යෙදුමෙන් කියවන්න

දුතිය සබ‍්බුපාදානපරියාදානසුත‍්තං

1. 6. 10.

1. 6. 10.

දුතිය සබ‍්බුපාදානපරියාදානසුත‍්තං

දුතියසබ්බුපාදානපරියාදාන සූත්‍රය

62. සාවත්‍ථියං–

62. සැවැත්නුවර–

සබ‍්බුපාදානපරියාදානාය වො භික‍්ඛවෙ, ධම‍්මං දෙසිස‍්සාමි. තං සුණාථ. කතමො ච භික‍්ඛවෙ, සබ‍්බුපාදානපරියාදානාය ධම‍්මො?

මහණෙනි, සියලු උපාදානයන් ක්‍ෂය කිරීම පිණිස වූ ධර්‍මය තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, සියලු උපාදානයන් ක්‍ෂය කිරීම පිණිස වූ ධර්‍මය කවරේ ද යත්:

තං කිම‍්මඤ‍්ඤථ භික‍්ඛවෙ, චක‍්ඛු නිච‍්චං වා අනිච‍්චං වාති? අනිච‍්චං භන‍්තෙ. යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති? දුක‍්ඛං භන‍්තෙ. යං පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං කල‍්ලන‍්නු තං සමනුපස‍්සිතුං “එතං මම, එසො හමස‍්මි, එසො මෙ අත‍්තා”ති? නොහෙතං භන‍්තෙ.

මහණෙනි, ඒ කිමැයි හඟිහු ද? ඇස නිත්‍ය ද නොහොත් අනිත්‍ය දැ? යි. වහන්ස, අනිත්‍ය ය. යමක් අනිත්‍ය නම් එය දුක් හෝ සුව හෝ වේ දැ යි. වහන්ස, දුක් වෙයි. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය “තෙල මාගේ ය, තෙල මම වෙමි. තෙල මාගේ ආත්ම ය” යි. දක්නට සුදුසු දැ යි. වහන්ස, මෙය නොවේ ම ය.

රූපා නිච‍්චා වා අනිච‍්චා වා ති? අනිච‍්චා භන‍්තෙ. -පෙ- චක‍්ඛුවිඤ‍්ඤාණං -පෙ- චක‍්ඛුසම‍්ඵස‍්සො -පෙ- යම‍්පිදං චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං -පෙ- තම‍්පි -පෙ- සොතං -පෙ- සද‍්දා -පෙ- සොතවිඤ‍්ඤාණං -පෙ- සොතසම‍්ඵස‍්සො -පෙ- යම‍්පිදං සොතසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං -පෙ- තම‍්පි -පෙ- ඝානං -පෙ- ගන්‍ධා -පෙ- ඝානවිඤ‍්ඤාණං -පෙ- ඝානසම‍්ඵස‍්සො -පෙ- යම‍්පිදං ඝානසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං -පෙ- තම‍්පි -පෙ- කායො -පෙ- කායවිඤ‍්ඤාණං -පෙ- කායසම‍්ඵස‍්සො -පෙ- යම‍්පිදං කායසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං -පෙ- තම‍්පි -පෙ- මනො -පෙ- ධම‍්මා -පෙ- මනොවිඤ‍්ඤාණං -පෙ- මනොසම‍්ඵස‍්සො -පෙ- යම‍්පිදං මනොසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා, තම‍්පි නිච‍්චං වා අනිච‍්චං වාති? අනිච‍්චං භන‍්තෙ. යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වා ති? දුක‍්ඛං භන‍්තෙ. යං පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං කල‍්ලන‍්නු තං සමනුපස‍්සිතුං: “එතං මම, එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා”ති? නොහෙතං භන‍්තෙ.

රූප නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ දැ යි. වහන්ස, අනිත්‍ය ය. චක්ඛුවිඤ්ඤාණය ... චක්ඛුසම්ඵස්සය … චක්ඛුසම්ඵස්සය නිසා යම් වේදනායෙක් උපදී නම් එ ද … සෝතය … සද්දය … සෝතවිඤ්ඤාණය … සෝතසම්ඵස්සය … සෝතසම්ඵස්සය නිසා යම් වේදනාවක් උපදී නම් එ ද .... ඝානය … ගන්‍ධය ... ඝාණවිඤ්ඤාණය ... ඝානසම්ඵස්සය … ඝානසම්ඵස්සය නිසා යම් වේදනාවෙක් උපදී නම් එ ද ... කායය ... ඵොට්ඨබ්බය … කායවිඤ්ඤාණය … කායසම්ඵස්සය … කායසම්ඵස්සය නිසා යම් වේදනායෙක් උපදී නම් එ ද ... චිත්තය ... ධම්මය ... මනෝවිඤ්ඤාණය ... මනෝසම්ඵස්සය … මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එ ද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ දැ යි. වහන්ස, අනිත්‍ය ය. යමක් අනිත්‍ය නම් එය දුක් හෝ සුව හෝ වේ දැ යි. වහන්ස, දුක් ය. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය තෙල මාගේ ය, තෙල මම වෙමි. තෙල මාගේ ආත්මය යි දක්නට සුදුසු දැ යි. වහන්ස, මෙය නොවේ ම ය.

එවං පස‍්සං භික‍්ඛවෙ, සුතවා අරියසාවකො චක‍්ඛුස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, රූපෙසුපි නිබ‍්බින්‍දති, චක‍්ඛුවිඤ‍්ඤාණෙපි නිබ‍්බින්‍දති, චක‍්ඛුසම‍්ඵස‍්සෙපි නිබ‍්බින්‍දති. යම‍්පිදං චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තස‍්මිම‍්පි නිබ‍්බින්‍දති -පෙ- යම‍්පිදං මනොසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තස‍්මිම‍්පි නිබ‍්බින්‍දති. නිබ‍්බින්‍දං විරජ‍්ජති, විරාගා විමුච‍්චති, විමුත‍්තස‍්මිං විමුත‍්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායාති පජානාති. අයං ඛො භික‍්ඛවෙ, සබ‍්බුපාදානපරියාදානාය ධම‍්මොති.

මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ චක්ඛුයෙහිත් කලකිරෙයි. රූපයන්හිත් කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. චක්ඛුසම්ඵස්සයෙහිත් කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එහිත් කලකිරෙයි … මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි, නොඇල්මෙන් මිදෙයි. මිදුණුකල්හි මිදුණේ යයි දැනීම වෙයි. ජාතිය ක්‍ෂය වූ ය. බඹසැර වැස නිමවන ලද සිවුමග කටයුතු කරන ලද, මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී. මහණෙනි, මේ සියලු උපාදානයන් ක්‍ෂය කිරීම පිණිස වූ ධර්‍මය යි.

අවිජ‍්ජාවග‍්ගො ඡට‍්ඨො.

සවැනි අවිජ්ජා වර්‍ගය යි.

තස‍්සුද‍්දානං:

එහි සූත්‍රනාමාවලිය:

අවිජ‍්ජා සඤ‍්ඤොජනා ද‍්වෙ ආසවා අපරෙ දුවෙ, අනුසයෙන ද‍්වෙ වුත‍්තා පරිඤ‍්ඤා ද‍්වෙ පරියාදින‍්නෙ තෙදසාති.

අවිජ්ජා සූත්‍රය සඤ්ඤෝජනසූත්‍ර දෙක ය, අනෙක් ආස්‍රව සූත්‍ර දෙක ය, අනුසය නමින් කියන ලද සූත්‍රදෙක ය, පරිඤ්ඤා සූත්‍රය, පරියාදාන සූත්‍රදෙකය යි ඔහු දශයෙකි.