මිගජාලසුත්තං
1. 7. 1.
1. 7. 1.
මිගජාලසුත්තං
මිගජාල සූත්‍රය
63. සාවත්ථියං–
63. සැවැත්නුවර–
අථ ඛො ආයස්මා මිගජාලො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා මිගජාලො භගවන්තං එතදවොච:
ඉක්බිති ආයුෂ්මත් මිගජාල තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් මිගජාල තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ.
“එකවිහාරී එකවිහාරී”ති භන්තෙ වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ එකවිහාරී හොති? කිත්තාවතා ච පන සදුතිය විහාරී ච හොතීති? සන්ති ඛො මිගජාල, චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අභිනන්දතො අභිවදතො අජ්ඣොසාය තිට්ඨතො උප්පජ්ජති නන්දී, නන්දියා සති සාරාගො හොති සාරාගෙ සති සඤ්ඤොගො හොති. නන්දිසඤ්ඤොජන සඤ්ඤුත්තො ඛො මිගජාල භික්ඛු සදුතිය විහාරීති වුච්චති. සන්ති ඛො මිගජාල ජිව්හාවිඤ්ඤෙය්යා රසා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අභිනන්දතො අභිවදතො අජ්ඣොසාය තිට්ඨතො උප්පජ්ජති නන්දී. නන්දියා සති සාරාගො හොති, සාරාගෙ සති සඤ්ඤොගො හොති. නන්දිසඤ්ඤොජන සඤ්ඤුත්තො ඛො මිගජාල භික්ඛු සදුතිය විහාරීති වුච්චති. -පෙ-
වහන්ස, “ඒකවිහාරී ඒකවිහාරී” (එකලා ව වසනසුලු) යයි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් ඒකවිහාරී වේ ද? කෙතෙකින් සදුතියවිහාරීත් (දෙවැන්නකු සමඟ වසනසුලුත්) වේ දැ? යි. මිගජාල, ඇසින් දතයුතු ඉටු අරමුණු වූ සිත්කලු වූ මනවඩන්නා වූ ප්‍රිය ස්වභාව ඇති (ක්ලේශ) කාමයෙන් යුක්ත වූ රැඳිය යුතු වූ රූ ඇත. ඉදින් මහණ තෙමේ එය පතා ද, ගුණවනා ද, (එහි) ගැලී සිටී ද, එය පතන ගුණවනන (එහි) ගැලී සිටින ඔහුට තෘෂ්ණාව උපදී. තෘෂ්ණාව ඇති කල්හි දැඩිඇල්ම වේ. දැඩිඇල්ම ඇති කල්හි බැඳුම වේ. මිගජාල, තෘෂ්ණා බැම්මෙන් බැඳුණු මහණ තෙමේ සදුතියවිහාරී යයි කියනු ලැබේ. මිගජාල ඉටු අරමුණු වූ සිත්කලු වූ මනවඩන ප්‍රියස්වභාව ඇති කාමයෙන් යුක්ත වූ රැඳියයුතු දිවින් දතයුතු රස ඇත. ඉදින් මහණ තෙමේ එය පතා ද, ගුණවනා ද, (එහි) ගැලී සිටී ද, එය පතන ගුණවනන ගැලී සිටින ඔහුට තෘෂ්ණාව උපදී. තෘෂ්ණාව ඇති කල්හි, දැඩිඇල්ම වේ. දැඩිඇල්ම ඇති කල්හි බැඳුම වේ. මිගජාල, තෘෂ්ණා බැඳුමෙන් බැඳුණු මහණ තෙමේ සදුතියවිහාරි යයි කියනු ලැබේ ...
සන්ති ඛො මිගජාල, මනොවිඤ්ඤෙය්යා ධම්මා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අභිනන්දතො අභිවදතො අජ්ඣොසාය තිට්ඨතො උප්පජ්ජති නන්දී, නන්දියා සති සාරාගො හොති, සාරාගෙ සති සඤ්ඤොගො හොති. නන්දිසඤ්ඤොජනසඤ්ඤුත්තො ඛො මිගජාල, භික්ඛු සදුතිය විහාරීති වුච්චති.
මිගජාල, ඉටුඅරමුණු වූ සිත්කලු වූ මනවන ප්‍රියස්වභාව ඇති කාමයෙන් යුතු වූ රැඳිය යුතු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ තෙමේ එය පතා ද, ගුණ කියා ද, ගැලී සිටී ද, එය පතන ගුණවනන ගැලී සිටින ඔහුට තෘෂ්ණාව උපදී. තෘෂ්ණාව ඇති කල්හි දැඩිඇල්ම වේ. දැඩිඇල්ම ඇති කල්හි බැඳුම වේ. මිගජාල, තෘෂ්ණා බැම්මෙන් බැඳුණු මහණ සදුතියවිහාරී ය යි කියනු ලැබේ.
එවං විහාරී ච මිගජාල භික්ඛු කිඤ්චාපි අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවති අප්පසද්දානි අප්පනිග්ඝොසානි විජනවාතානි මනුස්සරාහසෙය්යකානි පටිසල්ලානසාරුප්පානි, අථ ඛො සදුතියවිහාරීති වුච්චති. තං කිස්ස හෙතු? තණ්හා හිස්ස දුතියා, සාස්ස අප්පහීනා. තස්මා සදුතිය විහාරීති වුච්චති.
මිගජාල, මෙසේ වසනසුලු වූ ද මහණ තෙමේ ශබ්ද රහිත වූ ඝෝෂ රහිත වූ ජනහසරින් උපදනා පවන් රහිත වූ මිනිසුන්ගේ රහස් ක්‍රියාවන්ට සුදුසු වූ එකලා ව විසුමට සුදුසු වූ වනසෙනසුන් ද වනප්‍රස්ථ (=මනුෂ්යෝපචාරයෙන් ඈත) සෙනසුන් ද ප්‍රාන්ත (=මනුෂ්‍යවාසයෙන් ඉතා ඈත) සෙනසුන් ද සෙවුනේ නමුදු සදුතිය විහාරී යයි කියනු ලැබේ. ඒ කවර හෙයින යත්: තෘෂ්ණාව ඔහුගේ දෙවැන්නා ය. ඔහුගේ ඒ තෘෂ්ණාව ප්‍රහීණ නොවූවා ය. එහෙයින් සදූතිය විහාරී යයි කියනු ලැබේ.
සන්ති ඛො මිගජාල, චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු නාභිනන්දති නාභිවදති න අජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අනභිනන්දතො අනභිවදතො අනජ්ඣොසාය තිට්ඨතො නන්දී නිරුජ්ඣති, නන්දියා අසති සාරාගො න හොති, සාරාගෙ අසති සඤ්ඤොගො න හොති. නන්දිසඤ්ඤොජනවිසඤ්ඤුත්තො ඛො මිගජාල, භික්ඛු එකවිහාරීති වුච්චති. -පෙ-
මිගජාල, ඉටු අරමුණ වූ සිත්කලු වූ මනවඩන ප්‍රියස්වභාවය ඇති කාමයෙන් යුතු වූ රැඳිය යුතු ඇසින් දතයුතු රූ ඇත. ඉදින් මහණ තෙමේ එය නොපතා ද, නොවනා ද, ගැලී නො සිටී ද, එය නොපතන නොවනන ගැලී නොසිටින ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. තෘෂ්ණාව නැති කල්හි දැඩිඇල්ම නො වේ. දැඩිඇල්ම නැති කල්හි බැඳුම නො වේ. මිගජාල, තෘෂ්ණා බැම්මෙන් නො බැඳුණු මහණ ඒකවිහාරී යයි කියනු ලැබේ ...
සන්ති ච ඛො මිගජාල ජිව්හාවිඤ්ඤෙය්යා රසා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, තඤ්චෙ භික්ඛු නාභිනන්දති නාභිවදති න අජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අනභිනන්දතො අනභිවදතො අනජ්ඣොසාය තිට්ඨතො නන්දි නිරුජ්ඣති, නන්දියා අසති සාරාගො න හොති. සාරාගෙ අසති සඤ්ඤොගො න හොති. නන්දිසඤ්ඤොජනවිසඤ්ඤුත්තො ඛො මිගජාල භික්ඛු එකවිහාරීති වුච්චති. -පෙ-
මිගජාල, ඉටුඅරමුණු වූ සිත්කලු වූ මනවඩන ප්‍රියස්වභාවය ඇති කාමයෙන් යුතු වූ රැඳිය යුතු දිවෙන් දතයුතු රස ඇත. ඉදින් මහණ තෙමෙ එය නො පතා ද ගුණ නො කියා ද, ගැලී නො සිටී ද, එය නො පතන ගුණ නො කියන ගැලී නො සිටින ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. තෘෂ්ණාව නැති කල්හි දැඩිඇල්ම නො වේ. දැඩිඇල්ම නැති කල්හි බැඳුම් නො වේ. මිගජාල, තෘෂ්ණා බැම්මෙන් නොබැඳුණු මහණ තෙමේ ඒකවිහාරී යයි කියනු ලැබේ.
සන්ති ච ඛො මිගජාල මනොවිඤ්ඤෙය්යා ධම්මා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, තඤ්චෙ භික්ඛු න අභිනන්දති න අභිවදති න අජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අනභිනන්දතො අනභිවදතො අනජ්ඣොසාය තිට්ඨතො නන්දි නිරුජ්ඣති, නන්දියා අසති සාරාගො න හොති. සාරාගෙ අසති සඤ්ඤොගො න හොති. නන්දිසඤ්ඤොජන විසඤ්ඤුත්තො ඛො මිගජාල භික්ඛු එකවිහාරීති වුච්චති.
මිගජාල, ඉටුඅරමුණු වූ සිත්කලු වූ මනවඩන ප්‍රියස්වභාවය ඇති කාමයෙන් යුතු වූ රැඳියයුතු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ තෙමේ එය නො පතා ද, ගුණ නොකියා ද, ගැලී නොසිටී ද, එය නොපතන ගුණ නොකියන ගැලී නොසිටින ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. තෘෂ්ණාව නැති කල්හි දැඩිඇල්ම නො වේ. දැඩිඇල්ම නැති කල්හි බැඳුම නො වේ. මිගජාල, තෘෂ්ණා බැඳුමෙන් නොබැඳුණු මහණ තෙමේ ඒකවිහාරී ය යි කියනු ලැබේ.
එවං විහාරී ච මිගජාල භික්ඛු කිඤ්චාපි ගාමන්තෙ විහරති ආකිණ්ණො භික්ඛූහි භික්ඛුණීහි උපාසකෙහි උපාසිකාහි රාජූහි රාජමහාමත්තෙහි තිත්ථියෙහි තිත්ථියසාවකෙහි, අථ සො එකවිහාරීති වුච්චති තං කිස්ස හෙතු? තණ්හා හිස්ස දුතියා, සාස්ස පහීනා, තස්මා එකවිහාරීති වුච්චතීති.
මිගජාල මෙසේ වෙසෙනුලුසු මහණ ඉදිනුදු මහණුන්ගෙන් මෙහෙණන්ගෙන් උවසුන්ගෙන් උවැසියන්ගෙන් රජුන්ගෙන් රජමහා ඇමැතියන්ගෙන් තොටුවන්ගෙන් තොටුසව්වන්ගෙන් ගැවසීගන්නා ලද්දේ ග්‍රාමාන්ත සෙනසුන්හි වෙසේ ද එහෙත් ඒකවිහාරී යයි කියනු ලැබේ. ඒ කවර හෙයින යත්: තෘෂ්ණාව ඔහුගේ දෙවැන්න ය. ඔහුගේ ඒ තෘෂ්ණාව ප්‍රහීණ වූවා ය. එහෙයින් ඒකවිහාරී යයි කියනු ලැබේ යි.