. පියරූපාති පියජාතිකා. කාමූපසංහිතාති ආරම්මණං කත්වා උප්පජ්ජමානෙන කාමෙන උපසංහිතා රජනීයාති රඤ්ජනීයා, රාගුප්පත්තිකාරණභූතාති අත්ථො. නන්දීති තණ්හානන්දී. සංයොගොති සංයොජනං. නන්දිසංයොජනසංයුත්තොති නන්දීබන්ධනෙන බද්ධො. අරඤ්ඤවනපත්ථානීති අරඤ්ඤානි ච වනපත්ථානි ච. තත්ථ කිඤ්චාපි අභිධම්මෙ නිප්පරියායෙන “නික්ඛමිත්වා බහි ඉන්දඛීලා සබ්බමෙතං අරඤ්ඤ”න්ති (විභ· 529) වුත්තං, තථාපි යං තං “පඤ්චධනුසතිකං පච්ඡිම”න්ති (පාරා· 654) අරඤ්ඤකඞ්ගනිප්ඵාදකං සෙනාසනං වුත්තං, තදෙව අධිප්පෙතන්ති වෙදිතබ්බං. වනපත්ථන්ති ගාමන්තං අතික්කමිත්වා මනුස්සානං අනුපචාරට්ඨානං, යත්ථ න කසීයති න වපීයති. වුත්තම්පි චෙතං –
මිගජාල වර්ගයේ පළමු වැන්නෙහි - චක්ඛු විඤ්ඤෙය්‍ය යනු චක්ෂුර් විඥානයෙන් දැකිය යුතු දේ යන අදහසයි. සෝත විඤ්ඤෙය්‍ය ආදියෙහිදී ද මේ ක්‍රමය ම වේ. ඉට්ඨා යනු ප්‍රියජනක වේවා හෝ නොවේවා හෝ ප්‍රිය අරමුණුවලට හේතුවන දේවල් යන අදහසයි. කන්ත යනු ප්‍රිය වූ යන අදහසයි. මනාප යනු සිත් අලවන යන අදහසයි. පියරූපි යනු මනෝඥ රූප යන අදහසයි. කාමුපසංහිතා යනු අරමුණු කොට උපදින්නාවූ කාමයෙන් යුක්ත වූ යන අදහසයි. රජනීය යනු සිත් අලවන්නාවු, රාගය ඉපදීමට හේතු වූ යන අදහසයි. නන්දී යනු තෘෂ්ණාවෙන් සතුටු වීමයි. සඤ්ඤාගො යනු එක්වීමයි. නන්දි සඤ්ඤොජන සම්ප යුත්තො යනු තෘෂ්ණාව නම් වූ බැම්මෙන් බඳින ලදුයේ යන අදහසයි. අරඤ්ඤෙ වන පන්ථානි යනු වනාන්තර හා ඈත පිහිටි වන ආශ්‍රමයන් යන අදහසයි. කෙසේ වෙතත් නගරයේ සීමාව දක්වන කණුවෙන් බැහැරට පිට වූ විට ඇති ප්‍රදේශ සියල්ලම ආරණ්‍ය යයි කියනු ලබන බව අභිධර්මයෙහි ඍජුවම සඳහන් වේ. එසේ වුව ද ඊතලයක් දුවන දුර මෙන් පන්සිය වාරයක් වූ දුරක් දක්වා ආරණ්‍ය සේනාසනය යයි කියන ලදී. මෙහි දී එයම අදහස් කරන ලද්දේයයි දත යුතුයි.
“වනපත්ථන්ති දූරානමෙතං සෙනාසනානං අධිවචනං. වනපත්ථන්ති වනසණ්ඩානමෙතං, වනපත්ථන්ති භිංසනකානමෙතං, වනපත්ථන්ති සලොමහංසානමෙතං, වනපත්ථන්ති පරියන්තානමෙතං, වනපත්ථන්ති අමනුස්සූපචාරානං සෙනාසනානමෙතං අධිවචන”න්ති (විභ· 531).
වනපත්ථං යනු ගම් කෙළවර ඉක්මවා ඇති මිනිස් ඇසුරෙන් තොර තැනකි. එහි සී සෑම නොකෙරේ. ධාන්‍ය වැපිරීම නොකෙරේ. වන පත්ථං යනු සෙනසුන්වලින් ඈත් වූ ස්ථානයකට වෙනත් වදනක් යයි ද කියන ලද්දේ වෙයි. වන පත්ථ යනු වන රොදටද, හිංසා කරන්නවුනට ද. ලොමුදැහැගැන්වීම් කරන්නවුනට ද. පර්යන්ත ප්‍රදේශවලට ද, අමනුෂ්‍යයන්ගෙන් ගහණ වූ සෙනසුන් වලටද වෙනත් වදනකි.
එත්ථ ච පරියන්තානන්ති ඉමං එකං පරියායං ඨපෙත්වා සෙසපරියායෙහි වනපත්ථානි වෙදිතබ්බානි. පන්තානීති පරියන්තානි අතිදූරානි. අප්පසද්දානීති උදුක්ඛලමුසලදාරකසද්දාදීනං අභාවෙන අප්පසද්දානි. අප්පනිග්ඝොසානීති තෙසං තෙසං නින්නාදමහානිග්ඝොසස්ස අභාවෙන අප්පනිග්ඝොසානි. විජනවාතානීති සඤ්චරණජනස්ස සරීරවාතවිරහිතානි. මනුස්සරාහස්සෙය්යකානීති මනුස්සානං රහොකම්මස්ස අනුච්ඡවිකානි. පටිසල්ලානසාරුප්පානීති නිලීයනසාරුප්පානි.
මෙහි පරියන්තානං යන මේ එකම පදය හැර සෙසු සමානාර්ථවත් පදවලින් වනයෙන්ම දත යුත්තේය. පන්නානි යනු ඉතා දුර වූ පර්යන්ත ප්රදේශයන්ය. අප්ප සද්දානි - වංගෙඩි මෝල් ගස් ආදියේ හඬ නැති බැවින් අප්ප සද්දානි යයි කියන ලදී. අප්ප නිග්ඝොසානි - ඒ ඒ ලිහිල් හඬ හා මහත් වූ හඬ නැති වීමේ හේතුවෙන් අප්ප නිග්ඝොස යයි කියන ලදී. විජනවාතානි යනු සැරිසරන ජනයාගේ සිරුරු පහස ලැබු වාතය නැති යන අදහසයි. මනුස්ස රාහසෙය්යකානි යනු මිනිසුන්ගේ රහස් කටයුතුවලට යෝග්‍ය වූ යන අදහසයි. පටිසල්ලාන සාරුප්පානි යනු සැඟවී සිටීමට සුදුසු යන අදහසයි.
2. දුතිය මිගජාලසුත්තවණ්ණනා
2. දුතිය මිගජාල සූත්‍ර වර්ණනාව
දුතියෙ නන්දිනිරොධා දුක්ඛනිරොධොති තණ්හානන්දියා නිරොධෙන වට්ටදුක්ඛස්ස නිරොධො.
දෙවැන්නෙහි - නන්දිනිරොධා දුක්ඛ නිරොධො යනු තෘෂ්ණාවගේ නිරුද්ධ වීම (නැතිවීම) හේතුකොට ගෙන දුඃඛචක්රයේ (හෙවත් පවත්නා දුකෙහි) නිරෝධය සිදු වේ යන අදහසයි.
3-5. සමිද්ධි-මාරපඤ්හසුත්තාදිවණ්ණනා
3-5. සමිද්ධි මාරපඤ්හ ආදි සූත්‍ර වර්ණනා
තතියෙ සමිද්ධීති අත්තභාවස්ස සමිද්ධතාය එවං ලද්ධනාමො. තස්ස කිර ථෙරස්ස අත්තභාවො අභිරූපො අහොසි පාසාදිකො, උක්ඛිත්තමාලාපුටො විය අලඞ්කතමාලාගබ්භො විය ච සබ්බාකාරපාරිපූරියා සමිද්ධො. තස්මා සමිද්ධිත්වෙව සඞ්ඛං ගතො. මාරොති මරණං පුච්ඡති. මාරපඤ්ඤත්තීති මාරොති පඤ්ඤත්ති නාමං නාමධෙය්යං. අත්ථි තත්ථ මාරො වා මාරපඤ්ඤත්ති වාති තත්ථ මරණං වා මරණන්ති ඉදං නාමං වා අත්ථීති දස්සෙති. චතුත්ථං උත්තානමෙව, තථා පඤ්චමං.
තෙවැන්නෙහි - සමිද්ධි ශරීරයේ සොඳුරු බව නිසා මෙම නාමය ලැබී ඇත. ඒ තෙරුන්ගේ වනාහී සිරුර ඉතා රූමත් විය. ප්‍රසාද ජනක විය. ඔසවන ලද මල් කළඹක් මෙන් විය, සරසන ලද මල් ගැබක් මෙන් විය. හැම අයුරින්ම පරිපූර්ණ වූයේ ද සමෘද්ධිමත් ද විය. එබැවින් “සමිද්ධි” යනුවෙන්ම නම භාවිතයට පත් විය. මාරො යනු මරණයයි. මාර පඤ්ඤත්ති යනු මාර යනුවෙන් නාමය ව්‍යවහාරයට පත් විය යන්නයි. අත්ථි මාරොච මාර පඤ්ඤත්තිච යනු එහි මරණය හෝ මරණං යන මේ නාමය හෝ ඇතැයි දැක්වේ යන අදහසයි. සිවු වැන්න පහසුය. පස්වැන්න ද එසේමය.
6. සමිද්ධි-ලොකපඤ්හසුත්තවණ්ණනා
6. සමිද්ධි ලොකපඤ්හ සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ ලොකොති ලුජ්ජනපලුජ්ජනට්ඨෙන ලොකො. ඉති මිගජාලත්ථෙරස්ස ආයාචනසුත්තතො පට්ඨාය පඤ්චසුපි සුත්තෙසු වට්ටවිවට්ටමෙව කථිතං.
සය වැන්නෙහි - ලොකො = විනාස වන්නේය යන අරුතින් “ලෝකය” නම් වේ. මෙසේ මිගජාල තෙරුන්ගේ ආයාචන සූත්‍රයේ පටන් එන සූත්‍ර පහේම සසරෙහි පැවැත්ම හා නැවැත්ම කියන ලදී.
7. උපසෙනසුත්තවණ්ණනා
7. උපසෙන සූත්‍ර වර්ණනාව
සත්තමෙ සීතවනෙති එවංනාමකෙ සුසානවනෙ. සප්පසොණ්ඩිකපබ්භාරෙති සප්පඵණසදිසතාය එවංලද්ධනාමෙ පබ්භාරෙ. උපසෙනස්සාති ධම්මසෙනාපතිනො කනිට්ඨභාතිකඋපසෙනත්ථෙරස්ස. ආසීවිසො පතිතො හොතීති ථෙරො කිර කතභත්තකිච්චො මහාචීවරං ගහෙත්වා ලෙණච්ඡායාය මන්දමන්දෙන වාතපානවාතෙන බීජියමානො නිසීදිත්වා දුපට්ටනිවාසනෙ සූචිකම්මං කරොති. තස්මිං ඛණෙ ලෙණච්ඡදනෙ ද්වෙ ආසීවිසපොතකා කීළන්ති. තෙසු එකො පතිත්වා ථෙරස්ස අංසකූටෙ අවත්ථාසි. සො ච ඵුට්ඨවිසො හොති. තස්මා පතිතට්ඨානතො පට්ඨාය ථෙරස්ස කායෙ දීපසිඛා විය වට්ටිං පරියාදියමානමෙවස්ස විසං ඔතිණ්ණං. ථෙරො විසස්ස තථාගමනං දිස්වා කිඤ්චාපි තං පතිතමත්තමෙව යථාපරිච්ඡෙදෙන ගතං, අත්තනො පන ඉද්ධිබලෙන “අයං අත්තභාවො ලෙණෙ මා විනස්සතූ”ති අධිට්ඨහිත්වා භික්ඛූ ආමන්තෙසි. පුරායං කායො ඉධෙව විකිරතීති යාව න විකිරති, තාව නං බහිද්ධා නීහරථාති අත්ථො. අඤ්ඤථත්තන්ති අඤ්ඤථාභාවං. ඉන්ද්රියානං වා විපරිණාමන්ති චක්ඛුසොතාදීනං ඉන්ද්රියානං පකතිවිජහනභාවං. තත්ථෙව විකිරීති බහි නීහරිත්වා ඨපිතට්ඨානෙ මඤ්චකස්මිංයෙව විකිරි.
සත්වැන්නෙහි - සීතවන එසේ නම ඇති සොහොන් වනාන්තරයකි. සප්ප සොණ්ඩික පබ්භාර නයකුගේ පෙණයට සමාන බැවින් මෙසේ නම ලැබී ඇති පර්වත ගුහාවෙහි උපසෙනස්ස: දම්සෙනෙවි (සැරියුත්) මහ තෙරුන්ගේ කණිටු සොයුරු උපසේන තෙරුන්ගේ ආසී විසෙන පතිතො හොති: තෙරුන් වහන්සේ වනාහී කරන ලද බත් කිස ඇත්තේ (හෙවත් දන් වැළදුයේ) ප්‍රධාන සිවුර ගෙන ලෙණේ සෙවණෙහි. මඳ මඳ වශයෙන් ජනේලයෙන් එන වාතයෙන් පවන් වැදීම ලබමින් හිඳ දෙපට සිවුරෙහි මැස්මක් කරති. එවේලෙහි ලෙණේ පියස්සේ සර්ප පෝතකයෝ දෙදෙනෙක් ක්‍රීඩා කරමින් සිටියහ. ඔවුන්ගෙන් එකෙක් වැටී තෙරුන් ගේ උරහිසෙහි රැඳුනේය. ඒ සර්පයා ද ස්පර්ශයෙන් විෂ ඇතුල් කරන්නෙකි. එබැවින් (සර්පයා) වැටුණ තැනෙහි සිට තෙරුන්ගේ සිරුරෙහි පහන් සිළුවක් පහන් තිරය මැඩ පවත්වා ගෙන සිටින්නා සේ සිරුරට විස ඇතුල් විය. තෙරුන් වහන්සේ විස ගමන් කරන ආකාරය දැක කෙසේ හෝ සර්පයාගේ වැටීමේ සිට විස පැතිරීමේ අවසානය දක්වා තමාගේ සෘද්ධි බලයෙන් රැකෙමින් මේ ශරීරය ලෙන තුළ විනාස නො වේවායි අදිටන් කොට භික්ෂූන් හට ආමන්ත්‍රණය කළහ. පුරායං කායො ඉධෙව විකිරති = යම් තාක් (සිරුර) නො විසිරේ ද ඊට පෙර එය බැහැරට ගෙන යන්න යන අදහසයි. අඤ්ඤථත්තං = වෙනත් ස්වභාවයක් ඉන්ද්රියානං විපරිණාමං - ඇස් කන් ආදී ඉඳුරන්ගේ මුල් ස්වභාවය ඉවත් වීමයි. තත්ථෙව විකිරී = බැහැරට ගෙන ගොස් තබන ලද ස්ථානයෙහි සයනයෙහි ම විසිරී ගියේය.
8. උපවාණසුත්තවණ්ණනා
8. උපවාණ සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ රූපප්පටිසංවෙදීති නීලපීතාදිභෙදං ආරම්මණං වවත්ථාපෙන්තො රූපං පටිසංවිදිතං කරොති, තස්මා රූපප්පටිසංවෙදී නාම හොති. රූපරාගප්පටිසංවෙදීති කිලෙසස්ස අත්ථිභාවෙනෙව පන රූපරාගං පටිසංවිදිතං කරොති නාම, තස්මා රූපරාගප්පටිසංවෙදීති වුච්චති. සන්දිට්ඨිකොතිආදීනි විසුද්ධිමග්ගෙ වුත්තත්ථානෙව. නො ච රූපරාගප්පටිසංවෙදීති කිලෙසස්ස නත්ථිභාවෙනෙව න රූපරාගං පටිසංවිදිතං කරොති නාම, තස්මා “නො ච රූපරාගප්පටිසංවෙදී”ති වුච්චති. ඉමස්මිං සුත්තෙ සෙඛාසෙඛානං පච්චවෙක්ඛණා කථිතා.
අට වැන්නෙහි - රූප පටිසංවෙදී = නීල පීත ආදී වශයෙන් වෙනස් වූ (රූප) අරමුණු වෙන් කරමින් රූපය විඳ ගැනීමක් කරයි ද ඒ හේතුවෙන් “රූප පටි සංවේදී” නම් වේ. රූප රාග පටිසංවේදී ක්ලේශයන් පැවතීමේ හේතුව නිසාම රූපයෙහි ඇලීම වින්දනය කරයිද, ඒ හේතුවෙන් “රූපරාග පටිසංවේදී” ක්ලේශයන් පැවතීමේ හේතුව නිසාම රූපයෙහි ඇලීම වින්දනය කරයිද, ඒ හේතුවෙන් “රූපරාග පටි සංවේදී” යයි කියනු ලැබේ. සන්දිට්ඨිකො = සන්දිට්ඨිකො යන ආදිය විසුද්ධි මග්ගයෙහි කියා විස්තර කළ ආකාරයෙන්ම වන්නේය. නොච රූප රාග පටිසංවේදී = කෙළෙස් නැති බැවින්ම. රූපයෙහි ඇලීම වින්දනය කර ගැනීම යන මේ කරුණ සිදු නොවන්නේ වේ. ඒ නිසාම (නො ච රූප රාග පටිසංවේදී හෙවත්) රූපයෙහි ඇලීම වින්දනය කිරීම නොවන්නේමය යනුවෙන් කීව යුතු වේ. මේ සූත්‍රයෙහි නො රහතුන් හා රහතුන් (රූපාදී අරමුණු) නුවණින් සලකා බලන අයුරු කියන ලදී.
9. පඨම ඡඵස්සායතනසුත්තවණ්ණනා
9. පඨම ඡඵස්සායතන සූත්‍ර වර්ණනාව
නවමෙ ඵස්සායතනානන්ති ඵස්සාකරානං. අවුසිතන්ති අවුට්ඨං. ආරකාති දූරෙ. එත්ථාහං, භන්තෙ, අනස්සසන්ති, භන්තෙ, අහං එත්ථ අනස්සසිං, නට්ඨො නාම අහන්ති වදති. භගවා – “අයං භික්ඛු ‘අහං නාම ඉමස්මිං සාසනෙ නට්ඨො’ති වදති, කින්නු ඛ්වස්ස අඤ්ඤෙසු ධාතුකම්මට්ඨාන-කසිණකම්මට්ඨානාදීසු අභියොගො අත්ථී”ති චින්තෙත්වා, තම්පි අපස්සන්තො – “කතරං නු ඛො කම්මට්ඨානං ඉමස්ස සප්පායං භවිස්සතී”ති චින්තෙසි. තතො “ආයතනකම්මට්ඨානමෙව සප්පාය”න්ති දිස්වා තං කථෙන්තො තං කිං මඤ්ඤසි භික්ඛූතිආදිමාහ. සාධූති තස්ස බ්යාකරණෙ සම්පහංසනං. එසෙවන්තො දුක්ඛස්සාති අයමෙව වට්ටදුක්ඛස්සන්තො පරිච්ඡෙදො, නිබ්බානන්ති අත්ථො.
නව වැන්නෙහි ඵස්සායතනානං යනු ස්පර්ශ කාරක ස්ථානයන්ගේ යනු අදහසයි. අවුසිතං වාසය නොකළ ආරක දුරින් එත්ථාහං භන්තෙ අනස්සාසිං “ස්වාමීනි, මම මේ සස්නෙහි සැනසීමක් නො ලැබුවෙමි, මම විනාස වූයේ වෙමි”යි කියයි. භාග්‍යවතුන් වහන්සේ “මේ භික්ෂුව මේ සස්නෙහි” මම විනාස වූයේ වෙමි යි කියයි, කිම්ද? මොහුට (පඨවි ආදී) ධාතු කර්මස්ථාන කසිණ ආදියෙහි නො ගැළපීමක් ඇත්තේදැයි” සිතා එබන්දක් ද නො දක්නා හු, කවර නම් කමටහනක් මොහුට සුදුසු වන්නේදැයි සිතූහ. ඉක්බිති (චක්ෂුරාදී අධ්‍යාත්මික ආයතන සය ද රූපා දී බාහිර ආයතන සයද වශයෙන් දොළොස් ආකාර වූ) ආයතන කර්මස්ථානයම සුදුසු යයි දැක ඒ බව කියන්නෝ තං කිං මඤ්ඤසි භික්ඛු (මහණ ඔබ කුමක් කියන්නෙහිද) යන ආදිය වදාළහ. සාධු යනු එම පැහැදිලි කිරීමට සතුට ප්‍රකාශ කිරීමයි. ඒසේවන්තෝ දුක්ඛස්ස යනු මෙයම පවත්නා දුකෙහි කෙළවරය. සිඳී යාමය. නිවනය යන අදහසයි.
10. දුතිය ඡඵස්සායතනසුත්තවණ්ණනා
10. දුතිය ඡඵස්සායතන සූත්‍ර වර්ණනාව
දසමෙ අනස්සසන්ති නස්සසිං, නට්ඨො නාමම්හි ඉච්චෙව අත්ථො. ආයතිං අපුනබ්භවායාති එත්ථ ආයතිං අපුනබ්භවො නාම නිබ්බානං, නිබ්බානත්ථාය පහීනං භවිස්සතීති අත්ථො.
දස වැන්නෙහි - අනස්සාසිං යනු “සැනසුමක් නොලැබු වෙමි. විනාසවූයේ වෙමි” යන අදහසයි. ආයතිං අපුන බ්භවාය මෙහි මතු පුනර්භවයක් නැත, නිවන ලැබේ යන අදහසයි. නො ඉපදීම සඳහා (කෙළෙස්) ප්‍රහීන වන්නේය යන අදහසයි.
11. තතිය ඡඵස්සායතනසුත්තවණ්ණනා
11. තතිය ඡඵස්සායතන සූත්‍ර වර්ණනාව
එකාදසමෙ අනස්සසන්ති නට්ඨො, පනස්සසන්ති අතිනට්ඨො. සෙසං වුත්තනයෙනෙව වෙදිතබ්බන්ති.
එකොළොස් වැන්නෙහි පනස්සස්සං යනු විනාශ වූයේ, අතිශයින්ම විනාශ වූයේ යන අදහසයි. සෙස්ස (පෙර) කියන ලද පරිද්දෙන්ම දත යුත්තේය.
මිගජාලවග්ගො සත්තමො.
දෙවන මිගජාල වග්ගය නිමියේය.